මල් මල් මල් සල් මල් වැල් මල් වියන් විය
රුං රුං කියා මලින් මලට ගී කියා ගිය
තටු සිදිලා හති වැටිලා වැහැරිලා ගිය
මත් බබරෙක් කාහටවත් වගක් නැති විය
ගහක් වසා පිපීලා සුදුපාට අරලියා
සුවද ඇවිත් වද දෙනවා එන්නම කියා
සිතට මගේ බයයි වගේ බලමි දුරතියා
දෑසින් මිස දෑතින් නොල්ලමී සොබා
නෙක නෙක මල් හැඩට පිපී යාය පුරාම
සුන්දර මල් නෙතට ගැටෙයි ඈත තියාම
ලස්සන බබරැන් ලං වෙයි විහිළු කරාන
මොන විහිළුද මම යන්නෙමි අහක බලාන
ලස්සණයි සහෝ...
ReplyDeleteජයවේවා ඔයාට!
හිහ් හිහ් ඔය නාකි බඹරෙක්ගෙ ගීයක් ද?
ReplyDeleteදැන් නාකි බඹරුත් ඕනෙ තරන් ඉන්නවා අනේ, සුවඳ මල් නෙලන :)
කාල අකාලෙ වෙලානෙ හී හී
මෙ නාකී බඹරුගෙන් හරිම කරදරෙ ... මුන් සින්දු ලියලා බ්ලොග් වල දානවා :D :D :D .ඔන්න ඔහෙ පුපුර පුපුර ඉන්නෙ නැතුව අතට හම්බෙන දෙයක් කටෙ දාගනිල්ලා යකුනෙ. එහෙම තමයි ජිවිතෙ.. බමරු හැමොටම මල් හම්බවෙන්නෙ නැහැ එකම වෙලාවෙදි. එකට යන උන් ලග ලග මල් වලින් පැනි අරන් ආවාට. උඹ ටිකක් ඉවසලා දුර මලකට යමන්.. එ මල කවුරුවත් නොදැකපු අලුත් සුන්දර මලක් බව නිසැකයෙන්ම කියතැ හැකි.
ReplyDeleteඋඹ දන්නවානෙ මම කවුද කියලා :D
හී හී.නියමයි...
ReplyDelete