2009/10/08

අජානේය ස්කූටර තුරගා පිට වඩිනා

     රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අපූරු සංකල්පනාව සංගීතවත් කරල තියෙන්නේ ගුනදාස කපුගේ ශුරීන්, ළයාන්විතව ගායනා කලේ කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියා විසින් (දැන් ඉතින් එතුමා ආන්ඩුකාර උනනැහේ කෙනෙක් නොවැ) කොහොම උනත් ඉතාමත් සුන්දර නිර්මාණයක්.

                                                අජානේය ස්කූටර තුරගා පිට                   වඩිනා
                                                කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
                                                බදා හිමි දෙවුර එසවී පුරවර සිරි               බලනා
                                                විලාසයට නුබේ කිරුළ බිම වැටෙයි ද      සිතුනා

     කට්ටිය ඇටමිදුළු මස් නහර හිරිවැටෙන තරමට මුළු ශරීරයෙන්ම රසවිදලා ඇති කියලා හිතනවා. ඉස්සර මේ වගේ ගීත නිර්මාණය වුනේ දැන් කාලේ චක බක ගීත වාගේ ඩාදිය දානකන් නටලා හතිඅරින්න නෙවෙයිනේ. මේ වගේ සුන්දර නිර්මාන රසවිදින විට රෝම කූප පවා සෘජුකරණය වෙනවා. සහරා කාන්තාරයේ හිටියත් ඇගේ සීතල හිරිගඩු පිපෙනවා.

                                              සූසැට ශිල්පය උගෙනා පාරගතව          ගියෙනා
                                              පාරේ වැඩට හවුල් වෙන්න උදැල්ල මට ලැබුනා
                                              මා ගත ඩා බිදු හදුනා හාදයා සිනා            නගනා
                                             ෙප්‍රම වන්ති විලවුන් ගැ ලේන්සු පට      සිබිනා

     ගොඩක් දෙනෙක් දන්නේ කපුගේ ශූරීන් ගායකයෙක් විදිහටනේ නමුත් බලන්න මෙහි එතුමාගේ ඉතාමත් මදුර වූ සංගීත රටාවන් මෙම ගීතයට ආරූඩ කරලා තියෙන ආකාරයන්. දිවුල්ගනේ මහත්තයගේ VOICE එක ගැන ආයේ කියන්න දෙයක් නැහැනේ. තමා ෙපු්මයෙන් පරාද වුනාය කියලා මර ලතෝනි තියා කෙල සොටු පෙරා ලංකාවටම ඇහෙන්ට පැය 24 ම තොරතෝන්චියක් නැතිව හඩන මුතුකුමාරන වැනි සිල්ලර ගායකයන්ට මෙවන් වු නිර්මාණ රසවිදිනට අවස්ථාවක් සලසා දිය යුතුයි. දිවුල්ගනේ ගේ ඒ ගැඹුරු කටහඩින් අරවන් පරාජිත ප්රේ්ම හැගුම් ඉතාමත් සෞම්‍ය ආකාරයට අපගේ දෙසවන් මත්තට ගෙන එන ආකාරය බලන්න. එවන් වු මදුර හඩවල් අහන්න අපගේ දෙසවන් පින් කරලා තිබුනා. නමුත් අපෙන් පසුව එන පරපුරට මෙවැනි සරල වූත් උසස් වූත් නිර්මාන රසවිදිනට අවස්තාවක් තිබේදැයි සැක සහිතයි. ඒ කෙසේමුත් අපෙන් පසුව එන සනුහරේට අපි මේවන් උසස් නිර්මාණ ආරක්ෂා කරලා තැබීය යුතුයි.

                                          සදාකල්ම පෙම් වතුන්ගේ සිහින පුරා    පිපෙනා
                                          උදුම්බරා මලක් තියේ ආදරයැයි          කියෙනා
                                         රැ තුන්යම සුවද උලා උදැසනින්           මැකෙනා
                                         කාට අහිමි උනත් සාදු මල් පිපියන්          සැමදා

     මම මේ ගීතයේ කපුගේ ශූරීන්ගේ සංගීතයටත් දිවුල්ගනේ මහත්තයගේ කටහඩටත් වඩා මා ආල වඩන්නේ රත්න ශ්‍රී විජේසිංහ මහත්තයගේ ඉතාමත් ළගන්නා ගී පැදියට යි. බලන්න මෙහි පද ගැලපීම, අපට නිතර දෙවේලේ ඇසෙන ගීතවල ඇති එකම පද එකම වචන ටිකමද තියෙන්නේ කියලා. අපට බොහෝ ගීතවලින් ඇසෙන්නේ එකම පද නැතිනම් එකම වචන ටිකක් නේ. නමුත් රත්න ශ්‍රී මහත්තයගේ ‍මේ ගීතයේ එසේ නැහැ. මේ වචන අපි නිතර දෙවේලේ භාවිතා කරනවා අඩුයි. නමුත් එතුමා මෙමගින් උද්දීපනය කරන්න යෙදුන අදහස එම වචන වලින් ගම්‍ය වන ආකාරය ඉතාම ප්‍රසන්සනීයයි. මෙම වචන ටික ගම්බදව භාවිතා කරන වචන ටිකක් වාගේ පෙනුනත් වචන සියල්ල එක්වු කල්හී ඇතිවී තිබෙන්නේ අමුතුම ආකාරයක රසයක්. ඒ වගේම සරල ගීතයෙන් මදක් ඔබ්බට ගිය පැදිපෙලක් කිවුවත් මම වැරදි නැහැ. කොහොම නමුත් සරල ගීතයත් සුභාවිත ගීතයත් අතර මැදි අවස්ථාවක පිහිටන පැදියක්.

     රත්න ශ්‍රී යන්ගේ හදවතේ ගොඩනැගුන මෙම ගමේ දුප්පත් තරුනයාත් ගැමි තරුණියත් නාගරික තරුනයාත් අතර දොළනය වු පෙම් පුවත මෙම තුන් කට්ටුවේ එකමුතුවෙන් අපට ඉතාමත් මනස්කෘත රූපාවලීයක් මවලා දුන්නා. මෙවැනි ගීතයන් රස විදීමට රූප රචනයන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ මක් නිසාද යත් ඒ ඒ පදයන් හා සංගීතය හා කට හඩ මගින් දෙසවනට පමනක් සීමා නොවී අප හදවතේ මන බදිනා රූපාවලීයක් ජනිත කරනු ලබන නිසාවෙන් ය. ඉතිත් ඔබත් මමත් රස විදි මේ ගීතය මගෙන් පසුව එන ඇත්තන්ටත් රසවිදීමට අවස්ථාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.

No comments:

Post a Comment

ඇත්තම කියන්න