2009/10/27

Cookery යාවී කාලේ සොකරී

ඔන්න තවත් අළුත් විදිහේ සංදුවක් ලිවුවා. මේක මේ චින්ති ලොක්කගේ Style එකට නව පන්නයේ ඔය Show එක දාන කෙල්ලෝ ගැන ලිපු එකක්. දන්නවනේ Tea එකක් වත් හදා ගන්න බැරි කෙල්ලෝ ඉනන්වනේ ලංකාවේ දැන්. ලෝකේ නැති පාට ගොඩක් ඇස්වලයි බැමිවලයි අරවගෙයි මේ වගෙයි උලාගෙන තුන්කාලේ ඩෙනිමක් ලිහිසි තෙල් හරි මොනා හරි දාලා යන්තම් උඩට උස්සගෙන MAYA 64 Bit දාලා කොල්ලගේ Pocket එකටත් විදලා ඌටත් Boot එක තියලා අන්තිමේදි කසාද බදින්න කිට්ටු වෙනකොට Cookery Class යනවා. ගිහින් මොනාද ඉගෙන ගන්නේ පොල් සම්බෝල හදන්න. අහ් මෙයාලගේ කටේ අර කොහොල්ලෑ ගුලියයි Sorry අනේ Word එකයි නම් නැතිවේන්නෙම නැහැ. හනේ.........ලංකාවට වෙච්ච දේ.....කියවලා බලන්නකො R&B වගෙ Beat එකක් හිතේ තියාගෙන.

හීනි ඉග සුග මීන නෙතු යුග
මනමත් කරවන බැලුම් හෙලා
මුසා දොඩා පෙම් හද් රිදවා
Cookie කාවී නව නාරී


පුදුමයි ලෝකේ නව නාරි
සාරී ඔසරී ඇ නාදී
කාලී වාගේ හැඩ වැඩ වී
පාරේ යාවී කාලේ සොකරී


පුදුමයි ලෝකේ නව නාරි
ගෝරී දාවී කියා Sorry
නොදනී කියා හරි හැටි recipe
Cookery යාවී කාලේ සොකරී

3 comments:

  1. වැප් ගෙන් රැප් එක
    වාහිණියේ ඉවුම් පිහුම්, රස සරණිය එහෙන් මෙහෙන්,පබිලිය මල්ලිකා සම්බෝලේ කොටන හැටිත්, ඉන්දියාවේ ඇමරිකාවෙ එංගලන්තේ ‍සම්බෝලය හදන හැටිත්,මෙලෝ රහක් නැහ, කන්ක හිතත් නැහැ, ලණුත් වැඩියි, කො ල් ලා බ ඩ ගි න් නේ හා හා හි හි හු හු හු

    ReplyDelete
  2. හහ් හහ් එළකිරි චැපා එළකිරි තව ටිකක් Try කලොත් චැපාට රැපෙක් වෙන්නත් බැරි නැහැ. :D

    ReplyDelete
  3. විශේෂත්වයක් දැක්කේ නැහැ. ගත යුතු යමක් නැහැ.

    ReplyDelete

ඇත්තම කියන්න