2009/10/12

පෙම්වතුන් අප පෙම් නොකරම හමු වූ

     ප්‍රේම විවාහයද යොජිත විවාහයද කියලා පොඩි තර්කයක් ඉස්සර තිබුණාය කියලා දවසක් දා මට තාත්තා කිවුවා. නමුත් දැන් ඒ වගේ තර්කයක් නැහැනේ. වැඩිමනක් වෙ‍න්නේ ආදරය මත සිදුකෙරෙන විවාහයනේ. ආදරයක් මත සිදුවුන විවාහයක් වුනත් පහුවෙනිදා ඉදලම වලි කේස් නේ දැන් කාලේ. කෝම වුනත් යෝජිත විවාහයකින් වුනත් සාර්ථක විවාහ දිවියක් ගත කරන්න පුළුවන් බව අපේ පසු පරම්පරාවන් ඔප්පුකරලා තියෙනවා. මේ ගීතයත් මම රචනා කලේ එවැනි මා දන්නා හදුනන දෙදෙනෙකු පසබිම් කරගෙන. ඔවුන් යොජනාවක් මත විවාහ වෙලා දරු මල්ලන් හදලා ඔවුන් රටට වැඩදායි පුරවැසියන් කරලා අද ජිවිතයේ සැදැසමය සතුටින් ගත කරන ඔවුන් ට මේ වගේ සිතිවිල්ලක් පහල නොවුනහොත් තමා පුදුමය.


පි-  පාරමිතා නොපුරා හමු                                 වූවට
      පාරමිතා පුරමු අපි                                 දෙන්නම
ගැ- මතු සසරෙත් අපි අපේම                       වන්නට
      හමු වී මෙලෙසම තුටින්                       හිදින්නට


පි-   නෙතු නැත හිටි හැටියේ යේ හමු                 වූ
       පෙම් බස් නැත මල් ගස් යට                ලෙපලු
ගැ- පෙම් පත් නැත අප තැන තැන             හැන්ගු
       පෙම්වතුන් අප පෙම් නොකරම            හමු වූ


ගැ-  නෙත නැත රිදවා කදුලැල්                     සලපූ
       සැරවදනක් නුබ මුවගින් පිට                        වූ
පි-   නුබ නැත රිදවා සතුටක්                         ලබපු
       දිනයක් නැත අප නොදොඩා                  හිටපු

3 comments:

  1. මතු සසරෙත් අපි අපේම වන්නට
    hamuwemu melesin ekata hinndinnata wage kiyala kiwwa nam hodai kiyala hitenawa දෙදෙනෙකුන් නොව එක්කෙනෙකුන් වන්නට kiyanawata wadaa . . .amthu sasare ekkenk unoth aadare karana kenai vidina kenai ekkenek veema gana aapahu tikak hitala balanna . .. ! lassana nirmaanayak . . jaya wewaa

    ReplyDelete
  2. බොහොම ස්තුති අදහස් වලට. අපට හැකියවන් වර්ධනය කර ගන්න අන් අයගෙ අදහස් හා විවේචන අවශ්‍ය වෙනවා. අපි අපේ ආත්මතෘප්තිය තකා ලියුවත් ඒවා අගයන්න විවෙචනය කරන්න කවුරුත් නැතිනම් ඒවා එක තැන පල්වෙන මෙලො රහක් නැති මොකද්දො එකක් වගෙ වෙනවා. ඒ නිසා ඔබ තුමාගෙ අදහස ඉතාමත් ඉහලින් පිලිගන්නා අතර මටත් ඔබ තුමා කිවු පැදි පෙලෙහි දෝශයක් මතු වුනත් ඊට මීට වඩා සුදුසු පැදියක් ඔලුවට නාවෙන් අවසන මෙය යෙදිමට තිරණය කලා. නමුත් ඔබ තුමාගෙ අදේශ පැදිය වඩාත් සුදුසු බැවින් මා එය ඔබ කිවු අකාරයට වෙනස් කිරීමට තිරණය කල බැවු ඉතාම සතුටින් ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

    ReplyDelete
  3. dan nam godak lassanai . . . attenma . . kalin eke dennama ekkenk unama ara mama kalin kiwwa wage adare huwamaruwak nowena nisa . . eta wadiya me dan oya liyapu vidiha godak hodai wage . . .

    ReplyDelete

ඇත්තම කියන්න