2009/10/02

දුන්නොත් ගනීද හසුන ඔයා

මම ඊයේ මගෙ පරණ පොත් ටිකක් පෙරලුවා. එතකොට තමයි මේ ගීතය හම්බ වුනේ. මේ ගීතය ලියලනම් සෑහෙන කාලයක් වෙනවා. මම මේක ලියුවේ කෙල්ලෙකුට 11 වසරදි හැබැයි මගේ Line එකකටනම් නෙවෙයි. මේක කුලී පදනම මත ලියපු එකක්. ඒ දවස් වල Mobile Phone කරලියට බැහැල තිබුනේ නැහැනේ. ඉතින් තනිකරම Love කෙරුවේ Letters මගින් තමා. මම ඒ දවස්වල Part Time job එකක් විදිහට කෙල්ලන්ට Love Letters ලිවුවා. ගාස්තු වශයෙන් එක Letter එකකට මාළු පාන් ගෙඩියක් දෙකක් හරි රෝල්ස් දෙකක් හරි අයකරගත්තා. අසාධාරනයක් නැහැ නේ නේද මගෙ ගාස්තු ක්‍රමය. මම ඒ දවස් වල Love Letters ලියන්න Cup ගහලා හිටියේ. ඉතින් මේක ලියුවෙත් අන්න ඒ විදිහේ ආදර කථාවක මූලාරම්බයක් විදිහට. මේ කථාවේ කොල්ලගේ නම ඉදුනිල් කෙල්ලගෙ නම ගංගා. ඉදුනිල් කිවුවා "මචං අලුත් Line එකක් ‍Set උනා ලියා දීපන්කෝ Letter එකක්” කියලා. ඉතින් මාළු පාන් ගෙඩි දෙකකට ඉදුනිල් වෙනුවෙන් මගේ අතින් ගංගාට ලියවුනු මේ ‍ගීතමය පෙම් හසුන කියවලා කියන්න බලන්න මගේ Love Letters සාහිත්‍යය කෝමද කියලා. අහ් මේ වගේ කුලී පදනම මත ලියවුනු තව Love Letters සාහිත්‍යය කෘති කිහිපයක් තියෙනවා. ඒවත් ඉස්සරහට දෙන්නම් කො. :D


කුරුටු ගෑ මුත් පිටුවක් අරගෙන
ලියනු සිතා පෙම් හසුන් පත
අමතනු කෙලෙසද ලියන්නෙ මොනාද
පෙම් සිත මගෙ කලබලයි අද


නම ගම මොකද්ද ඉන්නේ කොහේද
කාගේ කවුරුද කෙල්ලේ ඔයා
වෙනෙකෙකු සිටීද කවුරුත් දකීද
දුන්නොත් ගනීද හසුන ඔයා


සැම තැන දුව ගිය සිත එක්තැන් කර
පහන් පැලක් කල කෙල්ලේ ඔයා
මා ගැන අදහස හිත තුල මොනාද
කියා ලියා මට දෙන්න ඔයා

3 comments:

  1. මට මෙක කියවනකොට මතක් වෙන්නෙ එස්කොලේ ගිය කලේ.එ කාලය කොච්චර සුන්දරද....

    අත්තටම ඔබ තුල හොද හැකියවක් තියනව.ඔබ ඔයිට වඩා හොද, ගුනත්මක බවින් වඩි ණිර්මාන ගැන හිත යොමුකරන්න.එවිට යම් දවසක ඔබේ හිතෙ කොනක් සිටින ගී පද රචකයකු වීමේ බලපොරොත්තුව මල් පළ ගන්වෙනු අත.ඔබේ ගමනට මම හදවතින්ම සුභපතනවා.

    ReplyDelete
  2. එල එල.මටත් එකක් ලියල දෙන්න බැයිද
    මෙන්න මාලුපාන් මෙතනින් ගන්න

    http://images.google.lk/imgres?imgurl=http://main.niwasa.com/NiwasaUI/Recipes/RecipePage_Files/SeeniSambolBuns.jpg&imgrefurl=http://main.niwasa.com/NiwasaUI/RecipePage.aspx%3FRecipe%3DSeeniSambolBuns&usg=__7Z-ig0MJSrlXcgSUo62acp75qTg=&h=384&w=512&sz=46&hl=en&start=20&tbnid=iqt7VmbQTKvahM:&tbnh=98&tbnw=131&prev=/images%3Fq%3Dmalupan%26gbv%3D2%26hl%3Den%26sa%3DG

    ReplyDelete
  3. හහ්...හහ්....නියම මළුපන් දුෂාන් ආහ් thx කථා වස්තුවක් දුන්නොත් ලියල දෙන්න බැරිවෙන එකක් නැහැ

    ReplyDelete

ඇත්තම කියන්න