2011/01/29

සිංහල බ්ලොග් අවකාශය හා නව උප සංස්කෘතිය

සිංහල බ්ලොග් අවකාශය යනු තවත් එක් සයිබර් නාඩගමක් නොවේය. ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් වලින් එහාට ගිය අපූර්ව සුන්දර ස්ථානයකි. එය ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් නම් බීජ වගුරුවා මිනිස්කම අවංක කම ලබැදිකම මිතුරු කම ඵලදාවන් ලෙස නෙලා ගන්නා වූ සාරවත් ගෙවත්තකි. එම ඵලදාවන් සාරවත් ඵලදාවන් බවට පත් කරගැනීමට ගූගල් බස් නම් කාබනික පොහොර හේතුකාරකයක් වෙමින් පවතී. උපන් දා සිට මුහුනට මුහුණ ඇසුරු කරන්නා වූ මිතුරන්ට නෑදෑයන්ට වඩා සීමාවන් පසු කරන්නාවූ ලෙංගතු කම් ඇති කරන්නාවූ ස්ථානයකි. අපට නොදැනුවත්වම සිංහල බ්ලොග් අවකාශය උප සංස්කෘතියක් බවට පත්ව ඇති සැටියකි. අපට නොදැනුවත්වම එකම පවුලක් වී ඇති සැටියකි. අපට නොදැනුවත්වම අප එක වහලක් යට ජීවත් වන සැටියකි. ශ්‍රී ලංකාවේ සතර කොනේ සිටියත් ලෝකයේ කොයි රටේ සිටියත් බ්ලොග් වාසී, සයිබර් වාසී වර්චුවල් පවුලේ අයෙකුගේ කිවිසුම පවා අන් අයට දැනෙන හැගෙන තරමට අප ලබැදියන් වී සිටිමු.

එපමනක් නොව සාමාන්‍ය සමාජයේ අපිට ඇසුරුකරන්න කතාබහ කරන්න ලැබෙන්නේ සම වයස් , සම වෘත්තීකයන්, සම සමාජ ස්තරයන්, සම ආර්ථික සහිත සියළු කරුණු කාරණාවන් වලින් අපට සමාන වන පුද්ගලයන්ය. වෛද්‍යවරයකු ආශ්‍රය කරන්නේ වෛද්‍ය ක්ෙෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ය. ඉංජිනේරුවකු ආශ්‍රය කරන්නේ ඉංජිනේරු අංශයට අදාල පුද්ගලයන්ය. බස් කොන්දස්තර කෙනෙකුට ආශ්‍රය කරන්න ලැෙබන්නේ ඒ ආශ්‍රිත පුද්ගලයන්ය. වෛද්‍ය වරයකු සමග හරි හරියට කදේ දමන්නට බස් කොන්දස්තර කෙනෙකුට තියෙන අවස්ථාවන් ඉතාමත් අල්පය. ඒ සදහා අවස්ථාවක් නැතයි කිවහොත් වඩාත් උචිත යැයි මට සිතේ. එනිසා අප සාමාන්‍ය සමාජ ආශ්‍ර ක්‍රමය ඒක කේන්ද්‍රීය සමාජ ක්‍රමයක් යැයි නම් කළ හැකිය.

මෙම ඒක කේන්ද්‍රීය සමාජ ක්‍රමය නිසා හුවමාරු වන අදහස් උදහස්, දැනුම ආකල්ප, ජීවන අත්දැකීම් මෙන්ම විහිළු තහළු එම එක් එක් ස්තරයන් හී පාවෙන තත්වයක් පවතී. එක් ස්තරයක දේවල් තවත් ස්තරයක් සමග මුහුවීමට අවස්ථාවක් නැතිය. ඒ හේතුවෙන් පහල ස්තරවල සිටින්නන්ට ඉහල ස්තරයන් වල සිටින්නන් ගේ සිතුම් පැතුම් හදුන්නනේ නැතිය. ඉහල ස්තරවල සිටින්නන්ට පහල ස්තරවල සිටින්නනගේ හෘද ස්පන්දනය ගැන වැටහීමක් නැතිය. මෙවැනි දේවල් හා දුර්අවබෝධයන් හේතුවෙන් ගැටුම් කාරී තත්වයන්ද ඇතිවන අවස්ථාද අප අසා හදුනා හා අත් දැක ඇත්තෙමු.

නමුත් සයිබර් අවකාශය ඔස්සේ, බ්ලොග් ගොඩැල්ල ඔස්සේ, ගූගල් බස් ඔස්සේ එම ඒක කේන්ද්‍රීය සමාජ සංස්කෘතියට තිතක් තබමින් සියළු සමාජ ස්තරයන් එකම පංතියකට එකම ස්තරයට කැන්දමින් තිබේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පරිගනක වේදීන්, බැංකු ලිපිකරුවන් හා විධායක ෙශ්‍රණි වල පමනක් නොව පාසල් යන සිසුන්, රැකියාවක් නොකර ගෙදරට වෙලා සිටින්නන්, ගෘහනියන් ආදී එකී මෙකී නොකී සියළු ස්තරයන් එකම බස් එකේ කදේ දාගෙන දවස පුරා දැනුම, විනෝදය, හාස්යය, පාළුව, කාන්සිය බෙදාහදා ගනිමින් සිටී. සමාන්‍ය සාමාජයේ දී සර්, මහත්තයා, නෝනා ලෙසින් අමතන්න වූවන් අපි අද මචං, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ ලෙසින් ආමන්ත්‍රනය කරගමු.

ඉදින් මෙම ලෙංගතු කම් හරහා අපට ඒ ඒ සමාජ ස්තරයන් ගැන පැවතියාවූ දුර් අවබෝධනයන් ලිහා ගත හැකිවනු ඇත. අප නොදන්නා දේවල් අසා දැන ගත හැකිය. කිසියම් වැඩකට අත ගැසීමට ප්‍රථම ඒ ගැන පළපුරුද්දක් ඇත්තෙකුගෙන් අසා දැන ගත හැකිය. නොමිලේම සාරවත් උපදේශනයන් ලබා ගත හැකිය. මෙහිදී ඉරිසියාකම්, කුහකකම් හා මාන්නයන්ට පැවැත්මක් නැති හෙයින් අපට අපගේ ගැටළු වලට නිවැරදිම විනිශ්චයන් ලබාගත හැකි වනු ඇතිය.

ඉතින් මෙම සයිබර් සංගමය බ්ලොග් අවකාශය ගූගල් බස් රථය මෙන් ස්ථානයන් වලින් දැන හැදින ගත් අප ඔබ මෙම සමාජ ක්‍රමය නවමු මාවතකට ගෙන යමින් සිටිනෙමු. මිත්‍රත්වකම්, හිතහොදකම්, අසමානාත්මකම්, සමානාත්මතාවයෙන් බෙදාහදාගත් ඔබ අප දැන් එකම පවුලකි. ඉතින් අප පවුලේ කෙනෙකුට කරදරයක්, හිරිහැරයක්, දුකක් සිදුවී උදවුවක් උපකාරයක් අවැසි මොහොතක් උදා වුවොත් අපි කුමක් කරමුද? අපි ඔහුව ඇයව අමතක කරමුද? ඒ අවංක කම ලැබැදි මිතු දම සයිබර් අවකාශයේ අදුරු මුල්ලකට තල්ලු කර සගවා තබමුද?

මා ප්‍රිය සහෘදය, ඔබ මා සමග ලෙංගතුකම බෙදා හදාගත් එවැනි සහෘදයකුට අපගේ උදවු අවැසි මොහොතක් උදා වී තිබේ. සයිබර් යායෙන් ගොඩනගාගත් ඒ මිතු දම අවංක කම මනුෂ්‍යයත්වය වෙනුවෙන් ඔබේ උපකාරයේ හස්තය අපි අපේ ලබැදි සහෘදයා වෙනුවෙන් දික් කරමු.

බ්ලොග් ගොඩැල්ලේ ඉලංදාරියා හා ඒකාත්මික වූ ඔබ ඔබේ මිහිරි වදන් ඔහුගේ සවන් මත්තේ තබන්න, ඔබත් ඔබේ හැකි උපරිමය ඉටුකරන්නට පෙළ ගැසෙන්න.



සෝදුපත් කියැවීම
ගයාත්‍රී චතුරාණී


වැඩි විස්තර
ඉලංදාරියා
දුකා


ඔබ දෝහා කටාර් හී බ්ලොග් ලියන කියවන අයෙක් නම් ද ඉලංදාරියාගේ නිහඩ ලොව බිදින්න ව්‍යාපෘතියට සම්බන්ධ වන්න කැමතිනම්ද කථා කරන්න. අපි එකතුව දෝහා කටාර්වලින් ඉලංදාරියා වෙනුවෙන් කරන්න හැකි යමක් ගැන සාකච්චා කරමු.

28 comments:

  1. අප ගෙවනා මේ ජීවිතය කල්පයක් වැනි සංසාරයේ එක් තත්පරයක් පමණි
    -ලියෝ තෝල්ස්තෝයි

    ReplyDelete
  2. කරුණු දැනුවත් කිරීම ගැන තුති :)

    ReplyDelete
  3. මමත් මේ කියලා තියෙන දේ ගැන ගොඩක් දවසක් තනියෙන් කල්පනා කරලා තියෙනවා. හැබැයි මේ විදිහට කියන්නයි බැරුව හිටියෙ. ඇත්තටම උඹ අපේ සිංහල බ්ලොග් කරුවො ගැන ඇත්ත කතාව පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා.

    ඉලන්දාරියා වෙනුවෙන් අපේ එකතු වීම සිංහල බ්​ලොග් කරණයේ නොමැකෙන සලකුණක් වෙවී මම හිතන්නෙ.

    ReplyDelete
  4. දෙවියනේ... මම ඒ ලිපිය දැක්කෙ දැන්.

    ReplyDelete
  5. කොහොමද උබ මේක ඇත්තක් කියලා ඔප්පු කරන්නේ? බුදුරජානන් වහන්සේ උනත් කියු දෙයක් තමයි දෙයක් කියු සැනින් පිලි ගන්න එපා කියලා.

    1. මම හිතන්නේ මේ ලග එන පුංචි ජන්දෙට Campus කාරයෝ සල්ලි එකතු කරන්න ගහපු වැඩක්. (jvp)

    2. වැප්ට සල්ලි නැතිව ඉන්නේ උගේ සිංඩිය හදන්න. lksevers එකෙන් දැන් උව ගනම් ගන්නේ නැ එක නිසා උන් ටික එකතු වෙලා ගහපු ගැටයක් වෙනත් පුලුවන්.

    උබ මේ කොමෙන්ට් මැකුවොත් මම හැමෝගෙම බ්ලොග් ‍වල මේ කොමෙන්ට් දානවා පරිසමෙන් හිටපන් අනතුරැ ඇගවිමක් තොට

    ReplyDelete
  6. බොහෝම ස්තුති නිර්නාමික මහත්මයාට අදහස් දැක්වුවට....නිර්නාමික ඇවිත් ඉතා බුද්ධිමත් කොමන්ට් එකක් නෙවේ කීපයක්ම දැම්මට ඒවා මකන්න තරම් මම අවසිහියෙන් නැහැ. හරි වැරැද්ද..ඇත්ත නැත්ත නිවැරදිව ග්රේහනය කරගන්න බැරි උබ තුමා වැන්නෙක් හරි හැටි කාරනා කාරනා සොයා බලා මේ වගේ කොමන්ට්ස් දානවනම් ඉතා වැදගත් බවයි මගේ හැගීම..මේක කාගෙවත් පුද්ගලික වැඩක් නෙවෙයි.. මේක පොදු වැඩක්..ඔබ තුමා මේකට කැමති නැතිනම්..ඒක ඔබේ කැමැත්ත...ඒත් කාගෙවත් නම් ගම් යොදාගෙන පුද්ලිකව එදිරිවාදිකම් පිරිමහ ගන්න යන එක ගැනනම් මට කනගාටුයි...

    ReplyDelete
  7. මට පේන හැටියට ඔයත් සින්ඩියක් රන් කරන කෙනෙක් වගේ...ඔයාගේ සින්ඩියට සෙනග නැති නිසා හිත පොඩ්ඩක් අවුල් වගේ නේද? ඔහොම තමයි..ඒකනේ මම ඉහත කියලා තියෙන්නේ ඉරිසියා කම් වලට කුහක කම් වලට සයිබර් අවකාශයේ පැවැත්මක් නැහැ කියලා...අනික සින්ඩි කියන්නේ පුද්ගලික අරමුනක් වෙනුවෙන් රන් කරන දෙයක් නෙවෙයි.. සමාජීය වැදගත් කමකින් කරන දෙයක්...ලාංකීය සිතිවිලි බ්ලොග් කියවනය ඒකට හොද උදා හරණයක්. අතින් කාගෙන ඒ වගේ වැදගත් වැඩක් කරන අයට දිරි ගැන්වීමක් මිස බුදුන්වහන්සේත් මැදට ඇදගෙන මේ වගේ හෙලා දැකීම් කරන්න එපා. ඒක සාධාරණ නැහැ. එහෙම නේද මහත්මයා අළුත් විදිහට හිතලා අලුත් දෙයක් මෙන්ම සමාජයට වැදගත් කමක් ඇති දෙයක් කරන්න. එවිට එබටත් හොද පිලිගැනීමක් ලැබේවි.

    ReplyDelete
  8. සිතිවිල්ල වගේම පෝස්ට් එක නව මානයක්... අපි දැනටමත් ක්‍රියාත්මකයි..

    ReplyDelete
  9. To Anonymous

    How do you want this to be proved? in every way this is truly real scenario and their is nothing false. if you can prove that this is not true.

    I challenge you if you have a strong back born please be present here with you real identity without commenting as Anonymous to hide from the truth.

    we welcome any of your every kind of questions, suggestions and etc.. if and only if you are real genuine person.

    no matter what you think. but be polite in every aspects and learn how to respect to someone or something.

    ReplyDelete
  10. ගීත් ඔන්න මමත් ආවා. ඉලන්දාරියාගෙ පැත්තෙත් ගියා. ස්තුතියි ඒ යොමු කිරිමට. ඔයාගෙ සයිට් එකේ background කළු නිසා මට නම් කියවන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
  11. අපේ හෘදස්පන්දනයත් එක්ක මුසුව දැනෙන දෙය ඔබ ඉතා අරුත්බරව පදකර ඉදිරිපත් කර ඇත්තේ බොහෝ අගේට. බොහෝම ස්තුතියි සහෘදයා.

    මා දුකා මිත්‍රයාගේ පොස්ට් එකට තැබූ සටහනින් කොටසක් උපුටා දක්වන්න අවසර:

    "නැතිවී යන බොහෝ දේ ගැන අපි ලිව්වෙමු, කියවූ වෙමු. කම්පාවූ වාර අනන්තයි. අනේක වාරයක් වාද වී ඇති. ඒත් සහෘදයෙකුගේ අවශ්‍යතාවයකට පිහිට වෙන්න අත්වැල් බැඳගෙන ඉදිරිපත් වූ අකාරය දැක ඇතිවූ යේ වචනයෙන් කියන්න බැරිතරම් ගෞරවයක්, ආඩම්බරයක්. ඒ අප වටා ඉන්න පාඨක/රසික පිරිසත් සහෝදර බ්ලොග්කරුවන් ද කේන්ද්‍රකරගත් සිංහල බ්ලොග්කරණයේ ශක්තියයි. ඒ ශක්තියෙන් පිහිටවෙමු.

    කාසියට ලොකු ගස් වැටෙද්දී වදු කැලෑවලත් අපිට ආවේණික පැල ඉතිරිවී ඇති සැටි දකින්නේ අභිමානයකින්."

    ඔබ විස්තර කල "උප සංස්කෘතිය" මහා කටු සේ දකින අය මේවා කඩාකප්පල් කරන්න මාන බලාවි. අපි "ඉලංදාරියා" ලියන මල්ලීට මේ වෙලාවේ අවශ්‍ය දෙය කරමු.

    ReplyDelete
  12. හැම බ්ලොග් එකකම මොහුගෙ ගිණුම් අංකය සහිත බැරයක් ප්‍රදර්ශනය කලොත් හොඳයි කියල හිතෙනව

    ReplyDelete
  13. @ Ano
    ඔහේගෙ කොන්දක් නැති බවනම් පේනවා. දිලුම් කියන්නෙ මගෙ හොඳම යාලුවෙක් වගේම "ලාහිරැ දහසක් දිලී දිලී" කියන බ්ලොගය ලියන අපේ සොයුරගෙ අසල්වැසියෙක්. මේ ගැන අපිටනම් කිසිම සැකයක් නෑ. හැම කෙනෙක්වම ඔහෙගෙ මිම්මෙන් මනින්න එපා. ඇත්තටම ඔබ වගේ බොරදියේ මාලු බාන මිනිසුන් මේ සමාජය තුල දුලභ නෑ. ඔහේ වගෙ කෙනෙකුට මේ වචන ටික කියන්න කාලය නාස්ති කිරීමත් අපරාධයක්....

    ReplyDelete
  14. මොකෙද්ද මේ ඇනෝ! මහ ගල් පාහරයෙක්නෙ. යකෝ මෙහෙමත් හිතක් පපුවක් නැති එවුන් ඉන්නවද?

    ReplyDelete
  15. ‍ඇනෝ ගැන හිතලා වැඩක් නෑ...

    මේ වගේ දේවල් වලට කලබල වෙන්න දුක් වෙන්න ඕනි නෑ. යහපත් දෙයක් කරද්දී ඒකට විරුද්ද වෙන කඩාකප්පල් කරන, ඒවා පහත් කරලා දකින අය ඕනේ තරම් ඉන්නවා. මානසික රෝගියෝ ව‍ගේ. අනුකම්පා කරන්න වටිනවා.. එච්චරයි.

    ඇණේ වෙනුවෙන් කමෙන්ට් එක ටයිප් කරන එකත් අපරාදයක්. ඉලංදාරියා වෙනුවෙන් අපි ඉන්නවා..

    ReplyDelete
  16. agreeed with geeth n ChAnDiKa..
    අපි මේ දේ කරන්නේ ඇත්ත නිසා නැතිනම් මොන අමාරුවකට අපි $ කපන් කොල් කර කර මේකට දායක වෙන්නේ.
    අනික මම මේ ගන දැන ගත්තේ ඊයේ රෑ මේ වෙනකොට සන්තොස වෙන්න පුලුවන් විදියේ දේවල් ගොඩක් තියේ කියන්න
    1. ගායක ගායිකාවන් කිහිපදෙනෙක්ට දුන් දුරකතන අමතුම් වලට ඔවුන් කීවේ සංගීත සැදැවක් කරන්නේ නම් ඔවුන්ට දන්වන ලෙස
    2 දනට හිරුFM එකත් එක්ක නිල නොවන මට්ටමින් මේ ගන කතා කරනවා හෙට දිහාවට සාර්ථක පිලිතුරක් දෙන්න පුලුවන් වෙයි

    මේ මම මගේ යුතුකම අපේම කෙනෙක් වෙනුවෙන් කරන්න සූදනම් වෙන විදිය
    ඒත් මටම දුකයි අපේම උන් මේවා බොරු කියලා එක එක ප්‍රට්චාර ගෙනියන එක ගැන

    ReplyDelete
  17. LOL, We should expect comments like that.

    Haters gonna hate. We should be inspired and go ahead, They will be with us later when we made this.

    Remember, this is a universal law. There should be some haters too!

    Add Nalin Kariyawasam and myself to contact list. We can provide more details. Also there is a plage for Dilum : https://sites.google.com/site/handsfordilum/

    ReplyDelete
  18. Okata ee kenata banala wadak wenne naa
    Eka ape samaja krame thiyena awulak
    Mokada godak denek boru kiyala anith ayawa rawattana eka dan samanya deyak bawata path wela thyenawa
    Ithin me gana hari thorathuru nodanna aya ehema kiyanna puluwan Mage post ekatath oya wage coment ekak saha wall ekaka pala kala nohaki email ekakuth awith thibuna. Mama hithanne me gana post dapu hamotama wage me athdakima athi.
    Oya abiyoga walin salenna epa. api ekama eka siber paulak wela ena hama abiyogayakma jayagena ape Dilum aiyata one gana puluwan tharam ikmanin ekathu karalademu.
    Ee ekkenata muna denna api innawa 250k ithin api salenna one naa
    Hitha hodin karana dewal waradinne naa kiyana eka mama athdakeemenma dannawa. eeka nisa apita waradinne naa. api meka kohomahari karana eka karanawamai.

    ReplyDelete
  19. @Ano : දිලුම්ව මම පුද්ගලිකම දන්නෙ නෑ. දිලුම්ගෙ බ්ලොග් එක මම බලලත් නෑ. ඒත් මට ඔය ප්‍රස්නෙ ගැන කිවුවෙ දුකා. ඒ මනුස්සය මට විස්වාස කරන්න පුලුවන් කෙනෙක්. මට වැදගත් එච්චරයි. අනික මම දන්න තරමින් බ්ලොග් ලියන අය අතරේ හොරු, බොරු කාරයො, වංචා කාරයො නෑ.

    ReplyDelete
  20. යකෝ ලක්ස 30 යනවද මෙහෙමත් වනචා. තොපි ගොන්නු. මම ඔකව පොලිසියට ගෙනාල්ලා කනට දෙකක් ගහලා කනේ අමාරැව හොද කරනවා බලපන්. මම වත්තේගම ඉන්නේ මාතලේට යන්න පැයයි යන්නේ. දොස්තරලට කියලා හොර රිපෝට් හදන්න පුලුවන් රටේ තොපිට පිස්සු

    ReplyDelete
  21. ලක්ෂ 30 යනවනම් මගේ ගෙදර එකක්නම් මම කියන්නේ මැරියන් කියලා. මෙ වංචාව හැමෝටම කියන්න අපි බ්ලොග් හදනවා බලපන්

    ReplyDelete
  22. to Anonymous

    උබට මහත්තයා කියලා ඇමතුවටත් මට පවු. ගෙවලායා උබට මේකට සම්බන්ධ වෙන්ට බැරිනම් පැත්තකට වෙලා වෙන දේ බලාගෙන හිටපං. මමත් වත්තේගම මීගම්මන. උබට මොනාද වෙන්න ඕන. මම ලංකාවට ආපු වෙලාවක ඒ ගැන හම්බ වෙලා කථා කරමු. දැනට මේ අවලං කථා ප්රමසිද්ධියේ දාන්නෙ නැතිව පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවද? කනට ගහලා ලෙඩ හොද කරන්න උබ වයිමගේ පුතාද. උබට මොකක් හරි ලිංගයක් කියලා එකක් තියේනම් ඒ විදිහට ඒ නමින් ඉදිරිපත් වෙයං. මෙතන කොහෙටවත් නැති එකෙක් වගේ කට මැත දොඩවන්නේ නැතිව.
    උබත් එක්ක ආතල් ගන්න අපිට වෙලාවක් නැහැ. උබට ආතල් එකක් ගන්නම ඕනෙන්ම් මේ වැඩේ ඉවර උනාට පස්සේ ඒ ගැන සලකලා බලමු. දැනට වෙන දේ බලා හිටියහම හොදටම ඇති.

    ReplyDelete
  23. ඇත්තටම බුද්ධි අපි ක්රි්යාත්මක වෙන විදිහට ඒ ගාන හොයා ගන්න පුවවන් උනොත් මේ සයිබර් අවකාශයේ නව පර්ච්ජේදයක් වෙයි.

    තිසර ඔන්න මමත් දැම්මා.

    චන්දික, බ්ලොග් ගඩොල්, චතුවා මේ නිර්ණාමිකයන් ස්වයං වින්දනයක් ලබන්නේ. ගනන් ගන්න දෙයක් නැහැ.

    Dark නියමයි. අපි අපිට හැකි උපරිමයෙන් කැප වෙමු.

    බින්කූ සෑහෙන වැඩ කොටසක් කරනවා මේ ව්යාිපෘතිය සම්බන්ධව. මම දන්න හැටියට ඔබත් මේ රෝගයෙන් පීඩා වින්ද කෙනෙක්. ඔබගේ මේ මැදිහත් වීම ඉතා ප්ර සන්සනීයයි.

    nextstepcherub ඇත්ත. ඒ අතින් බලපුවහම නිර්නාමිකයගේ කොමන්ට්ස් වල පොඩි ගත යුත්තක් තියෙනවා. නමුත් ඒක වුනත් කියන්න විදිහක් තියෙනවා. අනික මේ වැඩේට 250ක් 300ක් දෙනා එකට පෙළ ගැසී ඉන්නවා. ඒ තුල තියෙන්නේ විස්වාසය අවංක කම. මමත් පුද්ගලිකව ඉලංදාරියව දන්නවා. මගේ සද http://magesanda.blogspot.com/ ලියන පසන් ඉලංදාරියා රෝහල් ගතව ඉන්න දවස්වල ඔහුව බලන්නත් ගියා. ඒ විතරක් නෙවෙයි. ඉලංදාරියාගේ කුඩා කල සිට හොදම යාලුවා http://easankad.blogspot.com/ එක ලියන වගේම මේ ව්යාාපෘතියට සම්බන්ධව සියළු දේ කලමනාකරනය කරන අසංක මගේ පාසල් කාලයේ පංතියේ මිතුරෙක්. ඔහු පෙරාපු මනුස්සයෙක්. ලිපි ලේඛන වලට වඩා ඒ විස්වාසයන් හොදටම ප්රමමාණවත් මේ වගේ වැඩකට උදවු කරන්න.

    ReplyDelete
  24. මචෝ ගීත් - කන්දක් පාත් වෙන්නේනෑ නේ බල්ලෙක් බිරුවා කියලා..
    ඒ වගේම බල්ලෙක් අපේ කකුල හැපුවා කියලා අපි ඌගේ කකුල හපන්න යන්නේ නෑ නේ..

    ඒක නිසා ඔය ඇනෝ කාරයට ඇති වෙනකන් විකාර කියවන්න ඇරපං..

    උඹේ පෝස්​ට් එක ගැන කියනව නම් උඹ සිරවටම විග්‍රහයක් දීලා තියෙනවා..

    කොහොම වුනත් අපේ ඉලං කන් ​කෛන් වැඩ ගන්න ාලේ ළඟ ළඟම එනවා..
    එච්චරයි ම දන්නේ...

    ජය වේවා...!!

    ReplyDelete
  25. ඇනෝ : තව ටිකකින් මම අභීත එක්ක යනව ආසිරි එකට ඉලංදාරියා හම්බ වෙන්න. උඹ හිතනවද බොරුවක් නම් මෙච්චර මිනිස්සු එකතුවෙයි කියල කෙනෙක්ට උදවු කරන්න.

    ReplyDelete
  26. නුවර අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න පොඩි රැස්වීමක් දාගත්තා. ලබන ඉරිදා (2011-02-06) උදේ 9.00 ට. පුලුවන් හැමෝම එන්න. kandy town.

    අපි ටිකට් එකක් මුද්‍රණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ. ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න මේ ලිපිය බලන්න
    http://www.amila.tk/2011/01/blog-post_31.html

    ReplyDelete
  27. ස්තුතියි මෙය අපිට දැන්වුවාට ... මමත් කියෙවුවා... පුලුවන් විදියට උදවු කරන්නම්...

    ReplyDelete
  28. අලුත් පෝස්ට් එකක් ඇති කියලා ඇවිත් බලන මට ගහන්න ඕන..

    2011-01-29 පස්සේ පෝස්ට් එකක් නැත.
    අහෝ මත දුකකි!! ඉරි නැත ,තිතකි .

    ReplyDelete

ඇත්තම කියන්න