2011/05/17

දෝහා සිට වවුනියාවට

සෑහෙන කාලයකට පස්සේ මේ පැත්තට ආවේ. දෝහා ඉදන් නිවාඩුවකට ලංකාවට ආවට නිවාඩුව ඉවර කරලා ආපහු යන්න හිත නොදුන්න තැන මෙහෙ රැකියාවකට ඇප්ලයි කරන්න කියලා හිතලා ටොප්ජොබ් එක පැත්තේ රවුමක් ගැහුවහම වේකන්සියක් දිලිසි දිලිසි තිබුණා. ඒකට සීවි එක සෙන්ඩ් කලාම හෙට ඉන්ටර්වීව් එන්න කියලා කෝල් කලා. ඉන්ටවීව් ගියහම හෙට රාජකාරියට වාර්ථා කරන්න පුළුවන්ද ඇහුවාහම ඒකත් ඕකේ කියලා රාජකාරියට වාර්ථා කලා. දැන් සහෘදයා වවුනියාවේ. වවුනියාවේ කිවුවට වවුනියාවේ කැලෑවක‍.

අළුතෙන්ම පටන් ගත්ත ව්යායපෘතියක් නිසා තවම ඉන්ටර්නෙට් නැහැ. අපි ඉන්න ඉසවුවට ජීඑස්එම් තරංගත් ඉතාම දුර්වලයි. SMS වලින් තමයි පුද්ගලික සන්නිවේදන කටයුතු දැනට කරකියා ගන්නේ. රාජකාරී කටයුතු සදහා CDMA පිහිටයි. මම හරිම ආසාවකින් හිටියේ මේ පැත්තේ ජීවන අත්දැකීමක් ලබා ගන්න‍. ඒ නිසා එක පයින් කැමති වෙලා පහුවදාම රැකියාවට වාර්ථා කලා. මාසයක් තුළ පරස්පර සමාජස්ථරයන් දෙකක් අතර වෙනස අත්දැකීමක්ව විද ගන්න අවස්ථාව මට උදා උනා.

දෝහා වල ඉද්දී ඉතාම කාර්යබහුල මෙන්ම නාගරික හා අර්ධ සු‍ඛෝපබොගි ජීවන රටාවකට හුරුව සිටි මා දැන් වවුනියාවේ කැලයක නිහඩ නිසංසල හුදකලා ජීවන රටාවකට හැඩගැහෙමින් සිටිනෙමි. මා හුදකලාව ප්රි යකරන්නෙක් වන බැවින් මේ වෙනස ඉතාම තෘප්තියෙන් වැළද ගත්තෙමි.

ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න නම් වවුනියාවේ ටවුමටම එන්න සිදුවෙයි. ටවුමේ සිට සෑහෙන දුරකින් අප සිටින හෙයින් දිනපතා ටවුමට පැමීණිමට අවස්ථාවක් නැහැ.

මේ පාරත් කවි මඩුව ඉතාම උත්සවත් ශ්රිමයෙන් පැවැත්වීමට ලාංකීය සිතිවිලි කටයුතු සංවිධානය කරමින් සිටින බවක් දැනගන්නට ලැබුණා. නමුත් මේ පාර මට කවියක් කියන්න අවස්ථාවක් නැති වීම ගැන හරිම කනගාටුයි. සිංහල බ්ලොග්වාසී සියළු සහෘදයන් කවිමඩුව හා ඒකාත්මික වී දින දින අළුත් අළුත් වැඩ කරන ලාංකීය සිතිවිලි මේ සංවිධානය කරන්නට යෙදුනාවූ මේ මහගු සංවිධාන සත්කාර්යයට සහයෝගය දී ඔබගේ කවීත්වය දියුණු තියුණු කර ගනිමින් මිනිස්කම් සහෘද හිතවත් කම් වඩ වඩවා ගනිමින් කවියේ මිහිර පහස සුවය අත් විදින මෙන් සහෘදයා සහෘද ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර මෙවර කවි මඩුවෙන් ගිය වර 3500ක් වු කවි පංති මෙන් දෙගුනයක කවි සයිබර් අවකාශයට එකතු වන ඉතාම සාර්ථකම කවි මඩුවක් බවට පත්වේවා යැයි මා එක් සිතින් සුබාශිංෂණ ප්රාවර්ථණා කර සිටිමි.

ඒ වගේම ගිය වර කවිමඩුවේ පෙරළි කල අපේ ඉළංදාරියා අද මහනුවර මහරෝහලේ ගිලන්ව සිටින බවත් අමතක කරන්න එපා. මේ දැන් මා ඔහුගේ මල්ලිට කෝල් කල අවස්ථාවේ ඔහු පැවසුවේ ඉලංදාරියා මහනුවර මහ රෝහලේ ICU එකේ ඉතාම අසාධ්යේ තත්වයක ගිලන්ව සිටින බවයි. වෛද්යරවරුන් පවසා ඇත්තේ ඔවුන්ගේ සියළු ක්රිෙයාකාරකම් සිදුකර අවසන් බවයි. මේ වෙසගේ ඔබ යනනෙන වෙහෙර විහාරයන් හී අපේ සහෘද ඉලංදාරියා වෙනුවෙන් ප්රාඅර්ථනා කරන්න. ඔහු නැවත මේ බ්ලොග් අවකාශයේ සිටුවා තබන්න ඔහුගේ දෙසවන් පිනවා දෙන්න ඔබගේ ප්රාඅර්ථනාවන් ඔහු වෙනුවෙන් කැප කරන්න. මාගේ වර්චුවල් මිතුරා සයිබර් යායේ ඉලංදාරියා උබ ආපහු දෙපයින් නැගිටින්න ඕනේ. උබේ කවි අපිව පිනවන්න ඕනේ. උබගේ විහිළු තහළු වලින් අපි හිනස්සවන්න ඔනේ. ඒ නිසා කොල්ලෝ උබ හැකි විගහින් නිදුක් වේවා. නිරෝගි වේවා. සුවපත් වේවා.

7 comments:

  1. ඔව්..... ඉලන්දාරියා වෙනුවෙන් අපි ඔහුට ඉක්මනට නිරෝගි සුව පතමු.

    ඔබේ අලුත් රැකියාවටත් මගෙන් උණුසුම් සුභ පැතුම්!!!

    ReplyDelete
  2. ඉලංදාරි මල්ලි ගැන ගොඩක් දුකයි.උඩමලුවට(ශ්‍රීමහ බෝධියට)ගිහින් මම් ඒ වෙනුවෙන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නම්.

    අය්යගෙ අලුත් රෑකියාවට සුබ පැතුම්.

    ReplyDelete
  3. දිලුම් ට ඉක්මනින් සුව වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්තනා කරමු.

    ඔයාගේ අලුත් අලුත් රැකියාවට ත් සුභ පැතුම් ගීත්...
    තව දවස් තියනවා නේ කවි මඩුවට.එකම එක කවියක් ලියන්න හරි එන්න බලන්න.:)))

    ReplyDelete
  4. ඔබේ හිතැඟි පරිදි කරන අලුත් රස්සාව වෙනුවෙන් සුබ පැතුම්!

    ඉලං මලයා ගැන මූණ පොතේ දැමූ විස්තරය දැක්කේ වැඩකරන අතර තුරදී. ඒ මලයා වෙනුවෙන් මා දිනපතා සෙත් පතනවා, අපෙන් කරන්න පුලුවන් දේ වගේම කලයුතු දෙයත් එයයි.

    ඒකායන අරමුණක් වෙනුවෙන් කරන පැතුමක බල බොහෝය, ඒ ගැන දැනුවත් කල ඔබටත් පිං.

    ReplyDelete
  5. අප්පේ.. අයියණ්ඩි එහෙනම් ගියේ නෑ ආයෙත්.. එල එල...

    ඉලංදාරියා වෙනුවෙන් අපි පුලුවන් උපරිමය ඉටු කරමුකෝ...!!

    ReplyDelete
  6. නියමයි අයියා මමත් රට ඉන්නෙ මටත් දැන් ඵපා වෙලා මමත් ඵනවා ලංකාවට ඕන දෙයක් වෙච්වේ කියලා

    ReplyDelete
  7. අලුත් රස්සාවට, නවාතැනට උණුසුම් සුබ පැතුම්.
    කට පුරා හිනා වෙලා සුබ පතන්න බෑ.
    ඉලංදාරියා අපි හැමෝවම දාල ගිහින් නිසා.
    මේ පාර කවි මඩුවට අපිට යන්න වෙන්නෙත් නෑ. වැඩ අධිකයි..
    ලබන පාරවත් බලමු.

    ReplyDelete

ඇත්තම කියන්න