2009/12/11

නාරී රූපා වැස්සේ තෙමලා



නාරී රූපා වැස්සේ තෙමලා
කෙහෙරැල්ලෙන් බිම බැස යනවා
රූරා වැටෙනා වැහි බිදු දැකලා
ලෝබයි මට මා ගැන නන්ගා


ලෝල කමට මල් මල් හිනහා
සීතලේට ගැහි ගැහි නගනා

මල් වැස්සේ තව තව තෙමෙනා
දැක නැත කෙල්ලක් මේ ලෙසිනා


නැත අප නෙත නෙත හා ගැටිලා
සැගවී මා රුව සුව විදිනා
වැස්සත් ඉද හිට ඇද හැලෙනා
රහසේ හරි හරි වැඩ කෙරෙනා

4 comments:

  1. ලස්සනයි... කවියේ මාතෘකාව දැක්ක ගමන් මතක් උනේ ටික කාලෙකට කලින් තිබ්බ සිංදුවක්..

    ReplyDelete
  2. ස්තුති මාලී. ඔය කියන්නේ අර සින්දුවනේ අර සිරසේ ගියේ ඉස්සර...අයියෝ මටත් මතක් වෙන්නේ නැහැනේ. ආහ් මතක් උනා වරදත්ත අරවින්දගේ සින්දුවනේ. තෙමුන සුදු ගවුමේ කිමද මේ සිසුවියගේ වත තෙමන්නේ. ඇත්තටම ඒ සින්දුවේ ආබාෂයට තමයි ලියුවේ. ඒත් ලියන්න අයිඩියා එක ආවේ ඩාන්සින් ස්ටාර් ෆිල්ම් එක බලද්දි. ඒකේ නිළිය වැස්සේ නටනවා එතකොට රවින්ද්‍ර රන්දෙණිය කාර් එකේ ඉදගෙන ඒ දිහා බලාගෙන ඉන්නවා. නිලිය දන්නේ නැහැ එයා දිහා බලාගෙන ඉන්නවා කියලා.

    ReplyDelete
  3. එල වඩක්. ඔහොම යන්

    ReplyDelete

ඇත්තම කියන්න