2010/11/01

නුඹට දුන්නු සිත යලි ගන්නට බැහැ

නුඹට දුන්නු සිත යලි ගන්නට බැහැ
ඒකයි මගේ ඇත්ත
දුරක් ආව නුඹ වෙනතක ගිය බව
පිළිගන්නේ කෝම
කොපමන හිතුවත් නොහිතෙන එක දෙය
අමතක කරවීම
නුඹ ගැන මතකය දින දින දළු ලයි
වැටහෙන් නෑ කරුන

හීන ගොඩක් ලග මම අද තනියම
කවුරුත් නැහැ තාම
වසරින් වසරට වයසට ගියමුත්
හිත තාමත් එතන

කදුළුත් වියැළුනු දෙනෙතේ සරනා
ඔය රුවමයි තාම
හීනෙන් හීනෙට ලගටම ආ මුත්
කිසිවක් නෑ ඇත්ත

6 comments:

  1. ඈත්ත කතාවක්ද ගීත මේ..........

    ReplyDelete
  2. නුඹට හිත දෙන්න යනකොට
    ගොඩාක් ආදරෙන් තුරුලු කර ගත්තා
    ඒත් ඒක අරගෙන යද්දී
    තලල පොඩි කරල දැම්මේ
    ඒ තරමටම ආදරේ කල නිසාද...

    නියමයි මචෝ.....:-D

    ReplyDelete
  3. වෙනදාවගේම ලස්සනයි...

    හිත ගිය තෑන මාලිගා කියන්නෙ එකනේ..

    ReplyDelete
  4. හරිම ලස්සනයි ගීත්

    ReplyDelete
  5. ආදරේ කියන්නේ කදුළු වලින් හැදුන දෙයක් කිව්වොත් මං හිතන්නේ මං වරදි නෑ..

    නියමයි සහෝ..ලස්සනයි ගොඩක්

    ReplyDelete
  6. ලස්සන පද ටික වෙන කියන්න දෙයක් නෑ . ගොඩක් ලස්සනයි

    ජයවේවා !!

    ReplyDelete

ඇත්තම කියන්න