2009/10/21

කරන්නන් වාලේ කරන්නට ගොස් ඇන ගත්තු Reality පෙරහැර

     වර්ථමානයේ රූපවාහිනී මාධ්‍යය ය තුල Reality Show නැතිවම බැරි අංගයක් වී ඇති තැනට කටයුතු සිදුවී ඇත. ඒ නිසා විය යුතුය එකෙක් පරයා තව එකෙක් අනෙකාට නොදෙවෙනි වන ලෙස Reality Show කරන්නට පෙළබී ඇත්තේ.


     ස්වකීය දේවල් ඉදිරිපත් කිරීමට තරම් ධෛර්යයෙන් මද සිරස කොහෙන් හෝ පිට රටකින් කුමක් හෝ කසල ගොඩක් උස්සාගෙන විත් අපේම දෙයක් මෙන් ඉතාමත් මනස්කෘත සැරසිලි මගින් ආවරනය කර දෙනෙත් හරහා අපගේ හිස් තුලට බ‍ලහත් කාරයෙන් ම ඔබ්බවනු ලබයි. අපිද ඒ සිරිකිතයන් තළු මර මර රසවිදින්නෙමු. එලෙස ගෙනා එක් වැඩසටහනකි Sirasa Super Star. එය කොතෙක් දුරකට ජනප්‍රිය වූයේද යත් දැන් හැම චැනල් එකකම කුමක් හෝ Star වැඩසටහනක් ඇත. ස්වාධීන රූපවාහිනිය , දෙරණ රූපවාහිනිය, ස්වර්ණවාහිය හා ජාතික රූපවාහිනියද මේ ආකාර අනුකාරක වැඩසටහන් ඉදිරිපත් කලාද කරමින්ද සිටී. නමුත් ඔවුන් කාහටවත් සිරස තරම් ලස්සනට මේවා පාර්සල් කිරීමට නොහැකි නිසාවෙන් තවමත් මෙහි අංක 1 ස්ථානය සිරස සරි කරගෙන ඇත. එහි විවාදයක් නැත.


     ස්වර්ණවාහිනිය තමන්ගේ බල පුළුවන් කාරකම රටටම පෙන්වන්න සතියේ එක දිනකට පමනක් සීමා නොවී සතියේ දින 5ක් පුරාවට නෙක නෙක Reality වැඩසටහන් ඉදිරිපත් කරන්නට යෙදුනි. ජයග්‍රාහකයන්ට අසීමිත වටිනාකම් වලින් යුත් තෑගි බෝග ඉදිරිපත් කරන ලදි. Loving star කියා ඉතාමත් ජරාකෘත වැඩසටහනක් ඉදිරිපත් කර ඇන ගත්තේය. Shadow Star, Siging Star, Comedy Star, Talant Star කියා නොයෙක් නම් වලින් ඉදිරිපත් කොට අපට රෑ අහසේ තරුවක් දැක්කත් මල පනින තරමටම Stars එපා කරවීය. Twinle twinkle little star සින්දුව ඇහුනත් දැන් යකා නගින්නේය. ඒ තරමටම ඒවා මෙලෝ රහක් නැති ගුනාත්මක බවින් මද (Low Quality) වැඩසටහන් ගොන්නකි. කෙටියෙන්ම කිවුවහොත් කරන්නන් වාලේ කල වැඩසටහන් මාලාවකි. තමන්ගේ වත්කම් හා ඇති හැකියාවන් පුරසාරම් දොඩන්න ඉදිරිපත් කල වැඩසටහන් මාලාවකි. එහි ගුනාත්මක බව කොතරම්ද පහත් ද කියා අවසන් මහා තරගයේදි මනාව විද්‍යාමාන විය.


     දක්ෂ වෘත්තීය නිවේදකයකු වන ලහිරු එදා නිවේදනය කරනවා වෙනුවට බෙරිහන් දී කෑ ගසා ඉල්ලාගෙන කෑවේය. වෘත්තීය නිලියක වන අනුෂා ලහිරුට වඩා කැපීපෙනෙන ඉදිරිපත් කිරීමක් කලේය. Siging Star වලින් අවසන් මහා තරගයට ඉදිරිපත් කල තිදෙනා නම් මේලෝම රහක් නැත. ඔවුන් අවසන් මහා තරගයට තේරීපත් වුනේ සැබැවින්ම SMS මගින්ද නැතහොත් සංවිධායක වරුන්ගේ ඕනෑ එපා කමකටදැයි අපි නොදනිමු. SMS මගින් තේරුන අයනම් මීට වඩා ආකර්ශනීය වුත් දක්ෂවූත් ගායනයක් එදා ඉදිරිපත් කල යුතුව තිබිණි. නමුත් එය එසේ නොවිනි. තවද වේදිකාව මත ශබ්ද පරිපාලන‍යෙහි (Sound Controling) කිසිදු වෘත්තීය බවක් නොදුටුවෙමු. එමගින් තරග කරුවන් තිදෙනාගේ හැකියාවන් තව දුරටත් පහත හෙලන ලදි.


     දෙරණ Dream Star සිරස Super Star යම් ගුනාත්මක බවක් රදවාගෙන මෙම Reality වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. සිරස තරුනයන් කැමරාව ඉදිරියේ ප්රාහසනයකට ලක් කලත් ‍නොකා නොබී බලා සිටීය හැකි ලෙසත් සවන් දිය හැකී ලෙසත් තම වැඩසටහන ඉදිරිපත් කරනු ලබයි. සිරස තරුනයන් කැමරාව ඉදිරියේ ප්‍රහසනයන්ට ලක් කිරීම ගැන වෙනම සාකච්චා කර යුතුව තිබේ. ඒ සදහා මෙම ලිපිය අවස්ථාවක් කර නොගනිමි. තවද දෙරණ Dream Star වැඩසටහන පලමු අදියරයට වඩා ගුනාත්මක බවකින් මේ වන විට සුමදුර ලෙස ගලා යන බවක් පෙනෙන්නට තිබේ. එහි ප්‍රහසනයන නැතිය. ශබ්ද පරිපාලන‍යෙන් ද ඉදිරිපත් කිරීමේ ගුනාත්මක බවින්ද ඉහල මට්ටමක පවත්වාගෙන යාමට සංවිධායකයන් උත්සහයක් ගන්නා බවක් පෙනෙන්ට තිබේ. එමගින් නවකයන්ගේ හැකියාවන් තව දුරටත් ත්‍රිවුර ‍කරනු ලබයි.කොපි කෙරුවත් එය හරියට කොපි කර ඉතා රසවක් වූත් ආකර්ශනීය වුත් වැඩසටහන් ඉදිරිපත් කරන්නේ නම් මැනවිය. කරන්නන් වාලේ නොකර තියෙන දේත් නීරස නොකර වඩා හරවත් වූත් රසබර වූත් දෙයක් දෙන ලෙස අපි මෙම මාධ්‍යය ආයතනයන්ගෙන් ඉල්ලා සිටිමු.


     මේ සා විසාල මුදල් කන්දරාවක් වියදම් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන කාරනාවන් අපට හරි හැටි ධාරනය කරගනු බැරිය. නමුත් කිසිදු සුවිශේෂත්වයක් නැති මෙවන් තරග කරුවන්ට මේ සා විසාල මුදල් කන්දරාවක් වියදම් කරන වෙලේ අප වෙනුවෙන් මානුෂීය මෙහෙයුමේ අසීමිත කැප කිරීම් කල වීරෝදාර රණවිරු සහෝදර සහෝදරියන් වෙනුවෙන් යමක් කලානම් සැබැවින්ම ශ්‍රි ලාංකාවට අභිමාණයකි.

3 comments:

  1. ම‍ට නම් ඕවා නිසා ටීවී එකම එපා වෙලා තියෙන්නේ. ඉතිං ඔවා බලලා නිකං කෝප වෙනවට වඩා නොබලා ඉන්න එක හොදයි කියලා මම ගොඩ කාලෙකට කලින් තේරුම් ගත්තා

    ReplyDelete
  2. සහෝදරයා,
    මම ඔබේ මතයට එකහෙලාම එකගයි.හැබයි ඔබට මුල අමතක වුනාද යැයි මට සැකයක් මතුවේ.මන්දයත් ඔබ "තුරුණු ශක්ති " වඩසටහන අමතක කල අති බවිනි.මෙවන් වඩසටහන් වල අරම්බය මම හිතන්නේ තුරුණු ශක්ති වඩසටහනයි.
    තවද ඔබ තවම ජතික රුපවහිණියෙන් කරන "SRI LANKEN LIFE"වඩසටහන නරඹා නැති බව පෙනේ.එය ඉතාමත් ගුණාත්මක බවින් පිරිපුන් වඩසටහනකි.

    ReplyDelete

ඇත්තම කියන්න