2010/08/28

නුඹත් එපා පෙමත් එපා රැදෙනු ගිය තැන



 

 
හිත හදා ගන්න හැදුවට අමතක කර දාලා
හීන වලින් වද දෙනවා මුලාවේ දාලා
එපා තවත් ලංවෙන්නට කදුළු සලාලා
සමාවෙන්න රත්තරනේ ආදරෙයි කියාලා


කදුළු බිංදු එකතු කරන් පුංචි ඇස් ලග
නෙතු මත මගෙ සරන්නෙපා හීනෙකින් වුව
සැබෑ ලොවේ නැති සෙනෙහස කුමට නිදි ලොව
නුඹත් එපා පෙමත් එපා රැදෙනු ගිය තැන


හිතන්නෙපා ඒවි කියා නුබේ පා ලග
අයදින්නට නුඹේ සුන්දර චපල සෙනෙහස
හැකි නම් නුඹ සැනසෙන්නට වෙනකෙකු ලග
කුමකට මා තනිවෙන්නද කදුළු හල හල

9 comments:

  1. පට්ටම වදන්ටික අයියා..කියලා වැඩක් නැහැ..
    නියමයි....

    ජය..

    ReplyDelete
  2. :( මගේ කඳුලු සඟවන්න බෑ...

    ReplyDelete
  3. ඇත්තටම ලස්සනයි ගොඩක්

    ReplyDelete
  4. ගීත්ගේ සටහන පිළිබද විචාරයක්...

    පෙම්වතකුගේ සිත තුල පවතින ආදරයත් විරහවත් කෝපයත් මැනවින් විදහා දක්වන පද පෙලක් ලෙස දැක්විය හැක..

    හදා ගන්න හැදුවට අමතක කර දාලා
    හීන වලින් වද දෙනවා මුලාවේ දාලා

    අමතක කිරීමට කොතරම් උත්සහ කලද හිතේ පවතින ආදරය නිසා සිහිනෙන් පවා ඇගේ රුව පෙපෙන බව කවියා ඉතා දුක් මුසු ආකාරයෙන් පෙන්වා දෙයි...

    කදුළු බිංදු එකතු කරන් පුංචි ඇස් ලග
    නෙතු මත මගෙ සරන්නෙපා හීනෙකින් වුව

    විරහ වේදනවාවෙන් තමා හඩනා බව කවියා සිහිපත් කරන්නේ පාඨකයාගේද නෙතට කදුලක් උනවමින

    හිතන්නෙපා ඒවි කියා නුබේ පා ලග
    අයදින්නට නුඹේ සුන්දර චපල සෙනෙහස
    හැකි නම් නුඹ සැනසෙන්නට වෙනකෙකු ලග
    කුමකට මා තනිවෙන්නද කදුළු හල හල

    හදපුරා කෑකැරෙන කෝපය මෙලෙස කවියා පිට කරන්නේ හුදෙක් ඇයට ඇති ආදරය නිසාවෙන් හැර අන් කුමකටද??

    ReplyDelete
  5. පුංචි පුංචි හිනා බිංදු ගෙනත් නෙතු ලග
    මවා සොදුරු සිහින පොකුරු මගේ හිත ලඟ
    යන්න ගියත් තබා නෙතග දුක්බර කදුලු කැට
    මෙමට අහිමි එකම කවිය නොවෙද ඇ අද

    පැතුම් අහුරු සිත වට පීදුනත් තුන් යම
    පතා පැමිණි නුබ ගියදා පරවුනා හැම මල
    යලිත් දිනක නුබ නාවට කමක් නැහැ මට
    හිනා වෙන්න බැරි මුත් නොහඩන්නේමි මම

    ReplyDelete
  6. මොකද මේ ඔක්කොමලා විරහබර වෙලා... අනේ මන්දා...

    ReplyDelete

ඇත්තම කියන්න