2010/11/22

සුරත් දිමුතු නෙලුම් වගෙයි මගෙ බිසව

සබද පසිදු පෙරබර දිග වඩින කල
පංචම තඹර පිපුණා සොද හැඩ රුවට
නිල්දියවර සිප එන බොද මීදුමට
නෙලුම් නෙලන්නට බහිමුද නිල් දියට


සුරත් දිමුතු නෙලුම් වගෙයි මගෙ බිසව
දුක සිතුනා සිපගන්නට නිමල් මුව
දියබට කිදුරියේ නොකරන් ලමුව කෙලැ
සැඩෝල් ලියව සගවා ගයි නෙලුම් විල


විදිවිහිගුම් බිගු කැල අර ගයන කව
සියපතක ලියමි දනිත් නම් ඒ බඹර කුර
පංචම තඹර එක් කෙමියක් මතට ගෙන
මනරම් මල් දමක් කරමි නුඹේ ගෙලට


8 comments:

  1. පෙතිගොමර දිලෙයි ඈගේ ගෙල වටෙයා
    මලමද බිසව පරදන රුව පෙනේයා
    නෙලුමුත් පාරදයි ඈගෙ මුව කමලේයා
    පංච ක්ල්යානියයි නම් පට බෑදෙයා

    ReplyDelete
  2. උඹ හැබෑම කවි කාරයෙක් නෙ බං! නියමයි නියමයි.... දිගටම ලියපන්.....මේ වගේ කවි!

    ReplyDelete
  3. හප්පා..‍අනේ බං මේකට පිළිතුරු කවි ලියන්න මං ලග වචන නෑ බං.. උපරිමයි..කොහෙන් හොයා ගත්තද මන්දා....

    නෙලුම් මල විලට ඇය රහසින් බසින කළ
    දියබට කිඳුරියන් පරදයි ඇගෙ රුව කමල
    නිල්දිය වර සිඹින නුඹගේ වත කමළ
    කෙලෙසද කියන්නේ කුමරිගෙ රුව වරුණ

    ReplyDelete
  4. ලස්සනයි.. ලස්සනයි.. ලස්සනයි..

    ReplyDelete
  5. සිනා සැලේ මගේ මුවගේ...
    කවි අරුමේ බොහොම අගේ...

    පබලු

    ReplyDelete
  6. ඉලංදාරියා
    චූටි මහත්තයා
    පතං මතං
    මුතු පබා
    පබළු කැටේ

    ස්තුති...

    මේකයි සීන් එක
    සාලිය කුමාරයයි අශෝකමාලයි මේ උදේ පාන්දර පොකුණ ගාවට සෙට් වෙලා....මොකද ඒ වෙලාවේ සේරම නිදිනේ සීතලේ ගොරව ගොරව..ඉතිං චරපුරුෂයන්ගෙන්...චරලියන්ගේන් බේරිලා පෙම්බස් දොඩන්න කදිම වෙලාව...ඒවා කොහෙද මාත් එක්ක. මම වැටෙයි පදුරක් අස්සේ ඉදන් බලාගෙන හිටියේ සීන් එක..:D...එයාලා දන්නේ නැහැ මම ඉන්න බවක්....අපිට මග ඇරෙයි යෑ ඕවා...නැද්ද..පතං..සාලිය කුමාරයා පටන් ගත්තා මේ සිංදුව කියන්න.. ඔන්න ඒ ගමන අශෝක මාලා පැන්නා පොකුණට කිදුරියක් වගේ...

    ReplyDelete
  7. ඔහ් හෝ ඒකයි මේ සිද්ධිය නේ ;) ඔයත් හැබෑම කවි කාරයෙක් තමා :D
    ලස්සනයි.. අනේ :P

    ReplyDelete
  8. නියම වචනටික අයියෙ. එළ

    ReplyDelete

ඇත්තම කියන්න