2009/09/10

සනත් ජයසුරිය

කොර ගසමින් සිටි ශ්‍රි ලංකා කන්ඩායම ඊයෙ යන්තමට ගොඩ ගියෙ සුපුරුදු පරිදි ප්‍රධාන පෙලේ පිති කරුවන් සියලු දෙනා නැවතත් ඉතාමත් අසාර්ථක වෙමිනි. ඩිල්ශාන්, සනත්, මහේල, සංගා ඉතමත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දි තිලන් සමරවීර හා නවක ක්‍රීඩක ඇන්ජෙලො මෙතිවුස් කන්ඩායම යම් මානයකට ගෙන අවෙය.

මෙහිදි කතාකරන්නට විශේෂයක් තිබුනේ නම් ඒ සනත් ජයසුරිය ගැනය. ශ්‍රි ලංකවෙ අපට ක්‍රිකට් තරමට ම සනත් ද අපගෙ ලේ මස් නහර වලට කිදා බැස තිබේ. එහෙයින් ඔහුගෙන් තොර ශ්‍රි ලංකා කන්ඩායමක් ගැන වැඩි දෙනෙක් සිතන්නට කැමෙත්තෙන් පසු නොවෙත්. එය අපට වගේම ක්‍රීඩකයන්ටද පොදු වේ යැයි මගේ හැගීමයි. නවක ක්‍රීඩකයන්ට ඔහු ආදර්ශයකි. ඒ වගේම මානසික ශක්තියකි.

ඒ නමුත් මෙහි සිතීමට යමක් ඉතිරි වී ඇති සේයාවක් පෙනෙන්නට තිබේ යැයි මගේ හැගීමයි. ඒ නම් තරගයක් නරඹන අපට සනත්ගෙ දැවීයාමෙන් එම තරගය නැරෙඹීමෙන් පලක් නැතිය යන හැගීමක් ජනිත වේද, එය නවක ක්‍රිඩකයන්ට ද එසේම වේ යැයි සිතේ. මක් නිසාද යත් සනත් දැවී යාමෙන් ඔවුන්ගේ මානසික ශක්තිය කඩා වැටීමක් සිදුවෙතැයි සිතීය හැකි නිසාය. “සනත් අයියටත් බැරි වුන එකේ අපිටනම් කොහොමත් පුලුවන් වන එකක් නැහැ” යනාකාරය් හැගීමක් ඔවුන්ගෙ ඔලු තුල ජනිත වීම සිදුවිය නොහැක්කක් නොවේ.

සනත් ශ්‍රි ලංකා කන්ඩායම ලෝක පූජිත කීරිමට සැහෙන වෙර වීරියක් කැපකල අග්‍රගණ්‍ය ක්‍රිඩකයෙකි. එහෙයින් ඔහු අපගෙ නොමද ජනාදරයට, ගෞරවයට පාත්‍ර විය. එපමනක් නොව ඒ සදහා අප ඔහුට නොයෙක් අකාරයෙන් පඩුරු පක්කුඩම් ලබා දි ඇත්තෙමු. එපමනක් නොව අපි ඔහුගෙ අසම සම ක්‍රිකට් වාර්තා වන් අතරට වයසින් වැඩිම ක්‍රිකට් ක්‍රීඩකයා වාර්තාව තබන්නට ද අවස්ථාව සලසා දුනිමු. අපට ඔහුගෙන් තව වැඩ ගත හැකි වුවද, නවක ක්‍රිඩකයකුට ද අවස්ථාවක් ලබාදිය යුතු වෙයි. සනත් ඉවත්ව ගිය පසු නවක ක්‍රීඩකයෙක් ආදේශ කරනවාට වඩා සනත් ඉන්න කාලය තුලම තරුණ ක්‍රීඩකයකු පුහුණු කරන්නේ නම් මනාය. එවිට ඔවුන්ට ලොකු අයියාගෙන් පහසුවෙන්ම පාඩම් අසා දැන ගත හැකි නිසාය. සනත්ව තව දුරටත් කන්ඩායමේ රැදී සිටිය යුතු නම් හා ලෝක කුසලනය තෙක් කන්ඩායමට ක්‍රීඩා කලයුතුනම් ඔහු මෙසේ පිට පිට තරග අසාර්ථක වෙද්දි තරග කිහිපයක් හෝ අත්හිටුවා ඒ හිඩැස නවක ක්‍රිඩකයකුට අවස්ථාවක් ලබ දී අත්හදා බලන්නෙ නම් මෙනවි යැයි මගෙ අදහසයි. ඒ අනුව සනත් නැතිව තරග කිහිපයක් අප ජයග්‍රහණය කරන්නේ නම් එය නවක ක්‍රීඩකයන්ගෙ මානසික මට්ටම ඉහල නගිනවාට නොඅනුමානය. “සනත් අයියා නොමැතිව අපි තරගයක් ජයග්‍රහණය කලා නම් සනත් අයියා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියාට අපිට පුලුවන් ගහල මේ තරගය ජය ගන්න” යැයි නවක ක්‍රිඩකයන්ට ධනාත්මක හැගීමක් එවිට ඇතිවනු නොඅනුමානය.

1 comment:

  1. සනත්ට අභියෝග කරන්න කට්ටිය ආවා ටීම් එකට. උපුල් තරංග ගහද්දී හැමෝම හිතුවේ හරි අපි ජයසූරියගේ තැනට නවකයෙක් හොයාගත්තා කියලා ඒත් ඉතින් දැන් බලද්දී ජයසූරිය තාම ටීම් එකේ ඉද්දි තරංගට වෙච්චි දෙයක් හොයාගන්නවත් නෑ.

    ReplyDelete

ඇත්තම කියන්න