2014/12/01




ඉගුරු දීලා මිරිස් ගන්න
හතර යවලා දොලහ ගන්න
පේලී පේලී පේලී සැදී පස්සෙන් එන්න

ෆයිල් එක්ක මොනවත් බෑ
කල දේවල් මතකත් නෑ
එහෙට යන්ද මෙහෙට යන්ද හිතාගන්ට බෑ

එහෙන් ආවා මෙහෙන් ගියා
එහෙට පැන්නා මෙහෙට පැන්නා
උන් හිටිතැන් උපන්ගෙයක් මට මතකත් නෑ

ජහ මනයා හොරා කෑවා
කොමිස් ගැහුවා පගා ගැහුවා
ලන්සු වැටෙන මැති සල්පිලේ උන්ට වැලිව් නෑ

ගෙබි නාටක නරි වාදන
මික්ස් ‍ෆෘට් හා කැද හැලියක්
පට්ට පතුරු කාර්නිවල් ඒකේ ෆන් අඩුවක් නෑ

නයා මුගටි ලවු කරනවා
කිස් කරනවා වැලද ගන්නවා
ඊට පස්සේ මොනා උනත් කොටු හින්දා ඒවා පේන් නෑ