2010/07/05

මල් සරාගේ ඒකාධිකාරි ආදර කඩ‍පොළ


මල් සරා දැන් තම රාජකාරි කටයුතුවලින් බැහැරවී පිස්සු කෙලින්න පටන්ගෙන තියෙන සෙයකි. අපිට ඕනා තැන්වලට ඔහු දැන් නොවිදී. ඔහු විදින්නේ ඔහුට ඕනා ඕනා තැන්වලටය. අපිට ඕනා තැනකට විදගන්න නැතිව සරාට ඕනෑ තැන්වලට විදපු ඒවා අපිට අහවල් එකකටදැයි මට අහන්න හිතෙයි. ඔහුගේ හිතු මානාපෙට විදපුවා ගේ රග කප්පරක් වු විරහ දුක් විදින්නන්ගෙන් අහන්න දකින්න ලැබේ. අපිට ඕනා තැනකට විදගන්න අවස්ථාවක් දුන්න නම් ආදරය මේතරම් කරුමයක් කර නොගෙන ෆන් එකේ ඉන්න තිබුණී.

මල් සරා පිස්සු කෙලින්නේ මල් සරාගේ පෝස්ට් එකට තරග කරන්න වෙන බුවෙක් නැති නිසා යැයි මට දහස් වාරයක් සිතෙයි. සරාගේ පෝස්ට් එකට තරගයක් දෙන්න තව බුවෙක් හිටියනම් අපිට මේ තරම් මල් සරාගේ රෙස්පට් බලන්න සිදු නොවේ. අඩුම ගානේ තව එකෙක් වත් සිටියනම් දෙමස්සිනාලා කොටවා අපිට ඕනා ඕනා තැන් වලට විදගන්න තිබුණි.

මල්සරාට ඇත්තේ ආදර ලොව ඒකාධිකාරයකි. ඒ ඒකාධිකාරය බිද ආදරය විවෘත කඩපොලක් සේ කල යුතු බවයි මට නම් දහස් වාරයක් සිතෙන්නේ. එවිට අපිට අවශ්‍ය කරන ආකාරයේ මල් සරෙක් අපේ වැඩේට චැනල් කරගත හැකිය. එවිට නානාවිද හැඩයන්ගෙන් යුත් මල් හී අපට අත්හදා බැලීය හැකිය. එක සරෙක්ගෙන් වැඩේ කර ගන්න බැරි වුනොත් තව මල් සරෙක් අත්හදා බැලීය හැකිය. තරගකාරී මල් සරුන්ගේ කඩපොළට විදේශ සුරභවනන්ගෙන් ආදර අධ්‍යාපනය ලද විශේෂඥ මල් සරුන්ද පැමිණෙනු ඇත. එවිට ඔවුන් නිකම්ම මූන බලා හී විදිනවා වෙනුවට ස්කෑන් එක්ස්රේ යූරින් අර ටෙස්ට් මේ ටෙස්ට් අරවා මේවා හැම ජල්බරයක්ම කර ඉතාම ආසන්නයටම තකට තක හරියන හීයකින් අපිට විදිනු ඇත.

මල් සරා ඒ ලෝකේ නොසිට මේ ලෝකේ සිටියනම් ජරාවක් හරි දීලා ඊතලයක් දෙකක් ඉල්ලා ගන්න තිබුණි. එවිට අපිට ඕනා කෙනෙකුට අපිටම දමලා අනින්න තිබුණි. ඒ අතින් මස් කඩ කාරයන් වාසනාවන්තය. PHI මහත්තයා ඒ ලෝකේ නොසිට මේ ලෝකේ සිටීම මස් කඩකාරයන්ට ඉතා අස්වැසිල්ලකි. මොකද බොහෝ PHI මහත්තුරු මස් කඩ කාරයන්ට තම සීල් එක බැගින් දෙනු ලබයි. ඒනිසා මස් කඩහිමියන්ට තම හිතගත් ඕනෑම උරෙක්ට තම හිතුමතේට PHI සීල් එක ගසා ගත හැකිය. ඒ වගේ මල්සරා PHI මහත්තයව ආදර්ශයට අරගෙන අපිටත් මල් හීය ගානෙවත් දෙනවනම් කොච්චර එකක්ද දෙයියනේ. බලාගෙන ගියහම ආදරයෙන් පැරදී දුක් විදින්නේ මස් කඩකාරයන් තරම් අපි පිං කර නැති නිසා විය හැකිය.

8 comments:

  1. අපි මල්සරාට විරුද්ධව යුධ ප්‍රකාශ කොරමුද?....නැත්නම් උද්ඝෝෂනය කොරමුද?..ඉල්ල අස්වෙන්න යයි බල කොරමුද.......නැත්නම් Microsoftට කෙරුවා වාගෙ ඒකාධිකාරය අහෝසි කොරල මල් දුන්නේ Source-code එක අපිටත් දෙන්න කියාල අධිකරණ තීන්දුවක් වත් ගනිමුද?.......නියම ලියැවිල්ල...:D..

    ReplyDelete
  2. මෙහෙම වෙන්න බැරිද ගීත්? ඔය කියන මල්සරා අපේ අත්තල මුත්තල උන්නු කාලෙ ඉඳලම ඉන්නව නෙව. මට හිතෙන්නෙ මිනිහට දැං සෑහෙන්න වයස ඇති.
    වයසට යන කොට ශරීර ශක්තිය පිරිහෙනවනෙ. එයාට දුනුදිය ඇදගන්නවත් බැරිව ඇති. ඉතින් හරි ඉලක්කෙට විදිනව කියල හිතුවට වෙන කොහෙට හරි අපි හිතන්නෙවත් නැති තැනකට වදිනව ඇති.
    එයාටම දොස් කියන එකත් හරි නෑනෙ. මිනිහ පව්නෙ.
    අපි එයාට දුන්නක් නැතුව හොඳට පේන කණ්ණාඩි කුට්ටමකුයි තුවක්කුවකුයි දීල දාමු. එතකොට ටක්කෙටම වදියිනෙ. හරියට දුන්නෙන් විදින්න කුප්පියක්වත් දාන්න පුළුවං පොරවල් ඉන්නවය අද කාලෙ? නැද්ද මං අහන්නෙ.
    ඔයාටත් මාර අදහස් තමයි එන්නෙ!
    :0

    ReplyDelete
  3. මටත් ඔය කියන මල් සර අහු උනානම් මමත් දනී කොරන දේ.....හැබැයි සහෝ මල්සරාගේ ලෙකම්ලනම් ගොඩරියක් ලන්කාවේ ඉන්නවා....මෙහෙම ගියොත් එහෙම එක්කෙනෙකුට කියන්න වේයිද දන්නේ නැහැ.....(අර වශී ගුරුකම් කරන ඇයෝ) මම කියන්නේ බොරුද?..... ඔන්න මල්සරාට පගාව දෙන විදිහ...
    හිකිස්.......... :D

    ReplyDelete
  4. @ගීත්
    මොකෝ මලෝ වුනේ? ඊතලයක් වැරදියට වැදිලද? නැත්නම් වදින්නෙම නැද්ද? අපි සරාට ගෙමක් දෙමු. මටත් ටිකක් හිතුනා මෑන්ස් ගානට වැඩී කියලා. හික් හික්ස්...

    ReplyDelete
  5. good blog, keep it up

    lets answer those who tarnish Buddhism

    බුදුදහමට නිගරු කරන්නන්ට නිසි පිළිතුරු දෙමු , ඔබගේ අදහස් මෙහි පලකරන්න

    http://lanka1-answers.blogspot.com/

    ReplyDelete
  6. වැඩක් නෑ බං.. අපි කෑගැහුවට අලුත් එකෙක් ආවොත් සල්ලි කාරයො ඒකව සල්ලි වලට ගනී... එතකොටත් අන්තිමට අපි වගේ දුප්පත් අයට කෙලවෙනවනෙ.... හික්ස්....

    මොනව උනත් මරුවට ලියල තියනව...:D :D

    ReplyDelete
  7. ඔක්කොම එකයි බං.. ඌ කරන්නෙ ඌට ඕන දේ..

    ReplyDelete
  8. හැමෝටම ස්තුතියි අයියෝ

    ReplyDelete

ඇත්තම කියන්න