2010/09/13

නුඹ වගේම ලස්සන නුබේ ගෙත්තම මා සතු



මල් මසාපු කොට්ට උරය නුබ මට දුන්නු
හිස තියාන සිහි කෙරුවා නුබේ රූ සොදුරු
නුඹයි කියා නුබේ දෑත එක්කහු කරපු
මල් පොකුරම සිප ගත්තා නුඹ මෙන් සිනිදු


සමන් පිච්ච මල් මෙන් හැඩ චූටි චූටි පෙතී
නෙක නෙක පාටින් හැඩවී හීනි හීනි කෙමි
ලස්සන සමනලයෙක් වසාලා ඒ මල් මත හිදී
ගෙත්තමක්ද සිත්තමක්ද සිතා ගනු බැරී


අඩුවක් නෑ සුවද නැතැයි මේ මල් සොදුරූ
කොපමන බැලුවත් ඇති නෑ පාටින් ප්‍රියකරූ
නුඹ වගේම ලස්සන නුබේ ගෙත්තම මා සතු
නොමැකෙන සිහි වටනයකී දිවියට එක් වුනු

7 comments:

  1. මටත් ඔයවගේ මටහකයක් තියනවා ..

    පලමු ආදරෙන් මටත් කොට්ට උරයක් හම්බ උනා

    ReplyDelete
  2. සිරාවටම උඹනම් මාර ලකී මචං

    ReplyDelete
  3. හික්.
    ඇයි අනේ කොට්ට උරම ?
    කොහොම උනත් කවිය ලස්සනයි :)

    ReplyDelete
  4. සොදුරු මතකයක් වගේ.ලස්සනයි ලස්සනයි..

    ReplyDelete
  5. කොට්ට උර බෑරිවෙලාවත් ගත්තොත් ලව් එකට බඩු තමයි ඉතින්........................................

    ReplyDelete

ඇත්තම කියන්න