2009/09/29

මොනව හරි කියන්න

ඔයාගේ වැඩේම ඉතිං මට රිද්දන්න මොනා හරි කියන එකනෙ. ඔයාගේ ඔය විනෝදාංශය ගැන දන්න නිසාම ඒවා ගනන් ගන්නේ නැහැ කියලත් ඔයා දන්නවා. ඒ වුනාට මට තරහ ගියේ නැති වුනහම මූන එල්ලගෙන ‍මගෙත් එක්ක නොරොක් වෙලා ඉන්නේ හරියට තරගයකින් පරාජය වුනා වගේ. ඔයා මොනා කිවුවත් මම ඔයත් එක්ක තරහා වෙන්නේ නැහැ නේ. ඔයාම ඕන නැති ඒවා කියලා ඔයාම තරහා වෙනවා.ඔයා මොනවත් නොකියා අහක බලන් ඉන්නකොට මට හරි දුකයි. ඒ නිසා අහක බලන් ඉන්නේ නැතිව මොනා හරි කියන්න. ඔයා මොනා කිවුවත් මට ඒවා හරිම ප්‍රියයි.

මොනව හරි කියන්න
එපා අහක බලන් ඉන්න
අනේ ප්‍රියේ හිත හැදෙන්න
මට ආසයි අහන් ඉන්න

සිනිදු සිහින් දෑත වනා
නීල මීන නයන සලා
කියන ලියන බොලද කථා
මටනම් නැහැ එපා වෙලා

හිමින් හිමින් ලගට වෙලා
මා ලය හසරැල් පුරවා
මට රිද්දන කථා කියා
හිත රිද්දා ගන්නේ ඔයා

3 comments:

  1. මම හිතන්නේ ඔයාල තාම ඉන්නේ විවාහ වෙන්න කලින් ප්‍රේම කරන සමයේ වගේ . . . විවාහයෙන් පසුව ඔය කවිය ඔයා වෙනස් විදිහට ලියයි . . . මට විශ්වාසයි . . . !

    ReplyDelete
  2. :D හහ් හහ් දුකා අයිය නම් නොසැහෙන දුකින් වගේ. ඇයි කනක් ඇහිල ඉන්ට නැද්ද? මෙ අයියෙ කටවත් කියන්න එපා ඔයාට කිවුවට මොකද වෙලාවකට එපා වෙනව තමයි. :D

    ReplyDelete
  3. හී, හී ඔය කියවෙන්නෙ ඈත්ත.

    ReplyDelete

ඇත්තම කියන්න