2011/12/01

ඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැන


ඔබ ගැන මගේ හිතේ තිබුන ආදරේ ගැන
ඔබ මිස වෙන කවුරුවත්ම දන්නෑ ඒ ගැන
ඔබ ගැන මිස හිතන්නේ නැහැ වෙන කෙකු ගැන
ඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැන

ඔබෙන් වෙන්ව ගෙවු සෑම තත්පරේ පවා
ඔබ නොදන්නවාට ඔබට ආදරේ කලා
ඔබෙන් ලැබුණු හාදුවේ සුව හදවතේ තියා
ඔබෙන් වෙන්ව ගියෙ දෑසේ කදුලු සගවලා

ඔබෙන් වෙන්ව හිටියත් දුර ඈතකට වෙලා
ඔබත් ඒක්ක ඉන්න ගොඩක් හීන බල බලා
ඔබෙන් ලැබුණු ඡායා රුව දිහා නෙතු හෙලා
ඔබෙන් ලෑබෙන සෙනේ විදිමි තනිව තනි වෙලා