2009/10/30

වශී බන්ධන ගුරුකම් හා සංඝරත්නය


පත්තරයක් ගත් විට වාර්ථා හා කාලීන සිදුවීම් වලටත් වඩා දැන් බහුලව දක්නට ඇත්තේ පිටු පුරාවට වශී ගුරුකම් හා ගුප්ත ක්‍රීයාකාර කම් පිලිබදව දැන්වීම්ය. සියළු දේ කෙරෙහි විදය්‍යාත්මකව බලන මේ කල්හී මෙවැනි ගුප්ත කර්ම පිළිබදව විද්‍යාවන් හා ගට්ටනයක් නැතුවාම නොවේ. මෙවැනි ගුප්ත කර්ම වල ඇත්ත නැත්ත සත්‍යය අසත්‍ය තාව පිළිබදව මා දන්නේ නැත. ඒ පිළීබදව මාහට අත්දැකීම් නොමැති නිසාවෙන් ඒ ගැන තර්ක කිරීමෙන් ද ඵලක් නැත. නමුත් පත්තරවල තියෙන ගුප්ත දැන්වීම් පිළිබදව නම් බොහෝ දේ කථා කල හැකිය.

ගුප්ත ක්‍රියාකාරකම් මගින් දුගී දුප්පත් අසරණ දරුවන්ට උදවු උපකාර කරන්න මොවුන් සියළු දෙනාම දේශපාලඥයන් මෙන් ජාතික පත්තර මගින් පොරයකට වැටී තිබේ. මොවුන් සියළු දෙනාගේම දැන්වීම් බහෝදුරට ඒක රූපීය. එකම Template එකය එහි ඇති නම් පමනය වෙසකට ඇත්තේ. බොහෝ දැන්වීම් වල ලිපිනයන්ද එකම ගමක ලිපිනයන් ය. මොවුන් සියළු දෙනා රෝඩී කියයි, හුලවාලී කියයි, නීච කුල කියයි. අතීතයේ පැවති කුල බේදය වර්ථමානයේ සමාජයෙන් මැකී යන කාලයක මෙවන් පුද්ගලයන් එම නීච කුල යන වචනයම ගෞරව නාමයක් මෙන් තම නමට ඈදෑ ගැනීමට පෙළබී ඇති බවක් පෙනෙන්නට තිබේ. තවද මොවුන් සියළුදෙනාම ඕනම කෙනෙකුට ගුප්ත බලය මගින් අභියෝග කර තමාගේ ගුප්ත ශක්තිය ප්‍රදර්ශණය කරන බවද පවසයි. සත් සමුදුරෙන් එහාටද තමාගේ බලපරාක්‍රමය බලපවත්වන බවත් පවසනු ලබයි. ඉතින් මොවුන් කොතෙක් පුරසාරම් බෑවද කවරෙකුවත් අභියෝග බාරගත් බවක් වත් ප්‍රසිද්දියේ තම බල පරාක්‍රමය පෙන්වූ බවක් වත් දක්නට නැත.

නිතරම චන්ද පරදින වැලේ වැල් නැතිව ඉන්න දේශපාලඥයින් ද මොවුන්ගෙන් සේවාවක් ගන්න බවක් පේන්න නැතිය. ඒ වගේම බලයේ සිටින අයට විරුද්ධ පක්ෂයට වඩා මෙම ගුප්ත කරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතුවෙයි. මොකද මේ තරම් බල පරාක්‍රමයන් ඇත්තෙක් පාලක පක්ෂයට වශීයක් හෝ ගුරුකමක් මගින් නූල් පන්නා දෙහි කපා සිංහාසනාරූඩ වීමට ද බැරි කමක් නැති නිසාය. තවද මානූෂීය මෙහෙයුම කාලයේ ප්‍රභාකරන් ලොක්කා හොයන්න ජීවිත පරිත්‍යාගයෙන් වලි කෑ වේලේ අදුන බලන පොඩි හාමුදුරුවන් ලව්වා ෙලහෙසියෙන්ම ඒ ගොන් ඩෝලා සිටිය ඉසවුව බලාගන්න තිබුනේය. අවාසනාවකට යුධ හමුදාපති තුමා හෝ ආරක්ෂක ලේකම් තුමා අදුනෙන් බලන තාක්ෂණය ගැන නොදැන සිටින්න ඇති. ඒත් දැන් වුනත් කාලය තියේ. ඔන්න මේ ගුප්ත සාස්තරය ප්‍රගුණ කල ඇදුරුතුමන්ලාගෙන් කවුරු හරි ඉදිරිපත් වෙලා ලංකාවට කුඩුකේට්ටු කම් කරන හිලරි ‍දැරීවිව දැලේ දාගන්න සත් සමුදුරෙන් එහාට බලපවත්වන වශීයක් කලොත් ඔන්න නියම වැඩකාරයෙක් කියන්න පුළුවන්. හිලරි කිකිළීව දපනේ දා ගත්තොත් වැඩේ ගොඩේ ගොඩය. තවද ජිනීවා වැනි ජගත් සංවාද සංවිධාන ආමන්ත්‍රනය සදහා රාජ්‍ය අමාත්‍ය වරුන් යවනවා වෙනුවට වෙමැනි වශී ගුරුකම් ලා කෙල පැමිණිය අයෙක් හෝ කාන්ඩයක් යවන්නේ නම් මහත් ඵල මහත් ආනිසංස ලබා ගනු හැකි වෙනු ඇත. ඒ සදහා වැඩේ හරි ගිය පසු තැපෑලෙන් නොව ගෙදරටම ලක් වාසී සියළු දෙනාම පුද පඩුරු හා පූජා භාන්ඩ සපයා වී. ම්....ඒකෙන් කාරි නැහැ.

කවුරු නීච වුනත් කවුරු රොඩී වුනත් අපට කම් නැත. මනුසත් කම මිසක අපට කුල ප්‍රශ්නයක් නැත. නමුත් බෞද්ධයන්ගේ උත්තරීතර සංඝරත්නය රොඩීන්ගේ නීච කුලයන්ගේ රැකියාවන් කරන තැනට පත්වනු බලාසිටීය නොහැක. බුදුන් වහන්සේ ධර්මය දේශනා කලේ වශී මන්ත්‍ර ‍ජප කිරීමෙන් නොවේ. දුගී ජනයාගේ සිත් සුවපත් කලේ දෙහි කැපීමෙන් නොවේ. තමාගේ පිහිට පතන ජනතාව සොයා ගියේ අදුනින් බලා නොවේ. ඒ වගේම ගිහිගෙයින් නික්මී සිවුර දෙවුර ලා පැවිදි දම් පුරන්න සාසනාරූඩ වන්නේ මුදල් හම්බ කිරීමට නොවේ. තමාගේත් හත්මුතු පරම්පරාවේත් ලෝවැසි ජනයාගේත් නිවන් අවබෝධය පිණිස දහම් අවබෝධය තකාය. නැතුව හැර ගිය පෙම්වතා ගෙනත් දෙන්නවත් රූබර ලදකගේ ඇසුර තව කෙකුට ලබා දෙන්නවත් නොවිකෙන ඉඩම් කාගේ හෝ ඇගේ ගසා දීමටවත් තම විරැද්ධ වාදියාට පාඩමක් උගන්වා උගේ ජීවිතය කාලකන්නි කිරීමක් කර දීමටවත් නොවේ. අදුන බලා සොරුන් අල්ලන්න දනීනම් ඔහු පැවිදි දිවියට නොව රහස් පොලීසියට අනියුක්ත විය යුතුය. එමගින් විශාල මුදල් සම්භාරයක් සොයාගැනීමට හැකිවාක් පමනක් නොව රටට විශාල සේවාවක් කිරීමටද අවස්ථාවක් ලැබේ. සිවුර දරා මෙවැනි ගුප්ත වැඩ කිරීමෙන් සාසනයටද අගෞරවයක් සිදු කරනු ලබයි. සංඝරත්නය මෙලෙස බාල බොළද වැඩ කිරී‍මෙන් වෙනත් ආගමිකයින් සිතාවී මෙයත් මේ බුදුන් දේශනාකල ධර්මයක් මැයෙන්. ඉතින් උත්තරීතර නිර්මල බුද්ධ දර්මයේ නිර්මලත්වයට කුමක් සිදු නොවේද? තවද මෙවැනි සංඝරත්නය සම්බන්ධ දැන්වීම් ප්‍රසිද්ධ මාධ්‍යයන් මගින් ප්‍රචාරය කිරීමෙහි වාරණයක් යොදන්න බැරිද? සාසනයේ විනය පාලනයට කුමක් සිදුවීද? මෙලෙස ඩෙගා නටන ස්වාමීන් වහන්සේලා කෙරෙහි විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට නායක ස්වාමීන් වහන්සේලා හෝ භික්ෂු විනය පාලක ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් නොවන කාරනයක් වටහා ගනු ෙනාහැකිය.


6 comments:

  1. බලාගෙන මෙක දැක්කොත්, "සහෘදයටත්" ගුරැකමක් කරයි අයිත් හෑලි නොලියන්න !!!!

    ReplyDelete
  2. කහ පාට රෙද්දක් ඇඳගත්තට, වෙහෙරෙකුයි - බෝ ගසකුයි තියන ගෙදරක හිටියට හැමෝම සංඝයා වහන්සේලා වෙන්නේ නෑ.

    ReplyDelete
  3. http://en.wikipedia.org/wiki/Abraham_Kovoor%27s_challenge

    award of Rs. 100, 000/-

    ReplyDelete
  4. ඒකනම් ඇත්ත සුපුන් නමුත් කහ පාට රෙද්දක් නැතිනම් සිවුරක් දෙවුර ලා ගත් සියල්ලන් නියෝජනය කරන්නේ සම්බුද්ධ සාසනය. මා දැකලා තියෙනවා සිවුරු ඇදගෙන හිගා කන පුද්ගලයින්. හිගා කෑම හා පිඩු සිගා වැඩීමයි යනු දෙකකි. සිවුරු ඇදගෙන හිගා කන පුද්ගලයින් සංඝයා වහන්සේලා වෙන්නේ නැහැ නමුත් එයින් යම් පැල්ලමක් සාසනයට ඇති වෙනවානේද?

    ReplyDelete
  5. නියම ලියුම හොදා මේ මේක අපි පත්තරේට දාමුද මාර වැදගත් වෙයි ඔයා කැමතිනම් කියන්න දාමු අපි

    ReplyDelete
    Replies
    1. gayan nirmala , ok. daanna. mona patthareda daanne? daala matath kiyanna mona pattareda kawada ekeeda kiyala
      ;D

      Delete

ඇත්තම කියන්න