2009/10/22

පූජා වී නැත තාමත් අශෝකමාලා

සාලිය අශෝකමාලා දෙන්නාව කවුරු කවුරුත් දන්නවා නොවැ. ශ්‍රී ලාංකීය ආදරණිය පෙම් පුරා වෘත්තයන්ගේ සදාතනික පෙම් වෘතාන්තයක් නොවැ. මටත් හිතුනා ටික වෙලාවකට සාලිය කුමරා වෙන්න. මම ගියේ ඉස්සෙල්ලාම සාලිය කුමාරයාට අශෝකමාලාව හම්බ වුනාය කියල හිතින් මවා ගත්ත ස්ථානයකට. කොටින්ම කියනවනම් දෙන්නා Scene එකට ඉස්සෙල්ලාම Enter වුන තැනට. ඒ වේලාවෙදි අපි අතරේ සිදුවුන දෙබස තමයි මම පහතින් පෙළ ගස්සවලා තියෙන්නෙ.(පරණ සිංහල හරි පරණ හිංදි හරි චිත්‍රපටයක ගීතමය ජවනිකාවක් කියලා හිතාගන්නකෝ)


ඔන්න සාලිය කුමාරයා අශ්වයා පිටින් ටක්කුට ටක්කුට ටක්කුට කියල ගමනක් යන ගමන් ලස්සන ගැහැනු ලමයෙක් දැකලා Break පාරක් ගහනවා. අශ්වයා බුහේ..හ්.එහ්..එහ්..හොග්..බුකුන් බුකුන් කියල සද්දයක් දලා (හේෂාරව ) අශ්වයා නවතිනවා. සාලිය කුමාරයා අශ්වයා පිටින් බහිනවා. අශ්වයා පිටින් බැහැලා වටපිට ටිකක් බලලා කාරිය ගැහැනු ලමයා ලගට කිටුවෙනවා. ලමයා මල් කඩ කඩ ඉන්නෙ. (Mobile එකෙන් නම් නෙවෙයි ) හැබැයි මේ වෙනකොටත් සාලිය කුමාරයා අශෝක මාලා නම් රුවැත්තිය ගැන කනින් කොනින් අහලා තිබුනේ. ඒත් දැකල නම් තිබුනේ නැහැ. ඒ උනාට අහල තිබුන විස්තර අනූව අනුමාන කර ගන්න අපහසු උනේ නැහැ මේ අර කිව් රුවෙත්තිය බවට. ඔන්න දැන් ගීතමය දෙබස පටන් ගන්නවා..ෂ්..ෂ්..ෂ්..ෂ්..ෂ්..ෂ්.ෂ්


සාලිය                - අශෝක මාලා නුබදෝ මේ පුර වෙසෙනා
                           අසා තිබුණි නැත එනමුදු කිසි දින දැකලා
අශෝකමාලා    - අශෝකමාලා මම මල් මාලා ගොතනා
                          නොදනිමි නුබ කවුරුද මට කියන්න කුමරා


සාලිය               - මල් අතරට මලකී නුඹ අශෝක මාලා
                          මල් නෙලාන පලදිනවද කියන්න මාලා
අශෝකමාලා   -  හරිම තුටක් ඇතිවුනා නුබේ ඒ බස් අහලා
                         බුදු සමිදුන් නමදිනවා මේ මල් තියලා


සාලිය               - මල් පිපෙන්නෙ බබරුන්ටයි දන්නවද ඔයා
                          බබරෙකු හට හිත දිලද අශෝක මාලා
අශෝකමාලා   - බබරුන් කෙතරම් ආවත් ගීතිකා ගයා
                         පූජා වී නැත තාමත් අශෝකමාලා

6 comments:

  1. සිරස වෙන්නද හදන්නේ ?

    ReplyDelete
  2. ඇයි සහෘදයා එහෙම කියන්නෙ? මටනම් ගොන් දෙපැය නිසා සිරස වහකදුරු වගේ.

    ReplyDelete
  3. අපේ සාහිත්‍යයේ තියන ලස්සන ප්‍රේම වෘර්තාන්ත "කසිකබල් වචන දාල" අර්ත විකෘර්ති කරන හින්ද. හිතන්ක මෙක තියේන්නෙ සිංහලේන්, පොඩි එකෙක් දැක්කොත් උගේ හිතට වදින්නේ මෙ කාතාව

    ReplyDelete
  4. හ්ම්...ඒකේ ඇත්තක් නැත්තෙමත් නැහැ තමයි. ඒ වුනාට පොඩි එවුන් අපේ ඒවා කියවලා අපිව ආදර්ශයට ගන්නවනම් දෙන්න බැරියැ සිංහල සාහිත්යතම හරි දියකරලා බොන්න කියලා. අනික දැන් කාලේ පොඩි උන්ට සාහිත්ය් රසවිදින්න වෙලාවක් නැහැ දෙමපියන්ගෙන් අවසරයක් නැහැ එයාලට ඕන ඩොක්ටර්ස්ල කරන්න මිසක් කවියන් කරන්න නෙවෙයි. අපිට මහෞෂධ යන් වීරයෙක් වුන කාලයක් තිබුණා. නමුත් දැන් කාලේ පොඩි එවුන්ගෙ වීරයන් අසාමාන්ය. හැකියාවන්ගෙන් යුත් Sonic වගේ බහුභුත Catoon හා Pc Games වගෙ දේවල්. එවැනි සාමාජ වාතාවරනයක් තුල අපිට රගපාන්න කිසිම භුමිකාවක් නැහැ. අපිට කල හැක්කේ අපේ ආත්මතෘප්තිය තකා යමක් නිර්මාණය කරගන්නවා හැරෙන්න සමාජශෝධනයක් උදෙසා නොවෙයි. ඉතින් එලෙස මාගේ තෘප්තිය තකා නිර්මාණය කරගත් දෙයක් තවත් රසවත් ලෙස මා වැනි සම වයසුන් සමග හුවමරු කරගත්තාය කියල මම හිතන්නෙ නැහැ එයින් සාහිත්යා කෙලසීමක් ඇති වෙනවාය කියලා. ඒ කෙසේවත් ස්තුති චෝදනාවට. මොකද ඕනෑම දෙයක් සංවර්ධනය වෙන්නේ අදහස්, යෝජනා හා චෝදනා නිසයි.

    ReplyDelete
  5. එල එල!! මුලින්ම ස්තුතිවන්ත වෙනව කයපු දේ වැරදි පැත්තෙන් අල්ලගත්තේ නැති එකට

    දැන් පොඩි එවුනට නලදමයන්තිය,උම්මග්ය,සැළලිහිණය ගැන දැනගන්න ඔනෙත් නැතුව ඇති. ඒත් අඩුම ගානේ එකෙක් හරි ඇති මෙවට කැමති. එහිනදා පුලවන්නම් ඒගැනත් "හෑලි" එකක් දෙකක් ලියන්න

    වැදගත්ම දේ මමත් මෙවා කියවල සතුටක් ලබන්වා, ඒත් මට පොඩි දුකක් හතුනා මෙක කියවද්දි, එකයි පොඩි සටහන් කෑල්ලක් දැම්මෙ.

    අනික අලුත් නිර්මාන තමයි, ලෝකය වෙනස් කරන්නෙ එහින්ද දිගටම ලියන්න හැබැයි "සිරස" වෙන්න එප...

    ReplyDelete
  6. ස්තුති චැප්. එකම විදිහට නොවී එක එක විදිහට ලියන්න මම කැමතී. ඒ නිසයි වෙනස් වෙනස් ආකාරයනට ලියන්නේ. සමහරක් විට අසාර්ථක අවස්ථාත් ඇති එවැනි අවස්ථා පෙන්වා දෙන ඔබ වැන්නන් මා හා රැදී සිටීම ගැන මම ඉමහත් සේ ප්රීසතිමත් වෙමි.

    ReplyDelete

ඇත්තම කියන්න