2009/11/25

ඔබ විවාහ වන ව‍යසේද? එහෙනම් මේකත් කියවන්න.

ඔබ විවාහකයෙක්ද? ඔබ විවාහ මංගල්‍යය ජයටම ගත්තද? ඔබ කුකලන් කී දෙනෙක් බිලි දුන්නාද? ඔබ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙක්ද? ඔබ කුකුලන් කී දෙනෙක් බිලි දීමට බලාපොරොත්තු වන්නේද? ඔබේ ෆන් එකට අහිංසක කුකුල්ලු බයිට් ද?

කුකුලා අහිංසක සතෙකි. කුකුලන්ගේ ප්‍රධාන සතුරා කලවැද්දාය. නරියද ඉදහිට සතුරුකම් කරන්නේය. ඒ වුනාට මිනිසා තරම් කුකුලට සතුරු කම් කරන එකදු සතෙක් වත් නැත. මිනිසාගේ ප්‍රධාන මාංශ ආහාරය කුකුලන්ය. කුකුලකු හීනෙන් දැක්කත් කොට්ටය තෙමෙන්නම කෙල හලන්නේය. ඒ තරමටම අපේ ඇත්තන් කුකුලන්ට පෙරේතය. මේ තරම්ම මිනිසුන් කුකුල් මසට ලොබ ඇයි දැයි සහෘදයට තේරුම් නැත.

විවාහ මංගල්‍යයක් කීවොත් ඉතින් හදන බඩු ලිස්ට් එකේ උඩින්ම ලියවෙන්නේ කුකුලන්ගේ කිලෝ බරය. ඔබ ලොකුවට ගන්න යන්නේ ඇත්තටම විවාහ මංගල්යලයක්ද බිලි පූජා දෙන තොවිලයක් ද? තොවිලයක් කීවොත් ඉතින් එන පෙරේත කුම්භාන්ඩයන්ට බිල්ලක් නොදී දෙන ලෙඩ දුක් අන වින නැති කරගන්න බැහැය කියන වනේ. ඉතින් කෝකටත් හෙනරාජ තෛලේ වගේ කුකුලගේ කරුමේ. ඔබේ විවාහ උත්සවයට ඔබ ආරාධනා කරන්නේ කුම්භාන්ඩයන්ටද? නැතිනම් කුකුල් පෙරේතයන්ටද?

ස්වභාව ධර්මයට අනුවද ජෛව විද්‍යාවට අනූවද තව සතෙක් තව සතෙකුගේ ආහාරයෙකි. සැබෑය මිනිසාද සතෙකි. හැබැයි ආධ්‍යාත්මක ධර්මයන්ට අනුව නම් සත්ව ඝාතනයන්ට විරුද්ධය. "ආධ්‍යාතත්මක ධර්මයන්ට අනුව ඉතින් සියළු දේ සිතුවහොත් කන්න වෙන්නේ පස් තමයි". ඒ තමයි කුකුල් පෙරේතයන්ගේ ප්‍රධාන සටන් පාඨය. ගෞතමයන් වහන්සේද ආහාරය පිණිස මාංශ අනුබවය අකැපයි කියා නැත. නමුත් ප්‍රාන ඝාතනය අකුසලයක් ‍ලෙසත් ඒ පවු ගොනු බැදි රියසක මෙන් පසු පස එන බවත් පෙන්වා දුණි. උන්වහන්සේද සූකර මාංශ වැලදුවේය. ඒ මාංශ පෙරේතකමකට නම් නො‍වේය. ඒ දන් පිනිස පිලිගැන් වූ යමක් ප්‍රතික්ෂේප කිරීම නොමනා නිසාය. ඒ වගේම ඒ පවු එදිනම පල දී දරුණූ උදර රෝගයකට උන්වහන්සේ මුහුණ පෑවේය. (එම දහම් කථාව නොදත් අන්‍ය ආගමිකයෙක් වෙතොත් ඒ පිළිදව දන්නා අයෙක්ගෙන් අසා දැනගත්වා)

පවු පින් කෙසේ වෙතත් මෙලොව ජීවත්වන හැම ජීවියෙකුටම ස්වාධීනව ජීවත් වීමට අයිතියක් ඇති බව උසස් චින්තනයක් ඇති මනුස්සයා නම් සතා දනී. අන් සතුන්ට වඩා ද අවුරුදු දහස් ගනනකට පෙර සිටි මිනිසුන්ට වඩා ද වර්තමාන මිනිසා බුද්ධිමත්ය. ඉතින් මිනිසාගේ ආහාරය පිනිස ඕනෑ තරම් ගස්ගෙඩි ද ඵල වැල ඇත්නම් තවත් කුමට අහිංසක සතුන් මරන්නේද? ආහාර අහේනියක් හෝ ආහාරය පිනිස වෙන විකල්පයක් ඇත්තෙම නැතිනම් මෙවැනි මාංශ විකල්පයකට යා යුතුවෙයි. එවිට ආධ්‍යායත්මක ධර්මය දෙවැනි වී ස්වභාව ධර්මය පෙරට ඒය.

නමුත් ඔබට ආහාර අහේනියක් නැත. කුකුලන් ද අනෙකුත් මාංශයන්ගෙන්ද ‍තොර ඉතාම උසස් විවාහ මංගල්‍යයක් ඔබට ගනු හැකිය. ඒ සදහා ඕනෑ තරම් ප්‍රණිත ආහාර ඇත. එසේ ඕනෑතරම් ආහාර තිබියදීත් ඔබ ඔබගේ ප්‍රීතිය තකා අහිංසක කුකුලන්ගේ පිළිගද මස් ගොබ ඔබගේහිතවතුන්ගේ කුසට ඔබන්නේද? ඔබගේ විවාහය ට කුකුලන් බිලිදිය යුතුමද? ඔබගේ බෝතලේට කුකුලා බයිට් විය යුතුමද? පවු පින් ලෙසත් නොව විද්‍යාත්මකවත් නොව මනුෂයකු ලෙසින් මනසින් සිතන්න. සහෘදයාගේ පැතුම, ඔබගේ විවාහ උත්සවය කුකුල් රුධිරයෙන් තොර විවාහ මංගල්‍යයක් වේවා.




11 comments:

  1. "ඒ වගේම ඒ පවු එදිනම පල දී දරුණූ උදර රෝගයකට උන්වහන්සේ මුහුණ පෑවේය."

    සහෘදයාට බෞද්ධාගම තේරෙන්නේ නැතුවද නැත්නම් සිඅහල කියවගන්න බැරුවද? 'බුදුන්වහන්සේ රහසින්වත් පවු නොකල සේක' ඉතිපිසෝ ගාථාව සහෘදයා කියනවා ඇති නේ, නරක ද තේරුමත් ටිකක් හොයලා බැලුවොත්?

    රහසින් තියා දැන දැන පව් කරන්න බුදුන් තවත් සහෘදයෙක් කියා හිතුවාද?

    ReplyDelete
  2. "උන්වහන්සේද සූකර මාංශ වැලදුවේය......"

    මෙතනයි හැමෝටම වැරදුන තැන.. චුන්දසුකර පිළිගැන්වුයේ සූකර මාංෂ නොව එකල තිබු හතු වර්ගයකි... එහි නමට සූකර කොටසක් එකතුවීම මූලධර්මවාදීන්ට අමෘත්‍යය බඳු වී ඇත.. එකල නාමයන් අද වෙනවිට වෙනස් ව ඇත..

    උදා:
    ගඳ කුටිය = සුවඳවත් වූ බුදුන් වැඩසිටි කුටිය

    ReplyDelete
  3. වචන අල්ලගෙන තර්ක කරනවාට වඩා වැඩි යමක් මෙයින් ගන්න බලන්න. ඉහත රචනයෙ අරැත කුකුල් මස් මගුල් ගෙවල් වලට අනවශ්‍යයය බවයි. ඒම නිසා අරැත පමණක් ගැනීමට උත්සුක වන්න

    ReplyDelete
  4. මාළුවෝ , හාල්මැස්සෝ එහෙමත් හරි අහිංසකයි ;)

    ReplyDelete
  5. ඔවු මධුර ඔබ නිවැරදිය. බුදුරජානන් වහන්සේ රහසින්වත් පවු නොකලේය. සහෘදයාද එය දනී. නමුත් දන් පිණිස වෙන දෙයක් පූජා කිරීමට නැති තැන සූකර මස් වෙලෙන්දා උන්වහන්සේට සූකර මාංශ පූජා කලේලු. එම මස් වෙළෙන්දා සෑහෙන පවු කර ඇති හෙයින් බුදුන්ට දානයක් දී කරගැනීමට යන එකම පුන්යාකර්මය දිවැසින් දුටු බුදුරජානන් වහන්සේ එය ප්ර්තික්ෂේප කිරීමට බසුබට ඌයේලු. තවද සූකර මාංශ වැලදීමෙන් පසු උන්වහන්සේට උදරරෝගයක් වැලදුනාය කියන කථාව ඔබ අසා ඇතිනම් එය බුදුරජානන් වහන්සේද මනුෂ්ය්යෙක් නිසා ජීරණ ක්රියයාවලීයේ ඇතිවූ ‍රෝගී තත්වයක් ය කියා තර්ක කරන්න.

    ReplyDelete
  6. අපි කිසි දෙයකට අධිකව ගැති නොවී මධ්යමස්ථව සිතන්නේ නම් ද හේතුඵල වාදය අනූව සියළු දේ සිදුවෙන්නේ නම්ද අප යම් පීඩාවකට පත් වන්නේ පෙර කල කුසාලාකුසල හේතුවෙන්ද නම් බුදුරදුන්ගේ කුස වේදනාවටද හේතුවක් තිබීය යුතුය. මා කියවා අසා දැන ඇති ආකාරයකට උන්වහන්සේ පෙර රහසින්වත් පවු කර නැත. ඉදින් වුන් වහන්සේගේ කුස වේදනාවට හේතුව මස් වෙලෙන්දා කෙරේ උපන් දයාවෙන් වැලදු මාංශ නම් එය පරපනක් නසා ගත් දානයක් හෙයින් එයින් ඇති වෙන්නාවු පාපයෙන් යම් සුළු කොටසක් බුදුරදුන්ටද අනුමෝදන් වී ඇති බැවු අධිකව ගැති නොවී මධ්යනස්තවද තාර්කිකවද සිතන ඕනාම කෙනෙකුට වැටහෙන්නේය. මා අසා කියවා ඇති ආකාරයට බුදු රජානන් වහන්සේ දේශනා කර ඇත්තේ මා දේශනා කලද එක හෙලා පිළිනොගන්න තම තම නැණ පමන තම නුවනින් සිතා පිළිගන්න යනු වෙන්ය. ඉතින් සහෘදයාද කවුරුවත් කීවට පිළිගන්නේ නැත. මගේ නැණැසට හසුවෙන ආකාරයට බුදුරජානන් වහ්සේට වැලදුන කුස වේදනාවට හේතුව සූකර මාංශ අනුබව කිරීමෙන් කරගත්තාවූ සුළු පාපකර්මය ය. සුළු යැයි පැවසුවේ එය ආහාරය පිනිස ඕනෑකමකින් තොරව මස් වෙළෙන්දා කෙරෙන් ඇතිවූ දයාව හේතුවෙන් වැලදු නිසාවෙන් ය. බුදුන් ද මනුෂ්යියෙකි. පරපන නැසීම පවක් නම්ද ඒ පාපකර්මයකට වක්රානකාරව හෝ සම්මාදම් වන්නන්ටද ඒ පවේ කොටස් ආනිසංස අයිතිවන්නේ නම්ද බුදුරජානන් වහන්සේද පාප කර්මයකට සම්මාදම් වී ඇත. ඒ හෙයින් උන් වහන්සේ කුස වේදනාවෙන් පීඩා විදින ලදි.

    ReplyDelete
  7. නිර්නාමිකව තර්ක කරන්නේ බොරු නමකින් වත් පෙනීහිටීමට තරම් හෝ ශක්තියෙන් මද බියගුළු අයෙක් නම් අදහස් නොදක්වා සිටීමෙන් ඔ‍බේ උගත් කම සුරැකේ. මට මගේ දර්ශනය හෙලා දැකීය යුතු නැත. මගේ දර්ශනය ආගමකට ගැති නොවූ ‍බුදුන්ගේ දර්ශනයයි. බුදුරජුන්ගේ දර්ශනය ආගමක් කරගෙන කවුරුන් හෝ කියන ඕනාම දෙයකට සාධු සාධු සා......කියන එක ඇරෙන්න මට අදහස් දැක්වීමට බුදුරජානන් වහන්සේ අවස්ථාව අයිතිය දී තිබේ. බුදුන්ගේ දර්ශනය තුල එය දහමක් කරගන්නවත් එය අනිවාර්යෙන් පිලි ගන්නවත් ලෙස කියා නැත. උන් වහන්සේ දේශනා කලේ මා පෙන් වූ මාර්ගය ඔබ නිවැරදි යයි සිතන්නේ නම් ඒ ඔස්සේ යන්නේද නොයන්නේද තීරනය ඔබ අතේ බැවු ය.

    ReplyDelete
  8. තවද මාතෘකාවෙන් පිට අදහස් දැක්වීමෙන් කාලයත් මාතෘකාවත් පිට පැන යන්නේය. සාමාන්යී දැණුමක් ඇතිව යම් මතයක් ලියන කියන අපට වැරදි ඇතිවීම සාමන්යා ය. එවැනි අවස්ථාවක වරදක් පෙන්වා දීමත් එය නිවරදිනම් පිළිගැනීමත් ඔබේත් මගේත් යුකුතමකි. සූකර මාංශ නොව හතුය කියන ඔය නිර්නාමිකයා වියාජ හෝ නමකින් ඉදිරිපත් වී, මට එය පිළිගත හැකි තර්කයක් අඩංගු පොතක නමත් පිටුවත් දන්වා සිටීන්නේ නම් මා එය කියවා සාධාරන තර්කයක් නම් එය මෙහි ඵලකිරීමට තරම් නිහතමානී වෙන්නෙමි.

    ReplyDelete
  9. නිර්නාමිකයානෙනි චුන්දසූකර නමේ තේරුම සහෘදයාට අමතකව ඇති හෙයින් එය නැවත මතක් කර දෙන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි. ඒ වගේම ගන්ධකිලිය නැතිනම් ගදකිලියද ගන්ද කුටියද නිවැරදි වහර විය යුතුතේ? ඒ මගේම ඒ දවස්වල නම් අද වෙනස් වී ඇතිනම් ඒ දවස්වල හතුවලට සූකර මාංශ කීවේ නම් ඌරුමස් වලට කියන්න ඇත්තේ මොකද්ද? කරුණාකර මට පහදා දෙන්න.

    ReplyDelete
  10. අනේ ඉතින් මම නම් ඔවා ගැන දන්නේ නැහැ. ඒත් ඉතින් යන්තම් අහල තියෙන දේ කියලා දාන්නම්කො. ඔය කථාවෙ සූකර මද්දවය කියන්නේ ඌරු මස් වල තෙල් කොටස යොදලා හදපු ආහාරයක් කියලයි මම අහලා තියෙන්නේ. මට මතක විදියටනම් රෙරුකානෙ චන්දවිමල හාමුදුරුවො තමයි කියලා තිබුනේ. ඒ වගේම බුදු රජානන් වහන්සේ චුන්දකර්මාර පුත්‍රයා පිළිබඳ පහල වූ කරුණාවෙන් දානය පිළිගත් බවත් සැබෑය. එසෙම,උන්වහන්සේගේ උදරාබාධය පෙර සිට පැවතියක් බවත් දේශනාවෙහි සඳහන් වෙනවා.ඒ වාගේම බුදු වූ පසුවත් උන්වහන්සේට පල දුන් පූර්වකෘත අකුසල කර්මයන් මට මතක විදියටනම් 16ක් විතර තිබුනා. ඹය අසනීපෙත් එයින් එකක් විතරයි. ආ තව කියන්න ඔන දෙයක් තියෙනවා සහෘදයාට... පුතේ බුදු වූ පසුව කර්මයන් රැස් කරන්න බැහැ. ඒ හින්දා මස් වැළදු පව පළදුන්නයි කියන එක අදාළ නැහැ. තේරුනෙයි... (කිවුවට මොකද මාරයා තරම් ඔය ගැන දන්න අය දැන් කාලේ කොයින්ද?)හැබැයි ලිපියේ මූලික කාරණාව පසෙකලා වෙන වාද විවාද වලට ගිය නිසා වැදගත් මාතෘකාවක් කා අතිනුත් මගහැරුනා කියලයි මට හිතෙන්නෙ...

    ReplyDelete
  11. ස්තුති මාරයා uncle අදහස් ලිවුවට.

    එක එක් කෙනාගේ එක් එක් මතයන්. බුද්ධ දර්ශනය කියන්නේ ගැබුරු දහමක් අපි ඉන් දන්නේ ස්වල්පයයි. එවැනි ගැඹුරක් ඇති ඒ දහම් කරුණු මුලිකව සාමාන්‍ය අප තර්ක කරන්න යෑමෙන් වෙනත් මතයක් ඇති වෙන් ඉඩ තියෙනවා. ඒ නිසා ගැඹුරින්ම දැනගෙන තර්ක කල යුත්තක් උඩින් පල්ලෙන් අතපත ගා කෑ කෝ ගහනවට වඩා දන්න දෙයින් යමක් කරන්න බලමු. සහෘදයා පැවසු දේ හී මූලික හරය ගැන පමනක් සිතාබලා කටයුතු කරන්න. එහි කිනම් දෙයක් පිලිබදව හෝ පොදු ගැටලුවක් මතුවේ නම් ඒ පිලිබදව පොත පතේ විමසා බලා ඒ පොතත් පිටුවත් අපට දන්වන්නේ නම් සහෘදයාගේ වරද නිවැරදි කරගැන්මටත් අන් සහෘදයන්ගේ නැණස වඩන්නත් මහත් රුකුලක් වනු ඇතිය.

    ReplyDelete

ඇත්තම කියන්න