2010/02/04

ආවඩා ආයූ බෝ වේවා

Photobucket

ඔන්න කාලෙකට පස්සේ සහෘදයා ආවා. අද නිදහස් දිනය. අද මුළු ලංකාවම නිදහසේ සැබෑ සුවය අත්විදිනවා ඇති. මම එහෙම කිවුවේ මම ලංකාවේ නැති නිසා..අපි ඉපදුන දා පටන් හැම වසරකම නිදහස් උත්සවය සැමරැවත් එය නිකම්ම නිකන් නොකර බැරි දෙයක් නිසා කෙරැවා වගේ හැගීමකින්නේ අපි එය සැමරැවේ.. මොකද යටත් විජිතයෙන් අපි නිදහස් උනත් අර ගල් මූසලයා අපිට නිදහසේ යටත් විජිත වාදී නිදහසවත් සමරන්න දුන්නේ නැහැ නේ.. කොයි වෙලේ කොහේ පුපුරයිද කියලා බයෙන් නේ අපි හිටියේ.. ඒත් අද ඒ තත්වය නැහැ. අද අපි සැබෑවටම නිදහස්. සිතින් ගතින් හැම විදිහකින්ම නිදහස්. නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....හැම දෙයකින්ම අපි නිදහස්.

හු..............................නිදහස්.....නිදහස්.....කන්දක් මුදුනට නැගලා හු......කියලා කෑලහලා කියන්න ඇතිනම් මේ නිදහසේ අගේ. ඒ තරමටම අපිට දැන් සැබෑ නිදහසේ අගේ තේරෙනවා. හූ කියලා කෑගහලා හරි නිවාඩු දවසේ නිදහසේ පොඩි අඩියක් දාලා හරි සමරන නිදහසින් ඔබට ආත්ම තෘප්තියක් ලැබේවී නමුත් අමතක කරන්න එපා අපිට අවැසි විදිහකට නිදහසේ නිදහස සමරන්න ලැබුනේ තමන්ගේ නිදහසත් ඇගේ අතපය ඇට මස් ලේ නහර හා ජීවිතය බිලි දුන් අපේ සහෘදයන් රැසක් නිසා බව..

එදා ගොන්ගාලේ ගොඩ බණ්ඩලා වීර පුරන්අප්පුලා කැප්පෙටිපොළ සෙනෙවිලා ආදී වීරයනුත් අද හසලක ගාමීණිලා නීරොලා වැනී වීරයනුත් මතක් කරලා ඔවුන්ට පින් අනුමෝදන් කරන්න... ඔවුන් වෙනුවෙන් එක පහනක් පත්තු කරන්න. මතු උපදින ආත්මබවයක ඔවුන්ට අකල්මරනයන්ට ගොදුරැ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න.. මතු උපදින ආත්මයක සැබෑ නිදහසේ සැබෑ සුවය සිසිලස අත් විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න..


ඔබට සැබැ නිදහසේ සැබෑ සිසිළස සුවය දැනේවා.

GEETH

13 comments:

  1. ඔය ඔබතුමා කියන්න ඇත්තේ, (අ)මුතු ඇටේ සිංහලයන්ට ලැබුනු නිදහස ගැන වෙන්ටෑ..

    ReplyDelete
  2. නැහැ පිස්සු බුවා. අන්දමන්ද දුපත් වැසියන්ට.

    ReplyDelete
  3. ඇත්තද? ඒකනේ මම ඒත් හිතුවා ඔහේ ඔය කියන්නේ (ආ)මුතු ඇටේ නිදහස ගැන වෙන්න බෑ කියලාත්.
    මොකද එහේ අර උතුරේ අනාථ කඳවුරු වල ඉන්න අහිංසක දෙමළ මිනිස්සු දුක් විදිද්දි, සිංහලයෝ කොහොමද නිදහස සමරන්නේ නේද? අමුතු ඇටේ ඉන්නේ සදාචාර සම්පන්න චෝයි මිනිස්සු නෙව...

    ReplyDelete
  4. ආ උඔ ආවද? එල එල නිදස් දවසේවත් උඔට අපිව මතක් උනාට.... කොහොමින් කොහොම හරි අපි උබට දැන් නිදහස තියනවා ...

    ReplyDelete
  5. එළ පිස්සෙක් නෙව. ඔව් පිස්සෙක් වුනත් කිවු දේ ඈත්ත. ඒත් නිදහස් දිනයටවත් ජාතිවාදය ගාව ගන්න එක මම අනුමත කරන්නෙ නැහැ. අනිත් ජාතිනුත් කැපකිරිම් කලා. නැතුවා නොවේයි නමුත් නිදහස දිනාදෙන්න වැඩි කැපකිරීමක් කලේ සින්හල කොල්ලෝ නමුත් එහෙම කියලා සින්හලයො විතරක් නිදහස බුක්තිවිදිනව කියන්නෙ කවුද? නිදහස බුක්ති විදින්නේ සිංහලයො විතරක් නෙවෙයි. හැම ජතිකයෙක්ම, ශ්‍රි ලංකා වාසි සියලු දෙනාම මේ නිදහස බුක්ති විදිනවා. කාටවත් ඒකට බදා කරලා නැහැ. ඔබ තුමා කියන ආකාරයට තවමත් අවතැන් කදවුරු වල දුක් විදින සීමිත ප්‍රමාණයක් දමිල ජාතිකයන් ඇති. නමුත් ඔවුන් එසේ රදවාගෙන ඉන්නේ ඔවුන්ගෙ නිදහස සීමකිරිමේ පරමාර්ථයකින් නොවේයි. ඔවුන්ට ජිවත් වීමට සුදුසු යහපත් පරිසරයක් වුදාකර දීමෙ ඒකයන පරමර්ථ්යෙන්. ඔව්න් එසේ සිටියත් එදා සිටි තත්වයට වඩා සිතේ නිදසකින් දැන් ජීවත් වෙනව ඇති

    ReplyDelete
  6. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටෙකුත් තවත් චුට්ටක් ඕනි කියනවනේ. ඒ වගේ මොක කලත් ඒකෙ තවත් චුට්ටක් ඉතිරිබවත් ඒ චුට්ට අර ඉවරකරපු 99%ට වඩා විසාලෙට දකින කස්ටියකුත් ඉන්නව. අපට දැන් බෝම්බයකට බිලි නොවීආපහු ගෙදර එන ගැරන්ටිය පිට ලංකාවේ ඕනෑම ජනාකීර්න නගරයකට ගිහින් එන්න පුලුවන් බව ඇයි අපි හිතාමතාම අමතක කරන්නෙ.
    මම නං සහෘදයා එක්ක එකඟයි. මේක තමයි නාමිකව නැතුව සත්තකින්ම හිතට එකඟ සැමරිය හැකි පලමු නිදහස් දිනය. එය ඉදිරියටත් එසේම පවතීවා !!!

    ReplyDelete
  7. නිදහස ගැන කතා කරද්දි අපිට අමතක කල නොහැකි කෙනෙක් ඉන්නව. ඒ වෙන කවුරුත් නෙමෙයි අපිට මේ සැබෑ නිදහස ලබා දෙන්න සටන් බිමේ යුද වැදුනු වීර සෙබලුන්ව මෙහෙයවූ හිටපු හමුදාපති. එත් කියන්න කනගාටුයි. අද එතුමාට තමන්ගෙ නිදහස අහිමි වෙලා. කෘතවේදී මිනිසුන් විදියට අපි එතුමාගේ නිදහස වෙනුවෙන් යම් සාදාරනයක් කිරීමට පෙල ගැසිය යුතුයි කියලයි මගේ හැගීම.

    ReplyDelete
  8. ඇත්ත නිලන්ත. ඉස්සර අපි බස් එකකට නගින්නේ හිට්ලර්ගේ ‍වධකාගාරයට යන කෝච්චියට නගින යුදෙවුවෝ වගේ. කොළඹ වැඩකරලා සති අන්තයට ගමේ යන බස් එකට නගින්නේ සියළු ආශාවන් අත්හැරලා.. ඒ බස් ‍එකේ දෙමළ කාන්තාවක් එහෙම හිටියොත් ඇගේ ලේ විතරක් නෙවෙයි ඇටකටු ටිකත් වතුර වෙන්නවා. අර දමිළ කාන්තාවත් කොපමණ අපහසුතාවයකට පත් වෙන්න ඇත්ද? මොකද අපි එයාල දිහා සැකෙන් සාන්කාවෙන්නේ බලන්නේ. ටික දෙනෙක් ගේ පාහර වැඩ නිසා සාධාරනව සාමකාමීව ජීවත් වූ දමිළ හා මුස්ලිම් ජාතිකයන් විශේෂයෙන්ම කානතාවන් කොපමණ අපහසුතාවයට පත් වෙන්න ඇත්ද ? නමුත් දැන් එයාලටත් නිදහසේ රටේ ඕනෑම අස්සක මුල්ලක ගියහැකි. කවුරැවත් සැකෙන් සාන්කාවෙන් බල්න්නේ නැහැ . ඒකයි නිදහස කියන්නේ. ඒකයි හැමෝටම බලපවත්නාවු නාමික නොවු සැබෑ නිදහස කියන්නේ.

    රාජපක්ෂ මැතිතුමා නිසාද ෆොන්සේකා මැතිතුමා නිසාද ගෝඨාබය මැතිතුමා නිසාද යුද්ධය දිනුවේ කිය කිය වාද කරනවාට වඩා ඔවුන් සියළු දෙනා එක්වී එකාවන්ව එකමුතුව වඩාත් නිවැරදි තීන්දු තීරන මතින් මෙහෙයුවූත් තම මාසික වේතනය හෝ වෙනත් පරමාර්ථනයයන්ගෙන් තොරව රට බේරා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් දිවියම කැපකල අපේ කොල්ලෝ නිසාවෙනුත් අපට ලැබුන උදාර වු නිදහස අප ගෙෘවරව බහුමානයෙන් ආම්බරයෙන් සැමරිය යුතු වාක් මෙන්ම රැකගත යුතුය. . දේශීයවත් විදේශියවත් අවස්ථාවාදී දේශපාලන හස්තයන් විසින් මෙම ජයගහනය හෑල්ලුවට ලක් කරන්න මානසික මෙහෙයුමට නායකත්වය දුන්න නායකයන් විරසක කරන්න බේදබින්න කරන්න දරන උත්සහයන් පරාජය කිරීමට අප ඵකාවන්ව එක්සිත්ව පෙළ ගැසීය යුතුයි.

    ReplyDelete
  9. කාලෙකින් දැක්කේ... නිදහස නේද? හ්ම්ම්.. සුබ නිදහස් දිනයක් වේවා..!

    ReplyDelete
  10. අපිනම් නිදහසේ නිදහස සමරනවා.ඒත් ඔයගේ නිදහස සිමා වෙල නේද?

    ReplyDelete
  11. පිස්සා කියන දේ නම් ප්‍රශ්නයක් නෑ. මොකද ඒ පිස්සෙක්නේ. ඒත් අනෙක් අයත් ඒක අනුමත කරන එක තමයි දුක.

    උතුරේ අනාථ කඳවුරු වල ඉන්න එක ඔය කියන තරම්ම දුකක් නම් ඒ මිනිස්සු අවුරුදු 30ක් කොහෙවත් යන තක්කඩි රැළකගේ වුවමනාවන් වෙනුවෙන් තමන්ගේ, තම නෑයන්ගේ දරුවන්ගේ ජීවිත නැති කරගනිමින් අත් පා අහිමි කරගනිමින් අහස උසට බදු කියමින් අය කරන කප්පම් ගනිමින් ඉන්න ඇත්තේ පුදුම ආතල් එකකින් වෙන්න ඇති.

    දැන් කඳවුරු වල තාවකාලිකව නවත්වා සිටින මිනිස්සු මේ වසර 30ක තරම් කල් යුද්ධය තියෙද්දී විඳපු දුක් ගැන කෑ ගහපු නැති එවුන් දැන් ආපහු දකුණේ මිනිසුන්ගේ බදු මුදලින් ඔවුන් පිටරටවල් වලට ණය වී ගන්න මුදල් වලින් ගෙවල් හදලා නගර හදලා පදිංචි කරවනකම් ඉන්න බැරිව කෑ ගහන්නේ මොන අමාරුවක් තියෙන පිස්සොද කියලා පිස්සු නැති අනෙක් අයට නම් තේරුම් ගිහිල්ලා ඇති මං හිතන්නේ.


    Thejan

    http://lankanthoughts.blogspot.com

    ReplyDelete
  12. eeka etta. apita nidahasak den tiyenawa tamai. eth ithin eeka hari nidahasakda kiyana ekai problem eka...
    mamath pissage adahasath ekka ekagai.

    Thejan nidahasa kiyanawa ette 'Hujja kireeme nidahasa or Bogak demeeme nidahasa wenna one'.
    ehema neda?

    ReplyDelete
  13. ඇත්ත තේජාන් සම්පූර්ණ ඇත්ත. ඇයි අපේ මිනිසුන්ට ඔය ටික තේරුම් ගන්න බැරි. අර නිලන්තත් තිවුව වගේ මොක කලත් ඒකෙ තවත් චුට්ටක් ඉතිරිබවත් ඒ චුට්ට අර ඉවරකරපු 99%ට වඩා විසාලෙට දකින කස්ටියකුත් ඉන්නව.

    කැලුම් නිදහස අර්ථකතය කරන්නේ කොහොමද කියන එක අපැහැදිලි යි. සමහර විට ඔබතුමා කියන්නේ ආර්ථික නිදහස හෝ දේශපාලනික නිදහස ගැන වෙන්න ඕන. ඒක වෙනම කථා කල යුතු දෙයක්. ඒක ආර්ථික විද්‍යාවට හා දේශපාලන විද්‍යාවට සම්බන්ධ දෙයක් හැටියටයි මම අත් දකින්නේ. මොකද අනිත් කට්ටිය කියන්නේ. මූලිකව කිවුවොත් අපි කථා කරන්නේ සමාජීය හා පාරිසරික නිදහස ගැන. මරන බියකින් තොරව රටේ ඔනැම තැනක සිට රටේ ඕනෑම තැනකට ඔනෑම ජාතිකයෙකුට ඔනෑම භෂාවක් කථා කරන්නෙකුට ඕනෑම දිනයක ඕනෑම වෙලාවක සංචරනය වීමට ඇති නිදහස ගැනයි.

    ඔව් සෙනරත් මගේ නිදහස නම් සීමා වෙලා මොකද මම අද ඉන්නේ නිදහස් ලංකාවේ නොවන නිසා. ලංකාවේ හිටියනම් මටත් නිදහසේ නිදහස සමරන්න තිබුනා. නමුත් සැබැ නිදහසේ සැබෑ සුවය මටත් දැනෙනවා කායිකව නොවුනත් මානසිකව. අපි කොහේ හිටියත් හැම තත්පරේම ලංකාවත් එක්ක. මොකද මොන පුශ්ණ තිබුනත් ලංකාව තරම් සුන්දර නිදහස් නිවහල් රටක් මේ ලෝකේ නැති නිසා. .ඒක තේරුම් ගන්න ලංකාවෙන් පිටට එන්නම ඕන. ලංකාවේ නිදහස ලංකාවේ සුන්දරත්වය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගන්න ලංකාවෙන් පිටට එන්නම ඔන.

    ReplyDelete

ඇත්තම කියන්න