2009/10/01

පුද්ගලික විශ්වවිද්‍යාල ගැටුම

වර්ථමානයේ පුද්ගලික ෙෙවද්‍ය විද්‍යාල පිළිබදවත් පුද්ගලික උසස් අධ්යාධපන ආයතන නැතහොත් පුද්ගලික උපාධි ආයතන පිළිබදව කථාබහ කතිකාවතින් පරිභාහිරව ගුටිබැට හා ඝෘජු විරෝධතා දක්වා උඩුදුවලා තියෙනවා. මේ සදහා ප්‍රධාන විරෝධතා පාර්ශවය වන්නේ රජයේ විශ්ව විද්්‍යාල සිසුන්. ඔවුන් පවසන්නේ පුද්ගලික උපාධි ආයතන මගින් නිදහස් අධ්‍යාපනය පුද්ගලීකරණය වීමක් සිදුවන බවත් එමගින් අධ්‍යාපනයේ ගුනාත්මක භාවය කෙලෙසෙන බවත් ය. මේ පිළිබදව නොසැහෙන දේ කථා කල හැකිවුවත් පාඨකයන්ගේ කියවීමේ රුචිය තකා ඉතාමත් සාරාංශ ගතව කථා කිරීමට කැමැත්තෙමු.

පුද්ගලික විශ්වවිද්‍යාල යනු රජයේ මැදිහත් වීමකින් තොරව පුද්ගලික ආයතන මගින් උපාධි පිරිණමන ආයතන යැයි අප සිතමු. එවිට මෙහිදී මතුවන ගැටළුව වන්නේ කිසිදු අධ්‍යනයකින් තොරව උවද කෙනෙකුට මුදල් ගෙවීමෙන් උපාධියක් ලබාගැනීමට ඇති හැකියාව පිළිබදව පැන නගින සාධාරන සැකයි. මක් නිසාද යත් පුද්ගලික ආයතනයකට මුදල් හම්බ කිරීම මිසක් රටට වැඩදායි හෝ ගුණාත්මක පිරිපුන් උගත් උපාධිදාරියෙක් බිහි කිරීමට ඇති උවමනාව පිලිබදව ගැටළුවක් තිබීමයි.

එය එසේ නොවීය යුතුය. රටකට උපාධිදාරීන් වැඩිවීම රටේ දියුණවට ප්‍රධාන සාධකයකි. දොස්තර වරුන් වැඩිවීම ඉංජිනේරුවන් වැඩිවීම රටේ වාසනාවකි. රටට සම්පතකි. එය එසේ නම් මොනයම් ආයතනයකින් අධ්‍යනයකලත් එම උපාධාරීන්ගේ දැණු‍මේ හා හැකියාවන්ගේ සමාන කමක් තිබීය යුතුය. දැණු‍මේ හා හැකියාවන්ගේ වෙනසක් තිබීමට ඉඩක් නොතැබිය යුතුය. පුද්ගලික විශ්වවිද්‍යාලත් රජයේ විශ්වවිද්‍යාලත් අතර ගැටුමක් ඇති වනවානම් ඇති විය යුත්තේ මෙතැනය. නැතහෝත් තමන්ගේ වෘත්තීය අවස්ථාවන් නැතිවනවාය යන වක්‍රාකාර පටු ආකල්පයෙන් නොවීය යුතුය.

නමුත් ඉතාමත් සරළ ක්‍රියාවයාවක් මගින් මෙහි දී මතුවන ගැටළුව ඇති වීම වැලැක්වීය හැකිය.රජයේ විශ්වවිද්‍යාලයකින් වේවා පුද්ගලික විශ්වවිද්‍යාලකින් වේවා ස්වයං අධ්‍යනයකින් හෝ වේවා මේ කුමන ආකාරයකට ඒ උපාධි මට්ටම දක්වා ඉගෙන ගත්තත් ඔවුන් රජය මගින් පවත්වන්නා වූ ඒ ඒ උපාධියට අදාලව පොදු පරීක්ෂනයකින් නැතිනම් පොදු විභාගයක් මගින් සමාජයට මුදා හැරීමයි.එම පොදු පරීක්ෂණය මගින් ඔවු‍න්ගේ හැකියාවන් තීරණය කල යුතුය.එම පොදු පරීක්ෂනය සමත් වන්නා එම තනතුරට නුසුදුස්සෙක් යැයි එවිට තර්ක කිරීමට ඉඩක් නැත.පුද්ගලික විශ්වවිද්‍යාල නම් ක්‍රියාවලීය නවතනවා වෙනුවට මෙවැනි පොදු සමානාත්මතාවයෙන් ද රජයේ ඝෘජු මැදිහත් වීමෙන් හා විනිවිදශීලි ක්‍රියාවලීයක් මගින් එම උපාධිදාරීන් සමාජයට මුදා හරින්නේ නම් ගැටුමක් පැන නොනගින අතර රටට වැඩදායි උගතුන්ගේ සීඝ්‍ර වර්ධනයක් දැක ගත හැකි වනු ඇත.

9 comments:

  1. අද අධ්‍යාපනේ කියන්නේ business එකක් ලාභ හොයනවා මිස ගුණාත්මක බවක් නෑ.

    ReplyDelete
  2. මෙහෙම දෙයකුත් තියනව, ආණ්ඩුව කාලයක් යද්දි රජයේ විශ්ව විද්‍යාල වලට දෙන ප්‍රතිපාදන අඩු කරන්න ඉඩ තියනවා ඒක දැනුත් සිදුවෙමින් පවතිනව

    රජයේ පාසැල් ගත්තොත් ඔය තත්වය වඩා පැහැදිලි වෙනව, ගමේ පාසැල් වහනව ඒවට ගුරුවරු පත් කරන්න නෑ, ඒක හින්ද ළමයි එක්කො ජාතික පාසැල් වලට මුදල් ගෙවල හරි ජාත්‍යන්තර පාසැල් වලට මුදල් ගෙවල හරි දාගන්න දෙමාපියන් පෙලඹෙනව ආණ්ඩුව ජාත්‍යන්තර පාසැල් ගේන කොට පෞද්ගලික වි.වි විද්‍යල සාධාරණී කරනය කරන්න කියන කතා වලට සමාන කතානෙ

    ReplyDelete
  3. ඔව් ඒ අදහස පිළිගත හැකියි නමුත් පුද්ගලික ආයතන නිසා සුබදායි තත්වයකුත් තියෙනවා නේද? රජයේ විශ්ව විද්යා ලයන් හී පවතින සීමිත සම්පත් හා සීමිත ඉඩ ප්ර මාණය නිසා දශමය සංඛාවන් වලින් අවස්ථාවන් අහිමිවන දහස් සංඛාත සිසුන් ඉන්පසුව නන්නත්තාර ‍වෙනවා වෙනුවට වෙනත් විකල්ප අවස්ථා‍වක් ‍මෙමගින් උදාවීමයි. ඉදින් උසස්පෙළ නිමවීමෙන් පසු විශ්වවිද්යා ලයන්ට නොතේරී ඝන්දබ්බව සිටින විශාල පිරිසකට මෙම පුද්ගලික විශ්වවිද්යාසල නිසා උපාධියක් ලබා ගැනීමට ඇති හැකියාව මහත් අස්වැසිල්ලකි. විවෘත විශ්ව විද්යාඋල පද්ධතියද මේ හා සමාන ආයතනයකි. එම ආයතනය මගින්ද මුදල් ගේවා තමන්ගේ උපාධි අපේක්ෂාව සම්පූර්ණ කරගැනීමට හැකිය. නමුත් මෙය රජය මගින් ක්රි්යාත්මක වන ආයතනයකි. ඒ නිසා කවුරුත් ඒ පිළිබදව අදහස් හෝ විරෝධතාවන් නොනගන්නේ එමගින් සාධාරණ ලෙස එම උපාධි ක්රිදයාවලියන් සිදුවනවා යැයි අනුමාන කරන නිසාය. එය එසේ යැයි අපත් සිතමු. නමුත් එහි අභ්ය න්තරය ගැන අපි නොදනිමු. ඒ පිලිබදවත් ඔබේ අවධානය යොමු කරන්න කැමති.

    ReplyDelete
  4. ඔබේ වටිනා අදහස් කුමක් හෝ අරුඩ නාමයක් යටෙත් හෝ ‍ගොනු කරන්නේ නම් බොහෝමත් සතුති වන්ත වෙනවා. එවිට පිළිතුරු අදහස් දැක්වීමෙදි එම නම යටතේ ආමන්ත්ර්ණය කල හැකි වනු ඇත.

    ReplyDelete
  5. "කිසිදු අධ්‍යනයකින් තොරව උවද කෙනෙකුට මුදල් ගෙවීමෙන් උපාධියක් ලබාගැනීමට ඇති හැකියාව පිළිබදව පැන නගින සාධාරන සැකයි."

    ඊට පස්සේ රස්සාවකට යනවා. එතනදි හරියට වැඩ කරගන්න බැරි නිසා මීට පස්සේ ඒ විශ්ව විද්යාලයෙන් ඒ ආයතනයට ගන්නේ නැතුව යනවා. ඒ විශ්ව විද්යාලයෙන් පිටවෙන අයට රස්සා නැතිබව ආරන්චි උනාම කවුරුත් ඒ විශ්ව විද්යාලයට යන්නේ නැතුව ඒක ඉබේම වැහෙනවා.

    හොද උපාධි දෙන්නේ නැතුව විශ්ව විද්යාලයක් තියෙන්නේ නෑ. IIT, SLIIT වගේ පෞද්ගලික විශ්ව විද්යාලවලට ඉල්ලුම තියෙන්නේ ඒවාගෙන් පිටවන අයට රස්සා තියන නිසයි.

    ReplyDelete
  6. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ අය පිටරට වල ගිහින් ඉගෙන ගෙන එන එක ගැන නම් තකා කරන්නේ නෑ.
    ගැටලු තිබුනට ඒකට විසදුම පුද්ගලික විශ්ව විද්‍යාල වහන එක නෙමෙයි. ඒකෙන් පාර වදින්නෙත් දුප්පත් මිනිහටම තමයි. මොකද පුළුවන් එකා මොන දීපංකරේක ගිහින් හරි ඉගෙන ගනීවි.

    ReplyDelete
  7. හොද විශ්ව විද්‍යාල නැති වෙන්නෙ නැති වෙන්නෙ ආණඩුවේ වරදින්මයි මිනිස්සු ගෙවන බදු සල්ලි හරියට කලමනාකරණය කරනවනම් ‍ඔහොම වෙන්නෙ නෑනෙ

    හොද උපාධි දෙන්න බැරි මේවායේ විෂය නිර්දේශ කාලානුරූපව වෙනස් නොවන හින්ද ඒව වෙනස් කරන්න කියල කෑගැහුවට වැඩක් නෑ වි.වි වල ආචාර්ය වරුන්ගෙ දැනුමත් යාවත්කාල වෙලා නැති නිසා නැත්තම් මේ වි.වි අතීතයෙ හොද තත්වයෙන් පැවතුනු ඒව

    ReplyDelete
  8. පෝරිසාදයාFriday, October 02, 2009

    //හොද උපාධි දෙන්නේ නැතුව විශ්ව විද්යාලයක් තියෙන්නේ නෑ. IIT, SLIIT වගේ පෞද්ගලික විශ්ව විද්යාලවලට ඉල්ලුම තියෙන්නේ ඒවාගෙන් පිටවන අයට රස්සා තියන නිසයි.//
    අනේ මූකලං බස්සො මොන මඟුලක් කලත් රස්සාවකට ගන්නේ හැකියාව බලලා. ඔය හැමරෙද්ද පල්ලෙ ගිහින් ඉගෙන ගත්තත් රස්සාවක් කරන්න තරං ප්‍රායෝගික දැනුමක් නැත්තං ‍ජොබ් නෑ. උඹල මී හරක් වගේ ඔය කඩ වල බොරුවලට රැවටෙලා

    ReplyDelete

ඇත්තම කියන්න