2010/07/12

මල් සරාට විවෘත ලියුමක්

මල්සරා මතං වෙත ලියමී.

බඩුම වේවා

සරා මතං උබේ සැප දුක් කෙසේද? සුපුරුද්දට ඇහුවට උඹෙන් නම් ඒක අහන්න දෙයක් නෙවී. මොකද උබනම් පැණි උගුඩුවා වගේ මල් වටකරගෙන පැණි හල හල ඉන්න බව අපි දන්නවා. ඒකට අපි දුක තමයි. අපිත් බලාගෙන ඉන්නවා උබ අද ලයින් එක දායි හෙට ලයින් එක දායි කියලා. තව කොච්චර කාලයක් බලාගෙන ඉන්නද මල් මතං. ඉදලා ඉදලා (ම්හ්...මුහ්...ඇඩෙනවා අයියෝ) බැරිම තැන තමයි උබට ලියුමක් වත් දාන්න ඕන කියලා හිතුනේ. එක තත්පරයක් අපි දිහා බලන්න බැරි තරං අපි කලුද මතං. අම්මපා දුක හිතෙනවා (ම්හ්...මුහ්...) මල් මතං. ඔය තරං කෘර වෙන්න එපා රත්තරං. මතං සොරි වෙන්න. අකුරු බොදවෙලා වගේ තියෙන්නේ පොල් කොල අස්සෙන් පිණි බිංදු වැටිලා එහෙම නෙවෙයි. කදුළු බිංදු වැටිලා. (ම්හ්...මුහ්...). ඉතිං රත්තරං.

කියන්න ගොඩක් දේවල් තිබුණත් කියා ගන්න බෑ දුකට. ඒක නෙවෙයි මතං උබ දැන් කොරන තරමක් කරන්නේ කැත වැඩ. ඇයි ඒ. උබ සෙට් කරන කපල්ස් මාසෙන් දෙකෙන් අප්සෙට් වෙනවා. එක්කෝ කොල්ලෙක් කොල්ලෙකුටම සෙට් කරනවා. නැතිනම් කෙල්ලෙක් කෙල්ලෙක්ටම සෙට් කරනවා. ඇයි මල් මතං කල කිරිලා වගේ වැඩ කරන්නේ? ඇයි හරියට කිරලා මැනලා වැඩේ කරන්නේ නැත්තේ? උබ ඕනවට එපාවටද දැන් වැඩ කරන්නේ? වෙලාවට පඩි ගෙවන්නේ නැද්ද? ඕටයිම් කප්පාදු කරනවද? කෝස්ට් කටිං කියලා කිරි තේ දෙන්නේ කිරි නැතිවද? ඒ උනාට රත්තරං මතං උඹ ඒවට සැලෙන්න එපා. උඹ සැලුනොත් කෙලවෙන්නේ අපිටනේ මල් වස්තුවේ . උඹ උඹේ ලොක්කත් එක්ක මලපැන්නට මල් වගේ අහිංසක අපේ හදවත් වලින් පලිගන්න එපා රත්තරං. අපි අහිංසකයි, අකලංකයි, පිවිතුරුයි, නිර්මලයි, නිර්ව්‍යාජයි, නිසංසලයි, නිස්සා......රනයි.

මල් මතං උඹ තාමත් ලැගගෙන ඉන්නේ සුජාතා අත්තනායක ආන්ටි සාදා දුන්න මාළිගාවෙමද? උඹ එයාටනම් මල් නෙලන්න අවස්ථාවක් අරන් දුන්නා. අපිට තමයි හුළං. ඒක නෙවෙයි මල් වස්තුවේ මල් සරාට ප්‍රේම ලෝකේ මාළිගා තනා ගන්න මමත් මල් 7තේ ප්ලෑන් එකක් ඇදලා දෙන්නම් මල් නෙලන්න අවස්ථාවක් මදට අත්කරලා දීපන් සුදා. ගයා ගී....ටිං ටිං ගයා ගී....

ගෙදරටම තිවුනේ එක ගිනිකූරයි එකෙන් පහන පත්තු කරගෙන තමයි මේක ලියුවේ දුක වාව ගන්නම බැරි තැන. එහෙනම් අදට නවතිමි. මල් මතංට සුබ රාත්‍රියක් වේවා. මතංට අපිව හීනෙන්වත් පෙනියන්.

උම්මා.....උම්මා.....(තැපැල් තොත්තුව)

20 comments:

  1. මල් මතං පවු බං මුට මල් වත්තක්ම දාලා දියන්

    ReplyDelete
  2. හි හි..... එක නම් මරැ.මල් සරා දැන්වත් බලයිද දන්ෙනනෑ.දිගටම ලියන්න.

    Nasha

    ReplyDelete
  3. අනේ මල්සරා මතං අපේ ගිත් අයියාට ඉක්මනටම අනේ මල්සර හීයක් වෙන්කරලා දෙන්න...... නෑත්නම් අපි නරක මිනිස්සු කියන් එපා ඔන්...හරිද..?ඔය කාටහරි දාන ලයින් එකක් ටැප් කරා කියලා පස්සේ ඔන් කියන්න ඔට්ටු නෑහෑ ඔන්..... හරිද මල්සරා මතං............


    එල පොස්ට් එක....

    ReplyDelete
  4. මල්සරා දැන් මොඩ් වෙලා ඇති එකයි ඔය ඔක්කොම අබ්ලික් වැඩ.....:D

    ReplyDelete
  5. සහෝ ලියුම් හරියන්නේ නැහැ ඇස්ඇම්ඇස් එකක් හරි .... FB මැසේජ් එකක් හරි දාන්ඩ ... :D

    ReplyDelete
  6. නිසල්Monday, July 12, 2010

    සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයත් මේවගේමයි. ඕනැවට එපාවට කරගෙන යන්නෙ. කරගන්න බැරුව තටමනවා.

    ReplyDelete
  7. මල් සරාගේ මල් හී වල දැන් තියෙන්නේ පර වෙච්ච මල්.
    ගීත්ට අමුණලා කරලා විදින්න කියල මල් වවනවා කියල ආරංචි ප්‍රේම් ලෝකේ. :P :P

    ReplyDelete
  8. උඹේ වයස තාම හරි නැතුව ඇති බං....මල් මතං ට කරදර කරන්න එපා...ඌ වෙලාව අවම උඹට දාලා දෙයි....!!

    ReplyDelete
  9. සෝක් තමා මල්සරා මතංට හීනෙන්වත් පෙනුණොත්.

    ReplyDelete
  10. Geeth oyata weda nedda??????

    ReplyDelete
  11. සයිට් එක කලු නිසා අකුරු පේන්නෙ නෑ.....

    ReplyDelete
  12. මල් මතං ඉන්නේ අපේ ගෙදරට අල්ලපු ගෙදර.ළඟදී මුණගැහුනෙ නෑ.
    මුණගැහුණොත් කියන්නං අයියාටත් ඉක්මණට මල් නෙලන්න chance 1ක් දෙන්න කියලා.

    ReplyDelete
  13. ගිත් මචං ඔකා මහා නරුමයා මචං, ඔකාව පත් කරපු විධායක ජනාධිපති කවුද කියලා මම මෙ හොයන්නෙ, ඔකා මට කරපු දෙ හතුරෙකුටවත් වෙන්න එපා කියලා මම ප්‍රර්ථනා කරන්නෙ.. ඉතින් ගිතා,,, මුන් සෙට් කරන කැලි ඇලෙන්නෙ නැහැ ,, ටක්ගාලා ගැලවෙනවා,,,,.... නරකද දිවයින ඉටුපිටුවට බාරදුන්නොත්.. ගිත්ට මම පුංචි කතාවක් කියන්නම්. ආදරෙ ගැන තියන පැරණි ග්‍රික මිත්‍යා කතාවක්...එ කාලෙ ලොකයෙ ගැහැනියයි, පිරිමියයි එකම ශරිරයක පිහිටලා තියන්නෙ. ඉතින් මෙ ගොල්ල පරිපුරණ මිනිසුනෙ කියලා මුන් දෙවියන්ට අභියොග කරාලු, ඉතින් මුන්ගෙ දඩබ්බරකම දැකලා සියුස් කියන දෙවියද කොහෙද මුන්ව දෙකට පලලා ලොකයෙ තැන් දෙකකින් දැම්මලු, එදා ඉදන් මිනිස් ආත්මය තමන්ගෙ ඉතුරු පලුව ලොකෙ හැමතැනම හොයනවාලු, ඉතාම කලාතුරකින් මෙ ආත්මයක් තමන්ගෙ අනිත් ආත්මයට මුණගැසුනා හාම එයාලා දන්නෙවත් නැහැලු මෙ මොකද්ද වෙන්නෙ කියලා, ඉතින් ගීතො ඔය එක එකාට ලියුම් ඇරලා වැඩක් නැහැ, සියුස් කොහෙ හරි උබෙ ඉතුරු පලුව හංගලා ඇති ... හොයා ගනින් කොහෙන් හරි, පටන් ගනින් දැන්මම,..... නැත්තම් සෙට් වෙන රොදයක් හයි කරගනින්.. ඔය තියන්නෙ ටයර් කඩවල්වල... හිකිස්

    ReplyDelete
  14. ඕකා මහා කාලකණ්නියා... රිප්ලැයියක් එවුවොත් කියපං මගෙං පරිස්සං වෙලා ඉන්ටැයි කියලා!

    තිස්තුංකෝටියක් කාලකණ්නි පිං ගන්න නං උල උලා බලා හිටියට, අපේ වැඩක් ආවම එකෙක් නෑ පැත්ත පලාතෙ බලන්නෙ,

    ReplyDelete
  15. එළ එළ... මල්සරා ඉක්මනටම ඔය පැත්ත බලන්න කියල ප්‍රාර්ථනා කරනව...
    හැබැයි බැලුවට පස්සෙ තේරෙයි නොබල හිටියනම් හොඳයි කියල... :D

    ReplyDelete
  16. දැන් නම් වෙලාව හරි.. අපි පෙත්සමක් ගහමු.....

    ReplyDelete
  17. නියම ලියුම..
    :))

    ReplyDelete
  18. හප්පා දුක තමයි. මොනා කරන්නද? දැන් ඔය මල් සරා සලකලා බලන්නං කියල කියලා තියෙන්නෙ ;)
    http://magesanda.blogspot.com/2010/07/blog-post_15.html

    ReplyDelete
  19. මාත් මෑන්ට මේල් කලා...මෙන්න බොලේ ගත් කකටම මූ මට රිප්ලයි කලා "උබට තාම වේකන්සි නෑ කියල" .......ඉතින් මාත් හෙන සෑඩ් එකේ ඉන්නෙ :D

    ReplyDelete
  20. මා වෙනුවෙන් හඩක් නැගූ හැමෝටම ස්තුතියි අයියෝ

    ReplyDelete

ඇත්තම කියන්න