2010/12/23

2022 ලෝක පාපන්දු කුසලානය කටාර් රාජ්ය ය හා අපි (1 කොටස)

දෙසැම්බර් මස දෙවන දින සවස 5ට පමන අපේ ආයතන ප්‍රධානියාගේ කාමරයෙන් පෙරදිනක නොවී විරූ ලෙස මහා හඩකින් අප ප්‍රධානියා කෑමොර දෙන හඩ ඇසීමත් සමග මාද බංග්ලාදේශ ජාතිකයකුද දුවගෙන ගියේ ඔහුට පපුවේ කැක්කුමක් හෝ අසනීප තත්වයක් ඇති වී ඇතැයි සැක සිතීමෙනි. නමුත් එහි සිදු වූ දෙයින් අප නෙත් අදහා ගත නොහැකි විය. හංකිති කැවුවත් සිනා ගැස්සවිය නොහැකි මට්ටමේ පෞර්ෂයකින් හෙබි ඔහු කුඩා ළදරුවකු මෙන් දරා ගත නොහැකි සන්තෝසයකින් සිහි විකලව පරළ වූ වකු මෙන් නට නටා සිටිනු දැකීමෙන් මට නෙත් අදහා ගත නොහැකි විය. "සර් ඔබ හොද සනීපෙන්ද?" මා විමසා සිටියේ මෙය බලාගෙන සිටිනු නොහැකි තැනය. "ගිහී අපි දින්නා ගිහී අපි දින්නා..." ගිහී යනු ඔහු මා අමතන ආකාරයයි.

"මොකක්ද සර් මැච් එක" මා ඇසුවෙමි. "මැච් එකක් නෙවෙයි ගිහී 2022 ලෝක පාපන්දු කුසලානය අපේ රටට හම්බ වුනා". මම තවත් අවුලෙන් අවුලට පත් වුෙණමි. 2022 කේ ලෝක පාපන්දු කුසලානය 2012 දී ගන්නේ කොහොමද? "සර් මට තේරුනේ නැහැ". ඉන්පසු පියවි සිහියට එළබි ඔහු අග සිට මුලට තේරුම් බේරුම් කර දුන්නේ 2022 ලෝක පාපන්දු කුසලාන තරගාවලීය සංවිධානය කිරීමේ අවස්ථාව ඉතිහාසයේ ප්‍රථම වතාවට අරාබි රටකට ලැබීමත් ඒ දුර්ලබ අවස්ථාව කාටාර් රාජ්‍යය සතු වීමත් යන කාරනාය. මට ඒක ඒ හැටි වැදගත් කාරනයක් නොවුනත් ලොක්කාගේ සතුටේ බරපතලකම හේතුවෙන් ඔහුට සුබ පතා අවුල් වූ හිසින් යුතුව මගේ අසුනට වීමි.

ඉන්පසු ඔහු හතර අතට කෝල් කර කර සුබපතා ගන්නා අාකාරය ඔහුගේ කාමරයෙන් ඇසෙන අතර අගනගර මධ්‍යෙය් ගොඩනැගිල්ලක පිහිටියත් නිස්කලංක අප කාර්යාලයේ නිහඩ බව බිදිමින් පරිසර වටපිටාවද වෙනස් වෙන බවක් තේරුනෙන් අප ජනෙල තිර එහෙ මෙහෙ කරමින් නගරය දෙස බැලීමු. නගරය කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් පෙනුණි. ඉතා විශාල මාර්ග තදබදයකි. වාහන හෙල්ලෙන බවක් නොපෙනෙයි. සැම අතම වාහන නලා හඩින් ගිගුරුම් දෙයි. ජන ගංගාවෝ ප්‍රීති ගෝෂා නගති. ධජපතාක ළෙලවති. මහත් වූ විපරියාසයකි.

5 comments:

  1. 2018 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල අපිට ලැබුණම අපිත් බලමු.

    ReplyDelete
  2. පොදු රාජ්ය් මණ්ඩල ක්රීේඩා උළෙලට ඉස්සර ලෝක කුසලාන ක්‍රිකකට් තරගාවලීයවත් හරියට කර ගත්තොත් ඇති. දැන්ම ඒකෙත් අසවිංධානාත්මක බවේ මං සලකුණු පහල වෙමින් පවතිනවා නේද විකියා?

    ReplyDelete
  3. ඔකට කියන්නේ තමන්ගේ රටේ කැක්කුම කියලා.. එක හැම මනුස්සෙක්ට ම තියෙනවා...අනිවර්යෙනම..එ කේනා දුප්පත් පොහොසත් උනත් එකයි..

    ReplyDelete
  4. හිහ්.. හොඳම වැඩේ කියන්නෙ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අපේ රටේ තියනවයි කියල දන්නෙත් මම ඊයෙ පෙරෙයිදා :)
    ඒක අහලත් ඔහොම කික් එකක් නං ආවෙ නෑ...
    නා ගන්නෙ නැතුව ගොඩ දාගත්තොත් ඇති යන්තන් කියල තමයි හිතුණෙ ;) හී හී

    ReplyDelete
  5. ඒක නම් ඇත්ත නිම්ෂා
    ආහ් සප්නා ලෝක කුසලාන ක්රිාකට් තරගාවලීය කීවට අපි තනියම නෙවෙයි කරන්නේ. ඉන්දියාවයි ලංකාවයි බංග්ලාදේශ් යන රටවල් 3නම එකතු වෙලා කරන්නේ. ලංකාවේ තියෙන්නේ තරග කිහිපයක් පමනයි. ආරම්භක තරගය තියෙන්නෙත් බංග්ලාදේශේ. අවසාන තරගය තියෙන්නේ ඉන්දියාවේ. අපිට තියෙන තරග 12යි.

    ReplyDelete

ඇත්තම කියන්න