2009/09/15

නිවන් දකින්න අධි ආධ්‍යාත්මක විය යුතුද 04

වර්ථමාන න්‍යෂ්ඨික තාක්ෂණයේ දියුණුවත් අනාගතයේ පැවතිය හැකි දියුණුවත් සංසන්දනය කර බලන්නේ නම් මුළු පෘථිවි තලයම ක්ෂණයකින් දූලි වලාවක් බවට පත් කිරීමට හැකි න්‍යෂඨික බෝම්මයක් හෝ න්‍යෂඨික අවියක් නිශ්පාදනය වනවාට කිසිදු සැකයක් ඇති කර ගැනීමට ඉඩක් නැත. සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව ප්‍රායෝගික සත්‍යයක් බැවින් පෘථිවියද කවදා හෝ විනාශ වන්නේය. එසේ නම් පෘථිවිය විනාශ වන දවසේ ජීවත් වන සියළු ජීවීන් නැවත නූපදින්නේ යැයි අනුමාණ කිරීමට සාධාරණ හැකියාවක් පවතී. එය එසේ නම් ලෝක විනාශ වන දවසේ ජීවත් වන ජීවී සියල්ලෝ සියළු කෙලෙසුන්ගෙන් මිදී සිට්න්නෝද? නැතිනම් අසම්භාවික වාසනා ගුනයක් ඇත්තෝද? මක් නිසාද යත් ඔවුන් සියල්ලෝ කිසිදු කැප කිරීමකින් තොරව නැවත උප්පත්තියක් නැති මරණයතකට පත් වන නිසාය.


එදවස ජීවත් වන සියල්ලන් නැවත ජීවි පැවැත්මකට අවශ්‍ය සාධකයන් රැස්වන තුරු ඝන්ධබ්බව සිටිනේ යැයි තර්කයක් ගෙන ආ හැකිය. නමුත් ජීවී පැවැත්මකට සුදුසු පරිසරයක් නිර්මාණය වීමට ලෙහෙසි පහසු කාලයක් ගතනොවේ. ඒ වගේම න්‍යෂ්ඨික පිපිරීමකින් පසු නැවත ජීවී පැවැත්මකට සුදුසු පරිසරයක් ගොඩ නැගේවි යැයි අනුමාන කළ හැකි ද? එසේ නම් ඝන්ධබ්බයන්ට එතෙක් කලක් ඝන්ධබ්බ තත්වයක පැවතීය හැකි වේවිද?

8 comments:

  1. ගීත්ගේ,

    ඉතාමත් හොඳ තර්කයක්. නමුත් ඕනෑ ම ආගමක් මෙවැනි තර්ක වලට මුහුණ දී ඇති නිසා තර්කයෙන් පමණක් මෙය ඔප්පු කළ නොහැකියි.

    බුදු දහම අනුව අපට නොපෙනෙන ජීව ප්‍රභේද වන දිව්‍ය බ්‍රහ්ම ආදීන් සිටිති. එහි ජීවය පොළොවට සීමා වී යැයි කියා නොකියැ වේ. එහි ඇති කරුණු වලින් එයට මෙම තර්කය බිඳ දැමිය හැකියි. නමුත් ඒ යම්කිසි විශ්වාස පරාසයක් තුල මිස නිරපේක්ෂ ව නොවේ.

    හැබැයි න්‍යෂ්ටික විනාශයකින් ජීවය නවතිය හැකි යැයි මට සිතෙන්නේ නෑ. මොකද පරිණාමය විසින් යම් ලෙසකින් ඒ ජීවය යළි පණ ගන්වන්නට ඉඩ ඇති නිසා. ජීවයේ සංකීර්ණ අංශු නිරමාණය වීම අසීරු අඩු සම්භාවී දෙයක්. නමුත් එය සිදු වූ පසු එහි ඉදිරි ගමන වළකා ලීම ඉතා අසීරුයි. ශක්තිය උකහා ගෙන තමන් නැවත ප්‍රති නිර්මාණය කිරීමයි එහි පදනම. එකම විදිහ සියළු සංකීර්ණ අංශු සහමුළින් බිඳ දැම්මොත් විතරයි. ඉතා ම අපහසු වුවත් එය කළ හැකියි.

    මේ ටික ලිව්වේ සංකීර්ණ බව පෙන්නීමට මිසක් බුදු දහම බේරා ගන්නට නොවේ. මා බොදුනුවෙක් නොවේ නිදහස් මතධාරියෙක්.

    එමෙන්ම නිරපේක්ෂ ව [මට දැනෙන තරමින්] සිතූ විට බුදු දහමේ එන ඇතැම් මූලයන් [fundamentals] ගෙන් තොරව ජීවයේ ලෝකයේ හෝ විශ්වයේ පැවැත්ම පැහැදිලි කළ හැකියි. සංසාරය හො එහි යාන්ත්‍රණය පෙර පවැති බමුණු වේද දහමෙන් ගත් ඩෙයක්. එය විශ්වාසයක් මිස පවතින්නක් ලෙස මට නොදනෙන අතර එයින් තොර වූ වෙනත් පහැදිලි කිරීම් ඔනෑ තරම් තියෙනවා.

    සමාන්තර අදහස් ගැන මා ලියූ පහත සඳහන් බ්ලොග් සටහන් කියවා, එහි ඔබේ මතය ලිව්වොත් අනගි. එමෙන් ම මාටින් වික්‍රමසිංහ මහතා ලියූ සත්ත්ව සන්තතිය පොතේ ආගම හා විද්‍යාව සසඳන මුල් පිටු 10-20 කියවන්න මා ආරාධනා කරනවා.

    Of Religion and lack of it
    Life- if any

    ප.ලි: ඔබේ බ්ලොගේ අකුරු පොඩියි. කලු පාට නිසා කියවන්න අමාරුයි. කවි වලට අවුලක් නෑ [මගෙ කවි බ්ලොගත් ඔය පාට ම තමා]. ඒ දිග පරිච්ඡේද නම් කියවන්න අමාරුයි. පොඩ්ඩක් මේ ගැනත් හිතන්න.

    ReplyDelete
  2. සමාන්තර අදහස් ගැන මා ලියූ පහත සඳහන් බ්ලොග් සටහන් කියවා, එහි ඔබේ මතය ලිව්වොත් අනගි.

    Of Religion and lack of it
    Life- if any

    ReplyDelete
  3. සාමාන්‍යයෙන් කම්සැප අත්විදින කෙනෙකුට නිවන් දැකීමට
    > හැකියාවක් ඇති බවක් අසා නොමැති නිසාවෙන් නිවන් දකින්නට නම් සියළු ක්ලේෂයන් දුරු
    > කරගත යුතුය. එවැන්නක් සාමාන්‍ය මනුෂ්‍යයකුට කල නොහැක්කේය.

    -----------------------------

    මරනින් පසු නැවත උප්පත්තියක් ඇති බවට පිළිගැනීමට වර්තමානයේ විද්‍යාත්මක සාධක‍යෝ
    > පෙළ ගැසී සිටින නමුත් මැරෙන සියල්ලෝම නැවත උපදිනවාද යන මතය තවම තහවුරු වී
    > නොමැත. නිවන කියන අවස්ථාවද එවැන්නකි. දහමට අනුව එය කෙසේවත් සනාථ කර ගැනීමට

    -----------------------------

    last week i hear Ven Polpithi mookalana ........ (name forgot, but he
    is very popular, as my knowladge he come out through TV Sri Lanka, now
    in every channels, one day he held bana at Janadipathi Mandira too )
    darma deshana at seeduwa temple, He was invited for Monthly Bana
    Ceramony.

    my most of misunderstood were cleared.
    actually I am also a guy like you.
    we are not ready to hear other's teaching. but i am differnt person now.
    it is not like I am devoted and close my eyes and dance to other tune.
    if we learn what is sansara, what is APAYA, nirmwana,..... we should
    understand that what buddha really preach us, we will not have enough
    time.
    we have to escape from this burning sansara as soon as posible. his
    very best exsample for this HISA GINI GATH MINIHA WAGE, when if
    someone's get fire on his head he wont do anything like his money,
    proparty...son , doughter, wife.. nothing, first he try to stop fire
    on his head, then after other.. like that, buddha say we have to find
    the way of NIRWANA such manner...
    we will discuss more later..

    ReplyDelete
  4. බුද්ධ ධර්මය සම්බන්ධෙයන් අප දන්ෙන් ඉතාමත් සුළු ප්‍රමාණයකි. විද්‍යාෙවන් සනාථ කර අැත්ෙත්ද බුද්ධ ෙද්ශනා වලින් ඉතාමත සීමිත ප්‍රමාණයක් පමණකි. ඒනිසා විද්‍යාව හා බුදු දහම පටලවා ගතයුතු ෙනාෙව්. බුදුන් වදාළ ධර්මය සපථ කිරීමට විද්‍යාඥයින්ට තව ෙබාෙහා් කාලයක් ගතවිය හැකිය. ෙම් දක්වා කිසිදු විද්‍යාත්මක ෙසායා ගැනීමකින් බුද්ධ ධර්මයට අභිෙයා්ගයක් වී නැත. බුද්ධ ධර්මයට අනුව ජීවය පවතින්ෙන් පෘථිවිෙය් පමණක් ෙනාෙව්. න්‍යෂ්ඨික පිපිරවීමකින් ග්‍රහෙලා්කයක් විනාශ කළද මුළු විශ්වයම විනාශ කළ ෙනාෙහ්. ඒනිසා පුහුදුන් සිතිවිල්ලක් සම්බන්ධෙයන් තවදුරටත් තර්ක කිරීම අවශ්‍ය ෙනාෙව් යැයි මට හැෙඟ්.

    ReplyDelete
  5. ආගම් මෙන් ම විද්‍යාවන් ද පදනම් වී ඇත්තේ කල්පිත මතයි. හැබැයි සියළු කල්පිත එක හා සමාන නොවන අතර සමහර ඒවා වඩාත් සම්භාවී ලෙස හැඟේ. මෙම "වඩා සම්භාවී බව" ඒ ඒ මිනිසාගේ චින්තන පරිචයට යම් සබඳතාවයක් දක්වන නිසා එය ද නිරපේක්ෂ මිම්මක් නොවේ.

    සත්ත්ව සන්තතිය [මාටින් වික්‍රමසිංහ] පළමු පරිච්ඡේදය මෙය මනා ව පැහැදිලි කරන බවක් මට සිතේ.

    එසේ ම ආගමික අධ්‍යාපනය ලබා දෙන්නේ කුඩා වියේ දී බැවින් තරමක් දුරට brainwash වීමක් ද තිබේ. එය නම් තම ආගම හරි යන මතය පූර්වාදර්ශයක් ලෙස ගෙන තර්ක කිරීමයි.

    මෙම ලිපියට මා ලියූ පළමු පීළිතුර ලිපි පොටේ සඳහන් නොවෙන නිසා නැවත උපුටා දක්වමි.

    --------------------------------------

    ගීත්ගේ,

    ඉතාමත් හොඳ තර්කයක්. නමුත් ඕනෑ ම ආගමක් මෙවැනි තර්ක වලට මුහුණ දී ඇති නිසා තර්කයෙන් පමණක් මෙය ඔප්පු කළ නොහැකියි.

    බුදු දහම අනුව අපට නොපෙනෙන ජීව ප්‍රභේද වන දිව්‍ය බ්‍රහ්ම ආදීන් සිටිති. එහි ජීවය පොළොවට සීමා වී යැයි කියා නොකියැ වේ. එහි ඇති කරුණු වලින් එයට මෙම තර්කය බිඳ දැමිය හැකියි. නමුත් ඒ යම්කිසි විශ්වාස පරාසයක් තුල මිස නිරපේක්ෂ ව නොවේ.

    හැබැයි න්‍යෂ්ටික විනාශයකින් ජීවය නවතිය හැකි යැයි මට සිතෙන්නේ නෑ. මොකද පරිණාමය විසින් යම් ලෙසකින් ඒ ජීවය යළි පණ ගන්වන්නට ඉඩ ඇති නිසා. ජීවයේ සංකීර්ණ අංශු නිරමාණය වීම අසීරු අඩු සම්භාවී දෙයක්. නමුත් එය සිදු වූ පසු එහි ඉදිරි ගමන වළකා ලීම ඉතා අසීරුයි. ශක්තිය උකහා ගෙන තමන් නැවත ප්‍රති නිර්මාණය කිරීමයි එහි පදනම. එකම විදිහ සියළු සංකීර්ණ අංශු සහමුළින් බිඳ දැම්මොත් විතරයි. ඉතා ම අපහසු වුවත් එය කළ හැකියි.

    මේ ටික ලිව්වේ සංකීර්ණ බව පෙන්නීමට මිසක් බුදු දහම බේරා ගන්නට නොවේ. මා බොදුනුවෙක් නොවේ නිදහස් මතධාරියෙක්.

    එමෙන්ම නිරපේක්ෂ ව [මට දැනෙන තරමින්] සිතූ විට බුදු දහමේ එන ඇතැම් මූලයන් [fundamentals] ගෙන් තොරව ජීවයේ ලෝකයේ හෝ විශ්වයේ පැවැත්ම පැහැදිලි කළ හැකියි. සංසාරය හො එහි යාන්ත්‍රණය පෙර පවැති බමුණු වේද දහමෙන් ගත් ඩෙයක්. එය විශ්වාසයක් මිස පවතින්නක් ලෙස මට නොදනෙන අතර එයින් තොර වූ වෙනත් පහැදිලි කිරීම් ඔනෑ තරම් තියෙනවා.

    සමාන්තර අදහස් ගැන මා ලියූ පහත සඳහන් බ්ලොග් සටහන් කියවා, එහි ඔබේ මතය ලිව්වොත් අනගි. එමෙන් ම මාටින් වික්‍රමසිංහ මහතා ලියූ සත්ත්ව සන්තතිය පොතේ ආගම හා විද්‍යාව සසඳන මුල් පිටු 10-20 කියවන්න මා ආරාධනා කරනවා.


    Of Religion and lack of it
    Life- if any

    ReplyDelete
  6. මෙයට පිළිතුරු ලියද්දී ‘බුද්ධාගම බේරා ගැනීමට නොවේයැයි කියන්නට අවශ්‍ය නැත’ මන්ද බුද්ධාගමේ එන කිසිඳු කරුණක් බිඳදැමිය හකි තර්කයක් මෙම ලිපියේ අඩංගු වී නොමැත. ජීවය පවතින්නේ මිහිපිට පමණි යන්න සනාථ නොකල තර්කයකි. බුද්ධාගමේ ඉගැන්වෙන රූපාවචර - අරූපාවචර බ්‍රහ්මලෝක පිළිබඳව ඔබ ඉගෙන ගතයුතුව ඇත. ඊට අමතරව සූත්‍රපිථකයේ එන සප්ත සූරියෝද්ගමන සූත්‍රයත් අග්‍ගඥ සුත්‍රයත් කියවා තේරුම අවබෝධ කරගතයුතුව ඇත. එහි එන ආභස්සර ලෝකය පිළිබඳව සාකච්ඡාකරන්න. එහි ගිය කෙනෙක් නැති වග මම පිළිගනිමි. හොඳින් සිතා බැලුවහොත් විශ්වයේ ආරම්භය පිළිබඳ විද්‍යාත්මක න්‍යායන් මෙන්ම සියළු ආගමික ඉගැන්වීම් කලිපිතයන් පමණි. මම මගේ මව මගේම යැයි පිළිගත්තේ අන් අය කී නිසා සහ බාහිර සාධක මත මිස විද්‍යාත්මක පරීක්ෂනයකින් නොවේ.
    ඔබගේ තර්කයන් වටී. එහෙත් බුද්ධාගම මතු පිටින් නොදැක ගැඹුරින් අභිධර්මය අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තර්ක ඉදිරිපත්කළා නම් ඊටත් වඩා වටී. මා ඉහත සඳහන් කළ සුත්‍රත් පටිච්චසමුප්පාදයත් පිළිබඳව ඉගෙන ගැනීම ඔබගේ තර්කයන් තවත් බුද්ධිගෝචර කරනු ඇතැයි විශ්වාස කරමි.

    ReplyDelete
  7. නිවන් අවබොදය ගැන ටිකක් හිතලා බලන්න අවශ්‍ය, පිළිතුරක්
    දර්ශනය
    නිවන කෙසේ දැයි දැන ගැනීමට නිවන් දැකිය යුතුමය. එ බුදුහාමුදුරුවන්ගෙ දේශනයයි. නමුත් එය විග්‍රහ කල හැක. පහනක් නිවුන විට දැල්ලට මොකද වුනේ, ඒක කොහෙද ගියේ. නිවන් දැකිමත් එ වගේ තමා.
    විග්‍රහය
    මේ මුළු විශ්වය ම අනිත්‍යයයි. එසේ නම් ඉතිරි වන්නේ මොනවා ද? ඔනැම දෙයක් කුඩා කොටස් වලට ‍ෙබදිය හැක, එනම් පරමානුව ලෙස හා එය න්‍යෂ්ටිය ඉලෙක්ට්‍රෝන ආදි ලෙස ද ඊටත් පසුව තරංගයක් නැතහොත් ශක්තියක් ලෙස ද වේ. (Quantum Physics - කොන්ටම් ‍භෞතික විද්‍යාව) ජීවය විනාශ වීම යනු ‍භෞතික ශරිරය විනාශ විමයි (පෘතෘවි විනාශයක දි) . ඒත් ආත්මය නැමති ශක්තිය විනාශ නොවේ. ශක්තිය මැවීමට හෝ විනාශ කිරීමට නො හැක. කලහැක්කේ පරිවර්තනය පමණි. එසේ නම් ලෝකය විනාශ වුවද ආත්මයන් ඉතිරි වේ. මෙම අවස්ථාවෙ දී කාලය නිරපේක්ෂ වේ. නැවත ජීවය ජනිත විය හැකි ඇති පරිසරයක් ලැබෙන තුරු පැවතීම හෝ එවැනි තැනකට ඇදී යා හැක.
    අප මේ විශ්වයෙහි දන්නා කොටස කොතරම් ස්වල්ප ද, තව ජීවය ඇති ග්‍රහලෝක කොතරම් ප්‍රමාණයක් තිබිය හැකි ද? බුද්ධ දර්ශනයේ කොතරම් ලෝක ප්‍රමානයක් දක්වා තිබේ ද? (බ්‍රක්ම ලෝක, දිව්‍ය ලෝක, සතර අපාය ඇතුලුව)
    නිවන් දැකීම මෙසේ අර්ථ දැක්විය හැක. ශක්ති ප්‍රඊවයක ස්භාවය නිතර පරිවර්තනය වීමයි. මෙම පරිවර්තනය වීම නැවැත්වීම නිවන ලෙස අර්ථ දැක්විය හැක.
    (1)
    ශක්ති තරංගය

    ආලෝකය (පාවෙන ආලෝක බුබුලක් ලෙස)

    ආලෝකය ඉවත් වී සෛල ඇති වීම
    (ඇමයිනො අම්ල එනම් අම්ල රසය අනුභවය නිසා)

    විවිධ ජීවි විශේෂ ලෙස පැවතීම

    සතුන්

    මිනිසා බිහිවිම

    භෞතික ශරිර විනාශ වීම
    (මිය යෑම නොව ජීවය විනාශ වීම)

    (1)
    මෙය චක්‍රයක් ලෙස නිවන් දක්නා තුරු නැවත නැවත සිදු වේ.
    මෙම විග්‍රහය නිවැරදි හො වැරදි විය හැක. අදහස් දැක්විමෙන් නිවැරදි දේ සොයා ගත හැක.

    ReplyDelete
  8. When I go through ideas of different people here what I felt was that it is not possible to understand the reality of the world by confining to views or opinions they have. So I think we should get rid of different view points and see or feel the world as it is without attaching to anything or rejecting anything.Simply overcome the feeling of ME where all the issues regarding me or this world vanishes (as person me is no longer valid). So nothing left to argue ;)

    ReplyDelete

ඇත්තම කියන්න