2010/09/26

ඔබේ විවාහයත් ගන්න ඉන්නේ අනුන්ගේ සල්ලි වලින් ද?

නැවත පලකිරීමකි

මේකත් මේ මගුල් කථාවක්ම තමා. මතකනේ මගුලයි කුකුලයි ගැන සහෘදයා පෙර දිනයක කථා කලා. ඒක කියවපු නැති ඈයන්ට ඔය තියෙන්නේ පහලින්. එතන නැතිනම් මෙතන ක්ලික් කරලා බලන්නකෝ. ඒ කථාව අන්තිමට වෙන පැත්තකටනේ ගියේ. ඒකෙන් කමක් නැ. කියන්න තියෙන ටික කිවුවනේ කාට කාටත්. මේකත් මේ ඒ වගේම සීන් එකක් තමයි. මේක මේ කාටවත් මඩ ගහන්නවත් ආසන්න සිදුවීමක් හෝ මූලිකව කරගෙනවත් ලියන ලද්දක් එහෙම නොවන බවත් කරුණාවෙන් සලකත්වා. මේවා ගැන ලියන්කොට A4 පිටු 3 4ක් ලියන් අදහස් ආවත් කියවන්නන්ගේ රුචිය තකා ඉතාම කෙටියෙන් ලියන්න උත්සහ ගන්නත් ඕන. නිකම්ම නිකන් වස කම්මැළියේ කල්පනා කර කර ඉන්නකොට හිතෙන දේවල්. මේකට නම් මට කට්ටිය අතින් පයිනුත් ගහයිද මන්ද. ඒත් ඉතින් මක්කක් කොරන්ටද හිතන්න තහන්චි නැතිමුත් ලියන්න තහන්චි නැතිමුත් මගේ සිතිවිලි කුමක් අරභයා සගවාගෙන සිටිම්ද?

මගුලක් ගන්නවා කියන එකත් දැන් කාලේ ලෙහෙසි පහසු කටයුත්තක් නොවැයැ. ඉතින් සෑහෙන වියදමක් කරන්න සිද්ද වෙනවා. ඉස්සර නම් වෙලා තියෙන්නේ ලගම නෑයෝ නොනෑයෝ ටික එකතුවෙලා ගෙදරම කෑම බීම ටිකක් හදාගෙන ගෙදරම ඉතාම සරළව ඔය කාරිය අහවර කරන එක. ඉතින් ඕකට ඒතරම් වියදමක් නැහැනේ. ඒකට දැන්. දැන් කොරන මගුල් ගැන ඉතින් අළුතින් කියන්න දෙයක් නැහැ නොවැ කවුරු කවුරුත් දන්නවා නේ කාරිය. මුළු ලෝකෙටම පේන්න ගන්නත් ඕන ඒ‍ උනාට පොකට් එකත් හිස්. ඒත් ඉතින් ලෝකය හොල්ලන මගුලක් නොඅරන් කෝමද?

ඒකට දැන් හොයාගෙන තියෙන සාර්ථකම ක්‍රමය අනුන්ගේ සල්ලි වලින් මගුල් කෑම. ඒ කියන්නේ අනුන්ගේ සල්ලි වලින් මගුල් කනවාය කියන එක. තවත් සරළව කිවුවොත් කාටවත් ණයත් නොවී තියෙන සබ්බසකල මනාව වියදම් කරගන්නෙත් නැතිව ඉතාම ඉහල මගුලක් අරගෙන ඒ උත්සවයට පැමිණෙන්නන්ගෙන් අර උත්සවයේ වියදම පියවා ගැනීම. හරියට ඇතුල් වීම නොමිලේ පිටවීමට ගාස්තු අයකෙරේ ව‍ගේ සීන් එකක් නේ මේක. ඒකනේ පිටවෙන දොර ගාව ලියුම් කවර බන්දේසි එහෙමත් තියලා තියෙන්නේ සමහර මගුල් ගෙවල් වල. අනේ මන්ද අර මොකද්ද කාලේ වනේ වාසේ කිවුවා වගේ. දැන් ඉතින් ඒ උත්සව වලට යන ඇයොත් අත් දෙක හොල්ල හොල්ල ගිහිල්ලා දෙන දේ කාලා නැති දේවල් වලට හිතින් බැන බැන තියෙන බ්‍රැන්ඩ් එක බීලා නැති බ්‍රැන්ඩ් වලට පච හල හල ඉවර වෙලා අන්තිමේදි කෙල සොටු දාදිය පිටින්ම දෙන්නටම උම්මා එකත් දීලා නම ලියපු ලියුම් කවරයක් දිග් කරලා හායි බායි කියලා තුහ් නොදකින් ගියායින් ගියේ නැහැ මෙහෙමත් මගුලක් දුන්න ගානටත් පාඩුයි කිය කිය හිතින් බැන බැන ගෙදර එනවා. ඇත්ත තිත්ත වුනාට වර්ථමානයේ බහුතරයක් මගුල් උත්සව වල සාමාන්‍ය සමස්ත ක්‍රියාවලීය ඕක තමා.

සමාන්‍යයෙන් නම් දෙදෙනෙකු විවාහ වන්නේ ජීවිතේ එකපාරනේ දැන් ඒක අසාමාන්‍ය වේගෙන ගියත්. ඉතින් ඒ ජිවිතේට ලැබෙන එකම එක අවස්ථාව ඉහලින්ම සමරන එක එයාලගේ සතුටනේ. ඉතින් ඒ සතුට බෙදාගන්න විසිරිලා ඉන්න නෑයෝ නොනෑයෝ ලගම හිතමිත්‍රාදීන් එක්කාසු කරගන්න එකේ වරදක් නැහැ නේ. ඉතින් ඒ සතුට බෙදා හදාගන්න ආව අයව පිළිගන්න කෑම බීම සංග්‍රහ සත්කාරත් තියෙන්න එපැයැ. ඒ වගේම එන ඇයොත් තමන්ගේ සතුට සුබ පැතුම නව යුවලට එක්කරන්න තෑගීබෝග එහෙම අරන් එන එකත් අරුමයක් නො‍වෙයිනේ. ඒත් ඉතින් අළුත් විෂම සමාජයේ තෑගි බෝග උස්සගෙන යනවට වඩා මුදල් ත්‍යාගයන් ලබාදෙන එක ප්‍රායෝගිකයි. මොකද එකම ත්‍යාගය කීප දෙනෙක් ගේන්නත් පුළුවන් නැතිනම් ඒ ත්‍යාගය ඒ දෙන්නට මෙලෝ රහක් නැති දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම එම භාන්ඩයේ අගයට වඩා එම භාන්ඩයට ගෙවන මූල්‍ය අගය වැඩි විය හැකි නිසා භාන්ඩමය ත්‍යාගයකට වඩා මූල්‍යමය ත්‍යාගයන් ලබාදීම වඩාත් ප්‍රායෝගිකයි. එවිට එම එක්කාසු වන්නා වූ මුදල් වලින් නව යුවලට තමන්ගේ අභිමතයන් මිළදී ගත හැකිය.

නමුත් එම උත්සව අවස්ථාවට සහභාගි වන්නන්ට ආරාධනා කරන්නේ තෑගි බෝග හෝ මූල්‍යමය වටිනාකමක් බලාපොරොත්තුවෙන් නම් හෝ හිත් කොනක එවන් ප්‍රාර්ථනාවක් සගවාගෙන නම් එය කොතරම් අග්ශිල දෙයක්ද? ඒ වගේම එම අවස්ථාවට සහභාගි වන්නන් සහභාගි වන්නේ එම යුවලට හදවතින්ම සුබ පතන්න නම් ඉතා ඉහල රස මසවුලු හෝ සංග්‍රහ සත්කාර බලාපොරොත්තු වීමේ තේරුම මොකද්ද? අපි අපේ හදවතේ ප්‍රිතිය සැබෑ ලෙසම බෙදා හදා ගන්න නම් කෙනෙකුට ආරාධනා කලේ ඔහුගෙන් හෝ ඇයගෙන් ත්‍යාගයක් බලාපොරොත්තු විය යුතු නැහැ නේද? ඒ වගේම අපි එම අවස්ථාවට සහභාගි වන්නේ සැබෑ ලෙසම ඔවුන්ට සුබපතන්න නම් ඉහල සංග්‍රාහ සත්කාර බලාපොරොත්තු විය යුතු නැහැ නේද? ඒ වගේම එම ආරාධිතයින්ට සංග්‍රාහ සත්කාර කිරීම ආරාධකයින්ගේ වගකීමකි. එලෙසම ආරාධිතයින් ත්‍යාගයක් ලබාදීම යුතුකමකටත් වඩා සිත්තොසක් විය යුතුය.

වර්ථමාන විෂම සංකීර්ණ සමාජය තුල ඇති මූල්‍ය භංගත්වය හේතුවෙන් මාසෙකට උත්සව අවස්ථා කිහිපයක් සදහා කෙනෙකුට ආරාධනා ලැබුන හෝත් එම පුද්ගලයා මුහුණ පාන ආර්ථිකමය ද සමාජීයමය ද හා මානසික ප්‍රශ්ණය ගැන ඕනැම සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට වටහා ගැනීමට අපහසු නැත. ඉතින් එවැනි සමාජ ආර්ථික වටපිටාවක් තුළ අප අපගේ විවාහ උත්සවයට ආරාධනා කරන්නනගෙන් සෑබෑ සුබ පැතුමක් බලාපොරොත්තු විය හැකිද? ඉතින් ඒ ගැන සිතා අප එවන් උත්සව අවස්ථාවකට සහභාගි කරගන්නන්ගෙන් යමක් බලාපොරොත්තු වීම සුබ නැහැ නේද? අපට පුළුවන් නම් අපේ ආර්ථික හැකියාවට ගැලපෙන අයුරින් ඉතාම සමීපතම ළබැදියන් විතරක් රැස් කර ඉතාම චාම්ව සංග්‍රාහසත්කාරයන් කරවා වගේම ඔවුන්ගෙන් ත්‍යාගයන් නොගෙන ඔවුන්ව සතුටින් විසුරුවා හරින්න හැකිනම් කොයිතරම් සැහැල්ලුවක් සතුටක් ඇති නොවෙයිද? “එතකොට සහෘදයා කියන්නේ එයාල ගේන ත්‍යාගයන් භාරගන්නේ නැතිව එයාලටම අරගෙන යන්න කියලද? එතකොට එයාල තරහා වෙයිනේ. අපෝ මෙයාලගේ ලොකුකම කියලා හිතයිනේ.” ඒකනේ දැන් ඔයාට තියෙන ප්‍රශ්නය? හ්ම්.......ඒකට මෙහෙම කරමු ඔය වෙඩින් කාර්ඩ් එක තියෙනවනේ ඒ කියන්නේ invitation එක අන්න ඒකේ යටින් ලියමු මෙන්න මෙහෙම

“ඔබගේ පැමිණීම ඉතාම අනිවාර්යෙන් බලාපොරත්තු වන අතර මුදල් හෝ ත්‍යාගයන් රැගෙන නොඑන ලෙස ඉතාම කාරුණිකව දන්වා සිටිමු.”

ඒක නිකන් අවුල් අවුල් වගේ නම් ඊටත් වඩා සුමටව හරි වාචිකව හරි අපි ආරාධනා කරන්නන්ව දැණුවත් කරමු. මේක මේ මහ ලොකුකමක් කියලා ‍සිතන්න ඕන නැහැ මොකද අපි හද පත්ලෙන්ම යහපත් චේතනාවකින් කරන නිසා අන් අයත් ඒ පිළිබදව අහිතකින් සිතන එකක් නැහැ.

ඒ වගේම මේ ලිපිය නිකන් ඇගිලි කහනවට කම්මැලිකමට ලියුව එකක්ය කියලා අහක දැම්මත් අවුලක් නැහැ. මමත් නිකන්ම නිකන් කම්මැලිවට අගිලි කහනවට තමා ලියුවේ. හැබැයි සහෘදයා මේ වගේ අවස්ථාවකට අනාගතයේ දවසක මුහුණ දෙනවනම් මේවා ඒ අයුරින්ම සිදු වේවි. ඉතින් එදාට මේ බ්ලොග් එක සාක්ෂියක් වෙයි . ඒ කොහොම උනත් මේක ගැන ඔයාලගේ අදහසුත් මට සැහෙන්න වටිනවා. සහෘදයාගේ පැතුම කෝම කෝම හරි ඔබේ විවාහයට සැබෑම සුබ පැතුමක් වේවා.


14 comments:

  1. මාත් හිතන් ඉන්නේ එහෙම තමයි..
    ගන්න සල්ලි නැත්නම් උත්සව ඔක්කොම කපලා දානවා..
    අනුන්ගේ සල්ලී සතයක් වත් ගන්නේ නෑ...

    ReplyDelete
  2. අන්න එල පිස්සෙක්. මම හිතුවා මම තනි‍වෙයි කියලා. පිස්සෙක් හරි අදහස් ඉදිරිපත් කිරීම ගැන මම පිස්සට ස්තුති වන්ත වෙනවා.

    ReplyDelete
  3. මඟුලක් කතා කරණවා. :D

    ReplyDelete
  4. මම කවදා හරි බැන්දොත්.. බදින එකට පොඩි උත්සවයක් හරි ගත්තොත් එන අය උපරිම100 යි.. තෑගි ගැන මගේ කිසි උනන්දුවක් නෑ.. බොහෝ දුරට උත්සව නැති වෙයි.. ඒ නිසා තෑගි ලබාගන්න දේවල් ගැන හිතකරදර කරගත්තේ නෑ තාම..

    ReplyDelete
  5. දැන් ගොඩාක් මගුල් කෙරෙන්නෙ තම තමුන්ගෙ තත්වය පෙන්න ගන්න. හැබැයි මගුල් දවසෙදි , හැමදාම හොදට කන්න බොන්න තියන මිනිසුන්ට අරක්කු බෙදනවට වැඩිය යහලුවො ටික සෙට් කරගෙන හැමදාම හරියට කන්න බොන්න නැති, අසරණ මනුස්සයො කිප දෙනෙකුට මසෙකට ඇතිවෙන්න මොන මොනවහරි ටිකක් සෙට් කරලා දෙන එක වටිනවා. කවදා හරි නැවත මතක් වෙද්දි " මම මගෙ මගුල අර හොටලයෙ ගත්තෙ. කට්ටිය මෙහෙමයි බීලා ,මස් කාලා නැටුවෙ " එයට වැඩිය වටිනවා "මගෙ මගුල් දවසෙ මම මගෙ නෑයො යි එයගෙ නෑයො ටිකයි එකතුවෙලා චාරිත්‍ර කරල ඉවර වෙලා අසරණ කිපදෙනෙකුට මෙහෙම සැලකුවා" කියලා මතක් කරන එක. සමාජ තත්වය,නම්බුව ගැන හිතන අයට මෙක ටිකක් අමාරුයි කරන්න.

    මම ඔයාල හැමොගෙන්ම එක දෙයක් ඉල්ලන්නම්. ඔයලගෙ මංගල පොරුව ඉස්සරා අරක්කු බොතල් ටිෂු කඩදාසි වලින් වහලා අෂ්ටක, චාරිත්‍ර කරන්න එපා.
    තමුන්ගෙ මංගල දවස කුකුලන්, ඌරන්, ගවයන් වැනි අහිංසක සත්තුන්ගෙ අවමංගල දවස කරන්න එපා.

    කොටින්ම කියනවනම් එදාට හිඟන වැඩ කරන්න එපා.

    ඔන්න තවත් පිස්සෙක් එකතු උනා.

    ReplyDelete
  6. එහෙම තමයි හිතන්න ඕන මාලි. ලෝකෙට ණය වෙලා ඩෝගි නටලා පහුවෙනිදා ඉදන් හිගා ගාලා මොකටද නේද? ලගම හිතවත්තු එකතු උනහම මදෑ නේද? ස්තුති මාලි.

    ස්තුති රවා. මම ඔයාගේ හැම අතුරකටම එකගයි. ඇත්ත වශයෙන්ම එහෙම වෙනවනම් කොච්චර ශෝක් ද නේද? චාරිත්‍ර වාරිත්‍ර ටික කරලා හිතමිත්‍රාදීන්ට චාම් සංග්‍රහයක් පවත්වලා අනවශ්‍ය වියදම් කප්පාදු කරලා ඒ මුදල් වලින් අනාත නිවාසයක ලමයින්ට පොත් පැන්සල් ටිකක් අරන් දෙන්න පුළුවන්නම් හිතට කොයි තරම් සැහැල්ලුවත් ඇති නොවෙයිද නේද? කවුරුවත් කියන දේවල් අහන සමාජයක් අද නැහැනේ ඒ නිසා ඉල්ලීම් කලාට වැඩක් නැහැ. ඒ නිසා අපි අපිවත් ඒ විදිහට වැඩ කරලා ආදර්ශමත් වෙමු. අනිත් අයට බුද්ධිමත්ව විමසන්න මේ වගේ දේවල් ලියලා තියමු.

    ReplyDelete
  7. මචං ගීත් උඹ හිතයිද දන්නේ නෑ මම හරි චාටර් පොරක් කියලා මේ කමෙන්ට් එක කියෙව්වාම. මගේ මගුලෙදි මම ඇත්තෙන්ම තෑගි බලාපොරොත්තු වුනා. සමහර අයට මම කෝල් කරල කිව්වා මම එයාලගෙන් බලාපොරොත්තු වෙන තෑග්ගත්.

    මම ඒවා බලාපොරොත්තු වුනේ මගේ හදවතට කිට්ටුවෙන්ම හිටපු අයගෙන් විතරයි.

    මම ඒ අයට කෝල් කරලා කිව්වා එනකොට මට පොඩි සිහිවටනයක් ගේන්න කියලා හැබැයි මිල අඩුම එකක් ප්‍රමානයත් කුඩාම එකක්.

    ජීවත්වන තුරුම මගේ ගෙදර පොඩි රාක්කෙක තියාගෙන නොබිඳී නොකැඩී තිබුනොත් නිතරම ඔවුන්වත් සිහිකරගෙන මගේ විවාහ දිනයත් සිහිකරගෙන අපේ මිතුරු කම් වල සිහිවටනයන් හැකිතාක් කාලයක් හදවතට තුරුළු කරන් ඉන්න ඕන කියන ප්‍රර්ථනයෙන් තමයි මම එහෙම කිව්වේ.

    බලෙන්ම සල්ලි දෙන්න හදපු අය හැම දෙනාටම ආපහු බලෙන්ම දුන්නා පස්සේ වෙලාවක අපි එන්නම්. එතකොට වත් පුංචි තෑග්ගක් අරන් තියන්න අපිට දෙන්න කියලා. සමහර අය බැන බැන ගියා තෑගි දුන්නාම ගත්තේ නෑ කියලා.

    මම දකිනවා අපේ අම්මා එයාලගේ මගුලට තෑගි හම්බුනු අඟල් හයක විශ්කම්භය තියෙන ඇතුල හිස් වීදුරු බෝලයක් තාම පරිස්සමින් තියාගෙන ඉන්නවා මේක අහවලා දුන්නේ කියලා. ඒකෙන් තමයි මම හිතුවේ මාත් වීදුරු ඔනමන්ට්ස් (පුංචි ඒවා) ඉල්ලනවා කියලා යාළුවන්ගෙන්.

    ReplyDelete
  8. රිලේශ්න්ශිප්ස් හරියට වීදුරු බඩු වගේනේ මචං. පරිස්සමින් පාවිච්චි කරන්න එපැයි. හැබැයි මට කොහොම වුනත් පුංචි වුනත් ගොඩක් වටින සිහිවටනත් ලැබුනා ක්‍රිස්ටල් ඒවා එහෙම. අනේ එකක් බිඳුනා මචන් මගේ අතින් . . අපරාදේ

    ReplyDelete
  9. This is absalutly truth
    can I took this and make Documant and send to others who are doing this continuasly ?

    Chanaka

    ReplyDelete
  10. ස්තුති දුකා. එහම හිතන්න මට අයිතියක් නැහැ. ඒක ඔයාගේ අදහස. ඒ වගේම ඒකෙන් හැගෙන්නේ පුංචි එකෙක් තාත්තා හැන්දෑවට මොනාද ගේන්නේ කියලා බලාපොරොත්තු වෙනවා වගේ අහිංසක පැතුමක්. නැතුව වාසියක් නෙවෙයි. මම කථා කලේ එහෙම වාසියක් එහෙමත් නැතිනම් ලාබයක් බලාපොරොත්තුවෙන් උත්සව ගන්න අය ගැන. මගේ අදහසට අනුව නම් මම එකග නැහැ කාගෙන් උනත් තෑග්ගක් ඉල්ලලා ගන්න නමුත් ළගම ළබැදියන්ගෙන් විහිලුවට වගේ එහෙම ඉල්ලීමක් කලත් වරදක් නැහැ මම හිතන්නේ? හැබැයි ඒ එයාට දරාගන්න පුළුවන් මට්ටමින් වෙනවනම් තමා වඩාත් හොද.

    ReplyDelete
  11. tnx chanaka. what kind of documant you are going to do? ok do it if you think that you can make a good attitude from this for our generation. i can tnx if you give a link or any other recollect about සහෘදයා

    ReplyDelete
  12. jayanþa ahángamaSaturday, December 12, 2009

    ඒක සැබැත් සැබැත් සැබැයි.

    ඈමරිකාවේ තව වැඩක් කරනවා. ගෙදර බඩු කඩේක ලැයිසතුවක් හදලා තියනවා මනමාලිට කුස්සියට ආදී තැනැවලට ඕනෙ දේවල්. අමුත්තෝ ඒ කඩවලට ගිහිං තමන් දෙන්න කැමති දෙය ඒකෙන් තෝරලා ඒවාට ගෙවනවා. (කඩකාරයාට මගුල්!)

    මරණ මඞගල්‍යයකදී සාමහර අය කියනවා මල් එවන්න එපා ඒවෙනුවට පුන්‍යාධාරයාක් කරන්න කියලා. (කඩකාරයාටත් අවමඟුල්)

    ReplyDelete
  13. මම පෑනල යන්න් ඉන්නේ ...එත් මෙක වෑදගත් වෑඩක් ..සිරාවටම කරන් අපුලුවන්නම්..හේ...

    ReplyDelete

ඇත්තම කියන්න