2010/02/18

සිංහල සිනෙමා ඉතිහාසයේ මාගේ එකම වීරයා ඔබය

කාර්යාලයේ ලද නිමේෂයේ
2010.02.18








තෙරුවන් සරණයි



මගේ සදාදර සිනෙමා වීරයානෙණි,

විජය ඔබ අද කොහොම කොහේ සිටිනවාදැ මා නොදනිමි. කොහේ කොහොම සිටියත් සැපෙන් සනීපෙන් සුවෙන් සිටිනු ඇතැයි මම සිතමි පාර්ථනා කරමි. ඹබගේ සුවදුක් පවසා පිළිතුරැ ලිපි නොලියන බව මා දනිමි. නමුත් මා ඹබට ලියමි. ඒ මම ඔබට ඒ තරම් ආදරය කරන නිසාවෙනි.

සිංහල සිනෙමා ඉතිහාසයේ මාගේ එකම වීරයා ඔබය. ඔබ සිටි කාලයේ කල කී දෑ මම අසා නරඹා සවන් දී හා කියවා ඇත්තෙමි. එයින් මා සිතේ ඔබ කෙරෙහි වීරත්වයක් ගොඩනැගුනි. ඔබගේ චිත්‍රපට සියල්ලම නොවුනත් වැඩි ප්‍රමානයත් නරඹා ඇත්තෙමි. ඔබගේ ආරෝහ පරිනහදේහය, අවංක අව්‍යාජ සිනාව, ඹටම ආවේනික කෙස් කලඹ ඔබගේ රංග පෞර්ෂත්වය ඔප්නැංවු පෙර පින් බලයෙන් ඔබට හිමි වූ ආබරණයන්ය.. ඔබගේ සියළු ගීතයන් මා අසා ඇත්තෙමි. ඉතාම ගැඹුරැ කටහඩකින් ඉතාම ළයාන්විතව ඔබ ගැයූ ගීත විඩා බර මනසට දිව ඔසුවන්ය. ඔබ ගැයූ ගීත වලින් මම කැමතිම ගීතයේ කොටසක් පහලින් දක්වා තිබේ.

ඔබ අප තනිකරගොස් පෙබරවාරි 16 වෙනිදට අවුරැදු 22කි. නමුත් ඔබෙන් හිස් වු ලාංකීය සිනමාවේ නළුවාගේ චරිතය තවමත් විවෘතය. මේ අවුරැදු 22 පුරාවට ඔබවන් වූ සිනෙමා වීරයෙක් තවද අපට නැත. ඔබත් සමග ලාංකීය වානිජ සිනමාව තවමත් කඩා වැටෙමින් පවතී. ඉද හිට එක එක චිත්‍රපටිද එක එක රංගධරයන් පැමිණියද නළුවා නිසා චිත්‍රපටි බලන්නට එන රසිකයන් අද නැත. ඔබ ඔවුනද ඔබත් සමග රැගෙන ගියෙදැයි මා නොදනිමි. නළුවා නිසා නැතහොත් වීරයා නිසා චිත්‍රපටි බලන්නට එන රසිකයන්ගෙන් දැන් සිනෙමා ශාලා හවුස් ෆුල් වන්නේ නැත. ඒ ඔබගේ රංග පෞර්ෂත්වයට සම කරන්න තවම රංගන ශිල්පියකු අප සිංහල සිනමාවට ආවේ නැති නිසා වෙනි. ඔබගේ අඩුව නිසා විදේශිය නළුවන් අප රටේ නිතරගයෙන් වීරයන් වී සිටී.

විජය කුමාරතුංගයානෙණි තව එක් වරක් වත් පැමිණ ලක් පොළවේ පය ගසා අපගේ වීරයා වන්න. තවමත් කඩාවැටෙමින් පවතින අපගේ වානිජ සිනමාව ගොඩගන්න උදවු කරන්න. ඔබෙන් හිස්වු සිංහල සිනෙමා වීරයාගේ චරිතය ඔබ එන තුරැ තවමත් බලාගෙන සිටී. අදට මා නවතිමි . ආයෙම ලිපියකින් ඔබ අමතන තුරැ ඔබට බුදු සරනයි.

මෙයට
ඔබට සදා ළබැදි


සහෘදයා



තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
මගෙ රත්තරං අම්මේ
මං පඩි අරං අදහෙට එනතුරු ගමට
තිස්තුන් කෝටියක් දෙවිරැකවරණයි උඹට


(මෙම ගීතයෙ blog embed code දන්න කවුරු හරි ඉන්නවනම් මට ලබා දීමට කාරුනික වන්න)

7 comments:

  1. ඒක හරි මචං, අපේ සිනමාවේ හොඳම තරුව මේක තමා.
    අද කාලේ පායන පුස් තරු වගේ නෙමෙයි.

    /බිඟුවා...!

    ReplyDelete
  2. මිනිසුන් අතර සැබැ මිනිසෙක්. අයුක්තියට එරෙහිව කැගැසු නියම මනුස්සයෙක්. මට කෑගැස්සුනා හදිස්සියෙම මෙක දකිද්දි. විජය කුමාරතුංගයන්ගෙ සිනමා ජිවිතයට වඩ සැබැ ජිවිතෙදි ඔහු තුල තිබු ගතිගුණ වලට මම කැමති ගොඩක්. ආදරෙයි ගොඩක් මනුස්සකම් තිබුනු සුන්දර නිහත්මානි, මහත්මයෙකු. මෙ වගෙ මිනිස්සුන්ව මරාදාල තමයි මිනිස්සු රජ උනෙ මගෙ රටෙ.

    ReplyDelete
  3. ඒ මුනට T56 කින් වෙඩි තියපු එකාගේ මානසිකත්වය හිතගන්න පුලුවන්ද?

    ReplyDelete
  4. සිංහල සිනමාවේ මගෙත් ප්‍රියතම නලුවා. මගේ අදහසට අනුව සිංහල සිනමාවේ එතෙක් මෙතෙක් බිහිවූ රෝමාන්තිකම රංගන ශිල්පියා තමයි විජය.

    ReplyDelete
  5. බිඟුවා
    රවා
    Raven

    විජය කුමාරතුංග නැති වුන එකේ පාඩුව තව කාලයක් යනකන් එහෙමම තියේවි. ඒ මුහුනට ගහන්න මුහුනක් පිසසු හැදෙනවා. ඔව් දේශපාලනික වත් සාමාන්‍ය ජීවිතයේදිත් සැබැ මානව හිතවාදියෙක් කියලා මම අහලා තියෙනවා. අවස්ථාවාදී දේශපාලනය ඒ සමනලයට T56 කින් වෙඩි තිබ්බලු.

    ReplyDelete
  6. මගෙත් ප්‍රියතම නලුවා...

    ReplyDelete
  7. මේ කතාව නම් ඇත්ත.අපිට අහිමි වෙලා ගිය සැබෑම තරුවක් තමයි මේ.

    ReplyDelete

ඇත්තම කියන්න