2009/10/24

මල් රැජින

සියොලගම හිරිගඩු පිපෙන සීතලම සීතල හිමිදිරි පාන්දර හිරු රැසින් ඉදුල් නොවුනු දුහුල් මීදුම් සේල අතරින් විකසිත වන්නනට අර අදින සුදුපාට පුංචි පුංචි මල් පෙති වගේ සීතලේ ගැහි ගැහි පිය මනින මල් කෙල්ලන් අතරේ මල් රැජිනක් වගේ. සුළගට එරෙහිව දගකරන මල් රේනු වගේ දගකාරකම. තුෂාරාවන් ගෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් බට්ටිච්චන් මෙන් කිචිබිචි ගාන්න සලිත කරනා තොලගේ කැල්ම. ආල වඩන්න හිතෙන ඒ හුරතලය. උපමා උපමේය නොදන්න පුංචිම පුංචි හිතක් එක්ක ආලවඩයිද ඒ මල් රැජින.



කුමරියේ මල් මල් විලේ
පිපිලා මල් කෙල්ලන් අතරේ
මල් රැජිනක් වී හිම මීදුමේ
නොඉදුල් මල් සුව සීතලේ


රගදෙන මල් රොන් සුළගට
දග වැඩි එයි ඔය තරමට
හරිම බොලද නුබෙ හදවත
සත්තකින්ම වටිනවා මට


පොපියන දෙතොළග කැල්මට
උපමා නැහැ තව මිහිමත
ආලවඩන පොඩි හිතකට
දෙනවද ඔය මල් රොන් සුව

1 comment:

  1. ඔය තියෙනනේ ගින්දර වගේ. ඔහොම යමු !

    ReplyDelete

ඇත්තම කියන්න