2011/12/01

ඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැන


ඔබ ගැන මගේ හිතේ තිබුන ආදරේ ගැන
ඔබ මිස වෙන කවුරුවත්ම දන්නෑ ඒ ගැන
ඔබ ගැන මිස හිතන්නේ නැහැ වෙන කෙකු ගැන
ඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැන

ඔබෙන් වෙන්ව ගෙවු සෑම තත්පරේ පවා
ඔබ නොදන්නවාට ඔබට ආදරේ කලා
ඔබෙන් ලැබුණු හාදුවේ සුව හදවතේ තියා
ඔබෙන් වෙන්ව ගියෙ දෑසේ කදුලු සගවලා

ඔබෙන් වෙන්ව හිටියත් දුර ඈතකට වෙලා
ඔබත් ඒක්ක ඉන්න ගොඩක් හීන බල බලා
ඔබෙන් ලැබුණු ඡායා රුව දිහා නෙතු හෙලා
ඔබෙන් ලෑබෙන සෙනේ විදිමි තනිව තනි වෙලා

5 comments:

  1. මල්සරාට ලියුම් ලිය ලිය හිට මම
    නුඹ ඇවිත් සැනසුවා ජීවිතය මගෙ තව
    මල් සරා විදි හීය අමතක කරා දමා මම
    නුඹ නමින් පෙම් ගී ගයමි අද දිනද මම

    මල් සරා තවමත් ඇත දුනු හී විදිමින
    නුඹ වැනි අය ඇත ඔහු අද මගහැර
    තනි නැහැ මල් හී තව ඇත විදුමට
    කරපං තව ලවු ලං වුන කෙල්ලට.. :-D

    ReplyDelete
  2. කාලෙකින් මේ පැත්තේ ආවේ.. නියමයි ගීත් අයියේ වචන පේලි

    ReplyDelete
  3. Obata thiyena adaraya, Oba dannawanam> :P

    ReplyDelete
  4. ගතින් හැමදාම ළඟ නොහිටියට,
    හිතින් ළඟ ඉන්න හැමදාම පුළුවන්...

    ලස්සන පද පෙළක් සහෝ...

    ReplyDelete
  5. හිතට දැනෙන දේ ඇත්තයි නුඹට හැඟේ නම්
    ඔබව නොදැක ඇයට ඉන්න බැරි වී ඇත්නම්
    දුටු විට දමා යන්නට හිත බෑම කියයි නම්
    පොඩ්ඩක් කල්පනාවෙන්, මඟ හරි වාගේ නම්
    :D

    ReplyDelete

ඇත්තම කියන්න