2009/11/17

මල්වර උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඉදිරි පරම්පරාවටත් රැකගන්නවාද?


සති දෙකකින් විතර මොකවත් ලියන්න බැරි වුනා. මොකද සහෘදයා රාජකාරි මට්ටමින් කාර්යය බහුලත්වයකට පත් වෙලා හිටිය නිසා. ලියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. අද ලියුව එක නම් ටිකක් දෙගෙඩියාවෙන් ලියුවේ. මොකද මේ වගේ මාතෘකාවක් පිලිබදව කථා කරන්න මට තියෙන අයිතිය මොකද්ද තියන එක පිළිබදව කවුරු හරි ප්‍රශ්ණ කරන්න ඉඩ තියෙන නිසා. මම දන්නෙත් නැහැ මට ඇති අයිතිය මොකද්ද කියලා නමුත් හිතන්න තහන්චි නැති මුත් ලියන්න තහන්චි නැති මුත් මාගේ සිතිවිලි කුමක් අරබයා සගවා ගෙන සිටිම් ද?

මට මේ කථාව ලියන්න හිතුනේ ලග දී දැක්ක මල්වර වීමේ උත්සවයක් නිසා. ගැහැණු ළමයෙක් වැඩැවියට පත් වෙලා ලග ගෙදරක. ඉතින් ඒ ගෙදර ලොකු පාටියක්. හරියට 1st class වෙඩින් එකක් වගේ. එදා රෑ අපිට නින්දක් නැහැ. තුන්ලෝකෙටම ඇහෙන්න මෙලෝ රහක් නැති දඩ බඩ DJ එකකට කට්ටියම හොද පදමට දාගෙන හූ කිය කිය ජෝගි නටනවා. මට අනේ අපොයි කියලා හිතුනා. පව් අර අසරණ දැරීවි.

ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වීම යනු එම දැරිවියගේ ශරීර අභ්‍යන්තර මූලික ශරීරයේ වෙනස් කම් කිහිපයක් ඇතිවීමකි. නැතහොත් එම තැනැත්තියගේ ශරීරය ප්‍රජනන ක්‍රියාවලීයට පූර්ව සූදානම් බව ජීව විද්ය්‍යාත්මකව හැගවීමකි. එම ජීව විද්ය්‍යාත්මක ක්‍රියාවලීය මූලික කරගෙන රෝත්ත බුරුත්ත පිරිවරා සැමරීට තරම් දෙයක් ඇති බවක් නම් මට පෙනෙන්නට නැත.

අඩු වයසින් වැඩිවියට පත් වන අවස්ථා වර්ථමානයේ සුලබ දෙයක් බවට පත්ව තිබේ. එයට හේතු වශයෙන් අධික තෙල් ආහාර හා කෘතීම ආහාර චර්යාවන්ට හුරු වීමත් ලිංගික උත්තේජනයන් ඇති කරන්නා වූ සමාජීය සාධක ත් බලපාන බැවු සමාජ විද්ය්‍යාඥයින්ගේ මතයයි. කෙසේ නමුත් වයසින්ද මනසින්ද ළදරු වයසින් වැඩිවියට පත් වීම යනු එම දරුවාට තේරුමක් ගෙන නොදෙන්නක් විය හැකිය. ඒ වගේම සහෝදරයින් පියා හා පිරිමි ඇසුරින් ඈත් කිරීමෙන් ද දවස් ගනන් කාමරයකට දමා කාමර අඩස්සියේ තැබීමෙන් ද පිලි ආහාර සහිත ආහාර රටාවන් වෙනස් කිරීමෙන්ද තමාව දැඩි පාලනයක ලක් කර ඇති බවද එම සෙල්ලක් කාර වයසට දරා ගැනීමට නොහැකි විය හැකිය. එසේම එය ළමා මනසට දැඩි වෙහෙසකර වූත් මානසික ආතතියක් ඇති කරන්නා වූත් ක්‍රියාවලක් වීමට ද පුළුවන.

අපට චාරිත්‍ර වාරිත්‍ර ගතිගුන හා ගුණාංගයන් ලැබෙන්නේ අපගේ දෙමාපියන් ඇතුළු වැඩැහිටියන්ගෙනි. මෙවැනි මල් වර උත්සව හා චාරිත්‍ර වාරිත්‍ර ඒ කාලයට සුදුසු බසුබිමක් තියෙන්න ඇති. එකල සමාජයන් මේ තරම් සංකීර්ණ නැත. ඒ වගේම ඒකල නිසි වයසට අනූව එවැනි මල්වර වීම් සිදුවෙන්නටත් ඇති. එම සිදුවීමට අදාලව භාහිර සමාජයෙන් වෙන් කර තබන්න ඇත්තේ එම ජීව විද්ය්‍යාත්මක ක්‍රියාවලීය තුල ඉතාමත් කෙටි දින කිහිපයක් ඇතුලත එම තැනැත්තියගේ ශරීරයේ හැඩය වෙනස්වීම (ලැම ඉස්සීම) වැනි ක්‍රියා නිසා සමාජය ඉදිරියේ එම තැනැත්තිය අපහසුතාවයකට පත් වෙතැයි සිතා විය යුතුය. තවද ප්‍රථම වතාවට සිදුවන රුධිර ක්‍රියාවලීය නිසා එයට හැඩගැසීම උදෙසාත් ඇය එම දින කිහිපය නිවාස අඩස්සියේ තබා ගැනීම සාධාරන හේතුවක් විය හැකි නමුත් ඇය ගෙදර තුලත් කාමරයකට කොටු කර තැබීම කෙතරම් සාධාරනදැයි සිතීය යුතුය. තවද පුද්ගලික සනීපාරක්ෂාව ඉතාම ඉහල මට්ටමක තබා ගත යුතු මෙම දින කිහිපය තුල ස්නානයට පවා අවසර නොදී නැකත් දිනයක් උදාවන තුරු සිර මැදිරියක මෙන් රදවා තැබීමද පිළී ආහාර නොදීමද කොතෙක් දුරකට නිෂ්ඵල ක්‍රියාවක් ද හා කොතෙක් දුරකට සාධාරන ක්‍රියාවක් දැයි සිතීය යුතුය.

මෙවැනි තත්වයක් ඇතිවුන විට සිදුවිය යුත්තේ ඇ‍ගේ අම්මා හෝ වැඩිහිටි කාන්තාවක් විසින් එම එම තත්වය පිලිබදවත් එය ඇතිවීමට හේතුත් මින් ඉදිරියට ඈ හැසිරිය යුතු ආකාරයනුත් හා එම තත්වයට අදාල සියළු කරුණු කාරනා තේරුම් බේරුම්කර දී ඇය පිරිසිදු කර සාමාන්‍ය ලෙස හැසීරීමට උපදෙස් දීමය. එසේ නොමැතිව බරපතල අපරාධයක් කල තැනැත්තියක මෙන් සිරගත කිරීම හෝ ඇග බැදී හෝ ජෝගී නැටීමට කාරනයක් කර ගැනීම නොකල යුතුය.

මෙලොව වෙසෙන සෑම ස්ත්‍රියක් පාහේ මුහුණ දෙන මෙම අවස්ථාව විශේෂ කාරනයක් කර ගෙන එය සමරන්න තරම් දෙයක් නැති බව දැන දැනත් තවමත් අප ඒ හා බැදි මෙම නිෂ්ඵල චාරිත්‍ර වාරිත්‍ර සියල්ල සුරකින්නේ ඇයි දැයි මට නම් නොහැගෙයි. අප අපගේ පරම්පරාවන් වලින් ලැබුණු චාරිත්‍ර වාරිත්‍ර රැකගෙන අපගේ ඉදිරි පරම්පරාවන් හටත් ලබා දිය යුතුය. එය අපගේ යුතුකමකි. නමුත් අපට ලැබෙන සියල්ල විමසීමකින් හෝ වග විභාගයකින් තොරවම අප ඉදිරියට ගෙන යා යුතුද? අපගේ දූවරුන් ද මෙලෙස වධ බන්ධනයකට ලක් කල යුතු බව ඔබත් සිතනවාද?

9 comments:

  1. ela machan kiyanna tiyandeval kelin katakalata

    ReplyDelete
  2. මා ජීවත් වූ ගමේ මල්වර උත්සවය විවාහ උත්සවයක් වගේ ගන්න හේතුව, සමහර ගැහැණු ළමුන් විවාහ නොවී, පැනලා යාම සිඳුවන නිසා ය. ඒ හෙයින් දෙමාපියන් මෙසේ ගැහැණු දරුවන් මල්වර වූ විට මගුල් ගෙයක් මෙන් කටයුතු කරයි. එහෙත් මල්වර චාරිත්‍රවල මූලික අරමුණ, අභිනයන සිරිතක් ලෙස, ගැහැණු දරුවා ගේ පරිපූර්ණ වැඩිම සමාජයට දැන්වීම සහ පෞද්ගලික ලෙස ගැහැණු දරුවා වෙත ස්වකීය ශාරීරික වෙනස සමඟ ඇති වූ සමාජ සම්බන්ධතාවයන්ගේ වෙනස පෙන්වීම යි. ඒ හෙයින් ඔබගේ යෝජනාව අගෙයි. එසේ ම සමාජය වෙත ළමයා පරිපූර්ණ කන්තාවක් වූ බව දැක්වීමට යම් ආකාර වතක් ද අවැසි වේ.

    ReplyDelete
  3. ඒ කථාවනම් මමත් අහල තියෙනවා. ඉස්සර කාලේ කෝමත් පැනල යන සීන් නේ වැඩිහරියක් තිබිලා තියෙන්නේ. මොකද ඉස්සර කාන්තා පාර්ශවයේ සමාජීය දැනුම පිරිමි පාර්ශවයේ දැණුමට වඩා අඩුව පැවතිලා තියෙන නිසා ආදරවන්තයා යමන් බන් අද රැට කිවුවනම් දෙපාරක් නොහිතා ඇදුම් ටික ලැහැස්ති කරගන්නවා ය කියලයි මම අහලා කියවලා තියෙන්නේ. ඒ අතින් අර විදිහේ උත්සවයක් ගන්න එකේ අසාධාරනය කුත් නැහැ තමයි. ඒත් ඉන් කියවෙන්නේ තමාගේ දරුවා තමාට විශ්වාස නැහැය කියලා නේද? නමුත් වර්ථමානයේ ඒ පැනල යන ප්‍රවනතාවය අහන්න ලැබෙනවා අඩුයි නේද? මොකද අද කාන්තාව පිරිමි තරමටම සමාජීය දැණුමින් පිරිපුන්. ඉතින් දැන් පැනල යාවී කියලා සැකයෙන් ගන්න මල්වර උත්සවය අවලංගු කරන්න කාලය හරි නේද?

    ReplyDelete
  4. මේ ලිපිය හොදයි.. ඒත් අපේ රටේ සංස්කෘතයත් එක්ක බැදුනු සිරිත් විරිත් ඉවත් කරලා දාන්න කියනවා නම් මං ඒකට එතරම් කැමති නැහැ. ඒ වගේම තමයි දැන් කාලේ මේ මොස්තරේට ලොකු සංගීත සාජ්ජ තියලා සැමරුවට ඇත්තටම මල්වර මංගල්‍යය නැත්තං ඉසදිය මංගල්ලය කියන්නේ ගම් වල අලංකාර සිරිත් විරිත් රැසක් එක්ක බිහිවුනු සම්ප්‍රධායක්. අපේ රටේ අපි කාන්තාවන් වෙනුවෙන්ම පවත්වන එකම උත්සවය මං දන්න තරමින් ඉසදිය මංගල්‍යය පමණයි. මුලදි ඒක ආරම්භ උනේ පවුලේ වැඩිහිටියන් ගෙන් දැරිවියට ආශිර්වාද ලබා දීමෙන්. අද සොබනේට සද්ධ දාන්න ගිහිං කාඩ් කුඩු කරගන්න මිනිස්සු නිසා අපේ සිරිත් අමතක කල යුතුයි කියන එක මම පුද්ගලිකව අනුමත කරන්නේ නැහැ.

    ReplyDelete
  5. malee . . mama mechcharakal hitaagena hitiye isadiya mangallaya kiyanne maguldaata pahywadata ara sudu redda balanna yana ekata kiyala . . . naawana mangallaya kiyana wachane gaththoth isadiya mangallaya kiyana eka malwara magulata galapenawa . . .mona wunath hoda lipiyak geeth . .

    ReplyDelete
  6. මේ මාතෘකාව පිළිබදව පිරිමි අපේ අදහස්වලට වඩා යෝග්‍ය වන්නේ මාලි ලා වගේ ඒ අවස්වට මුහුණ දෙන අයගේ අදහස්.ඒ නිසා මේ පිලිබදව අදහස් දැක්වීම පිලිබදව මාලිට ස්තුති. ඒ වගේම මේ වගේ කාරනා සම්බන්ධව මුහුණට මුහුණ සාකච්චා කරනවා අඩුනිසාත් එය ප්‍රායෝගික නොවන කාරනයක් නිසාත් මේ වගේ ‍virtual අවකාශයක කථාබහ කිරීමට මැලිවිය යුතුත් නැහැ. මාලිගේ අදහස ඇත්ත අපි අපේ සංස්කෘතික අංග ආරක්ෂා කල යුතුයි ඊළග පරම්පරාවල් උදෙසා. නමුත් අපි අපට අවශ්‍ය නැතැයි කියලා සිතෙන දේවල් අතහැරීමේ වරදක් ඇද්ද කියා සිතීය යුතුත් වෙනවා නේද? මොකද ඒ ඒ කාලයන්ට සමාජ අනුරෑපීව ගොඩනැගුන සිරිත් විරිත් හා ගතිකත්වයන් වෙනත් සමාජයකට නොගැලපෙන්නත් පුළුවන් නේද? අපේ අත්තම්ලා සීයලා කාලේ දේවල් හෙට අපේ දූලා පුතාලට මුණූපුරු මිනිපිරියන්ට සිනහා සහගත දේවල් වෙන්නත් පුළුවන් නේද?

    ReplyDelete
  7. Shantha WijayamannaThursday, November 19, 2009

    එය උත්සව පැවැත්විය යුතු අවස්ථාවක් නොවේ. සාමාන්‍ය ජීවිතයේ එන ස්වාභාවික ක්‍රියාවලියක් පමණකි.
    පැරැන්නෝ විවාහයට සුදුසු දැරියක් ගෙදර ඉන්නා බව සමාජයට දන්වන්නට පැරණි සිරිත් පවත්වන්නට ඇත. දැරියටද සමාජමය වගකීමක් ඉදිරියේ ඇති බව තේරුම් ගන්වන්නට එම සිරිත් ඉටු කරන්නට ඇත. එහෙත් අද අධ්‍යාපනික මට්ටමින් එදාට වඩා දැරියන් පොහොසත්ය. ජීව විද්‍යාත්මක අවබෝධය අද ඔවුන් ලබා ඇත. එනිසා එම පැරණි චාරිත්‍ර වැඩි ප්‍රමාණයක් අවශ්‍ය ඒවා නොවේ. දැරියට ජීවිතයේ වගකීමක් ඇති කරනු පිණිස සාමාන්‍ය චාරිත්‍ර එක් දිනක් තුල ඉටු කිරීම සුදුසු වේ. කෙසේ වුවත් එය මංගල්‍ය උත්සව අවස්ථාවක් කර ගැනීම නම් කිසිසේත්ම උචිත නොවේ.

    ReplyDelete
  8. දැරියට නෑයන්ගෙන් තෑගි බෝග ලැබීමත්, උත්සවයක් පැවැත්වීමෙන් දෙමව්පියන්ට කීයක් හරි හොයාගැනීමට හැකිවීමත් මේවා තව දුරටහ් පවත්වාගන ඒමට හේතු වෙන්නත් ඇති...

    ReplyDelete
  9. Samantha RathanayakaMonday, November 23, 2009

    උත්සව පැවැත්විය යුතු අවස්ථාවක් නොවන බව මා ද එකග වෙමි.

    එය උත්සව පැවැත්විය යුතු අවස්ථාවක් නොවේ. සාමාන්‍ය ජීවිතයේ එන ස්වාභාවික ක්‍රියාවලියක් පමණකි.
    පැරැන්නෝ විවාහයට සුදුසු දැරියක් ගෙදර ඉන්නා බව සමාජයට දන්වන්නට පැරණි සිරිත් පවත්වන්නට ඇත. දැරියටද සමාජමය වගකීමක් ඉදිරියේ ඇති බව තේරුම් ගන්වන්නට එම සිරිත් ඉටු කරන්නට ඇත. එහෙත් අද අධ්‍යාපනික මට්ටමින් එදාට වඩා දැරියන් පොහොසත්ය. ජීව විද්‍යාත්මක අවබෝධය අද ඔවුන් ලබා ඇත. එනිසා එම පැරණි චාරිත්‍ර වැඩි ප්‍රමාණයක් අවශ්‍ය ඒවා නොවේ. දැරියට ජීවිතයේ වගකීමක් ඇති කරනු පිණිස සාමාන්‍ය චාරිත්‍ර එක් දිනක් තුල ඉටු කිරීම සුදුසු වේ. කෙසේ වුවත් එය මංගල්‍ය උත්සව අවස්ථාවක් කර ගැනීම නම් කිසිසේත්ම උචිත නොවේ.

    ReplyDelete

ඇත්තම කියන්න