2009/10/19

මමත් පෙම් වතෙක්

චලන චිත්‍රවලින් නැරඹු, නව කථා වලින් කියවු ඒ සුන්දර පෙම්වතා වන්න මමත් කොයිතරම් සිහින මැවුවද. හුරතල් වෙන්න, රන්ඩුවෙන්න, සවාරි යන්න කොපමන හීන මැවුවද. මගේ ඒ සිහින මගේ නෙතු මානෙට ගෙන ආව අහිංසකම සමනලී ඔයයි, සදමෙන් සුන්දර මගේ පෙම්වතී ඔයයි. මගේ ඒ සිහින මාළිගා අහසේ පාවෙන දිලිසෙන තාරුකා මෙන් වර්ණවත් සිත්තමක් කල සිත්තරා ඔයයි. හරිම හුරතලේට බොලද කථා කවි ලෙසින් කියන්නේ මමත් පෙම්වතෙක් වුන ඉමහත් වු ඒ ප්‍රීති ප්‍රමෝදයෙන් නැහැවෙමින්.


මමත් පෙම් වතෙක්
නැහැ වෙමි ප්‍රථම ෙප්‍රමයෙන්
බොලද කථා හුරතලේට
කියමි කවි ලෙසින්


මගේ පෙම්වතී
අහසේ සදවතී
සොදුරු සිහින නෙතු මානෙට
කැන්දු සමනලී


සිහින මාළිගා
අහසේ තාරුකා
හදවත තුල සිත්තම් කල
සිහින සිත්තරා

No comments:

Post a Comment

ඇත්තම කියන්න