2010/02/13

වැලන්ටයින් ට කඩේයන වානිජවාදී ආදර‍යෙන් අත්මිදෙන්න

ආහ් කට්ටියම සූදානම් වෙන්නේ වැලන්ටයින් ව සමරන්ට වගේ. ශෝක් ඔහොම යන් ඔහොම යන්. දැන් කට්ටියම මාල වලලු කරාබු පෙන්ඩන්ට් චොකලට් රෝස මල් අයි පොඩ් මොබයිල් ‍ෆෝන් එහෙම අරගෙන සූදානම් ශරීරයෙන් ඇත්තේ. ශෝක් කියන්ට තමා තියෙන්නේ. වෙන මක්කක් කියන්ටද? ම්......නැත්තෙමත් නැහැ. ඔන්න ඔහේ කියල දානවා ඕන මරදානක් වෙන්න කියලා. සිතන්නට තහන්චි නැතිමුත් ලියන්නට තහන්චි නැතිමුත් මගේ සිතිවිලි කුමක් අරබයා සගවාගෙන සිටිම්ද?

සමහරු නම් කෙල හල හල බලාගෙන ඉන්න ඇත්තේ මාස 2 ක 3 ක ඉදන්ම මේ වැලයා එනකන්. මොකද තමන්ගේ පෙම්වතාට පෙම්වතීට තමන්ගේ ආදරේ තරම පෙන්නන්න. ආදරේට තරමක් කිරුමක් මිණුමක් අවශ්‍යද එවැන්නක් කල හැකිද කියන පුශ්නයකුත් පැන නගිනවා. සහෘදයා හිතන හැටියට නම් ආදරේ මෙච්චරයි කියලා පෙන්වන්න විදිහක් නැහැ. ඒ වගේම ආදරයේ තරම ‍ඔප්පු කල යුතු හෝ පෙන්වීය යුතු දෙයක් ද නොවේ. එය හදවතින් හදවතට දැනෙන හැගෙන දෙයක් හැටියටයි සහෘදයා දකින්නේ.එය හදවතින් මොලයටත් මොලයෙන් හදවතටත් අනෙකා අනෙකා කෙරෙහි අවබෝධ කර ගත යුතු දෙයකි. එය අනෙකා අනෙකාට අවබෝධ කර දිය යුතු දෙයක් නොවේ. එසේම තමන්ගේ ආදරයේ තරම අනෙකාට අවබෝද කර දෙන්න සිදුවන්නේ නම් එතන ඒ දෙදෙනා අතර සැබෑ ආදරයක් සෙනෙහසක් පවතිනවාද දෙදෙනා කෙරෙහි සැබෑ අනෝන්‍ය අවබෝධයක් පවතිනවාද යන්න දෙවරක් සිතීය යුතු කාරනයකි.

වානිජවාදී ආදරයක් තුල සැබෑ ආදරයක් නැත. සැබෑ ආදරය ඇත්තේ සවෘන්දර්යාත්මක ආදරයක් තුලය. සැබෑ ආදරවන්තයින්ට විශේෂිත දිනයක් හෝ තෑගී බෝග අවැසි නැත. සැබෑ ආදරවන්තයින්ට ඔවුන් මුන ගැසෙන හැම තත්පරයක්ම විශේෂිත මොහොතකි. දොඩමලු වන සෑම වචනයක්ම ආදරයේ තරම පෙන්වන විශේෂිත ත්‍යාගයකි. සැබෑ ආදරවන්තයින් සැබෑ ආදරවන්තියන් අනෙකාගෙන් ත්‍යාග හෝ වානිජවාදී වටිනාකම් බලාපොරෝත්තු නොවේ. එලෙස ඉල්ලීම් නොකරයි. මේ එලබෙන වැලයාගේ දිනය හේතු කොටගෙන ඔබ ඔබගේ සවෘන්දර්යාත්මක ආදරය සැබෑ සෙනෙහස රුපියල් සත වලට අලෙවි නොකරන්න. යුරොපීය ඩොලර් මුදලාලීලාට කඩේයන මෙරට ජනමාධ්‍ය ඔබේ ඔලුවට ඔබන කුණු කන්දල් හේතු කොට ගෙන ඔබගේ පරම පිවිතුරු ආදරය චොකලට් පෙත්තකට පාවා නොදෙන්න. ඔබේ ආදරය වසරේ එක දවසකට සීමා කරන්න හදන ජනමාධ්‍යන්ට ඔබගේ ආද‍රයේ නාමයෙන් අවනත නොවන්න. ඔබ සැබෑ ආදරවන්තියක් නම් සැබෑ ආදරවන්තයෙක් නම් වානිජවාදී වැලන්ටයින් මුදලාලිව මෙරටින් පන්නන්න පෙළ ගැසෙන්න. එය කල හැක්කේ වානිජ වාදී වැල ජනමාධ්‍යන් මගින් විකුනන ආදර උපකරන මිලදී ගැනීමෙන් වැලකී සිටීමෙනි. සැබෑ ආදරණීයන්ගේ ආදර උපකරන ඇත්තේ පපු කුහර මධ්‍යයේය.

5 comments:

  1. මුගේ මහප්‍රණේ ඇත්තක් තියනවා වගේ

    ReplyDelete
  2. ඔබ කියන දෙ වැටෙහෙන්නෙ ද කිපදෙනෙකුට පමණි. දෙමාපියන්ගෙන් සොරාගෙන තම ආදරවන්තිය වෙනුවෙන් ගන්නා රන් මාලයකට වඩා තමුන් මහන්සියෙන් හරි හම්බකරගත් මුදලින් ගත් මුතු පබලු වලින් තැනු මාලය වටිනා බව තෙරුම් ගිය දවසකින් පසු එලබෙන සැම දිනක්ම ඔහුනොවුන්ට ආදරවන්තයින්ගෙ දිනයක් වනු ඇත.

    ReplyDelete
  3. මල්ලි ඔබේ අදහසට මම එකගයී. මම අවුරුදු 10 ආදරය කලෙම්. නමුත් අපි කවදාවත් ඔය දිනය සමරුවේ නැහැ. මොකද ආදරය කියන්නේ දවසකට විතරක් සිමා කල හැකි දෙයක් නොවේ. එය අත්මීය බන්ධනයක්.

    ReplyDelete
  4. වැප්
    admin - www. AnuradhapuraZone.tk
    රවා
    senarath

    ඇත්ත තේරුම් ගන්නේ කිහිප දෙනෙකු පමනයි.

    ReplyDelete

ඇත්තම කියන්න