2010/09/23

සැනසෙමි සුවදින් ශ්‍රී ලංකා



කදුකර රෑසිරි හැලෙනා දිය ඇලි
ඇති ගම් මවු රට ශ්‍රී ලංකා
ගහකොල ඵල බර සීතල මද නල
ඇති ගම් මවු රට ශ්‍රී ලංකා

පියඹා ගොස් දුර සමුදුරු ඈතට
මවු අතහැර මගේ ශ්‍රී ලංකා
නුඹ තුරුලේ මිස නින්දක් කෝ මට
නෙතු ඉල්ලයි මගේ ශ්‍රී ලංකා

කය පිට රටකය සිත නුඹ ලගමය
සැනසෙමි සුවදින් ශ්‍රී ලංකා
පිම්මේ පැමිණෙමි තුරුලේ සැනසෙමි
බදාන රන් බිම ශ්‍රී ලංකා

2 comments:

  1. මෙක සින්දුවක් කරගත්තානම් සීට් වෙල මෙක විඩියො එක කරගන් අතිබුනා එලටම නේ////ලසනම ලසනයි..

    සිරාවටම...

    ජයවෙවා..!

    ReplyDelete
  2. ගිත් අපුරු සින්දු ලියනවා. ලොකු පාරාසයක ඉදන්, අපි මෙවා කියවන්නෙ අපෙ තාලවලට, හරිම ලස්සනයි ගිත්, අපුරුයි. ඔයාට ජය. අපුරුයි ගිත්

    ReplyDelete

ඇත්තම කියන්න