2009/10/14

ප්‍රවෘත්ති විකාශනයන්ගේ අදෝනාවන් තවත් ඉවසා සිටිමුද?

     රූපවාහිනී හා විත්‍රපට මගින් කාමුක රැල්ල කෙමෙන් කෙමෙන් දුරුවී යන සමයක වර්ථමානයේ නව ආරක රැල්ලක් නිර්මාණය වෙමින් පවතිනවාදෝයි යම් සැක සංකාවක් මගේ සිතට කාන්දු වෙමින් පවතිනවා. සමහර විට ඔබටත් එය දැනිලා ඇති කියලා මම සිතනවා. ඒ තමයි අධි සංවේදි දර්ශන, හඩ පට හා සංගීත කොටස් ඇතුලත් රුප රාමු විකාශනය කිරීම.


     රූපවාහිනී නාලිකා තමන්ගේ වැඩසටහන් ජනතාව අතර ප්‍රචලිත කිරීම උදෙසා තම වැඩසටහන් නානාප්‍රාකාර අයුරින් ඉදිරිපත් කිරීමේ තරගයක යෙදී සිටීන අතර සිරස ආයතනය මගින් තරුවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුන තරුනියන් කැමරාව ඉදිරියට ගෙන්වා මුළු ලංකාවටම පේන්න ප්‍රහසනයට ලක්කර ඔවුන්ගේ චරිතය ඝාතනය කර SUPER STAR නම් තම වැඩසටහන ඉතාමත් ඉහල ජන ආකර්ෂණයක් නතු කරගත්තා. පසුව වෙනත් නාලිකාද ඒ අනුකාරක වැඩසටහන් ඉදිරිපත් කලා හා කරමින් සිටිනවා. මෙයද එක් ආකාරයක ජන ආකර්ෂණය ලබා ගැනීම උදෙසා ජනතාවගේ චරිත ඝාතනය කරන එක් වැඩසටහනකි. හිනා ඉනා නම් වැඩසටහන මගින් ද පදිකයින් මුලාකර සිනාසුනා. මා මෙය උදාහරණයක් විදිහට දැක්වූයේ එය ඉහලම ජන ආකර්ෂණයක් ලබා ගත් වැඩ සටහන් නියාවෙනි. නමුත් එය තම ස්ව කැමැත්තේන් ඉදිරිපත් වී ප්‍රහසනයට ලක් වීමක් නිසා ඒ ගැන වෙනම කථා කල යුතුව තිබේ. ප්‍රශ්නය මෙය නොව ප්‍රශ්නය වන්නේ රූපවාහිනි නාලිකා මගින් අධි සංවේදි දර්ශන ඇතුලත් රූප රාමු විකාශනය කිරීමට පෙලබීමක් ඇති වී තිබීම යි. විශේෂයෙන් ස්වර්ණවාහිණිය මගින් මෙම නව රැල්ල නිර්මාණය කිරීමෙහි ලා මූලික අඩිතාලම දමා තිබේ.


     යෙහෙලී වැඩසටහන මගින් හිංසනයට පත් වූ කාන්තාවන් ගැන කථා කරනවාය කියා එම නිවේදිකාව ද ඉකිබිද හඩයි. සංවේදි ප්‍රශ්න අසයි. එමගින් හිංසනයට පත් වු කාන්තාවද කදුළු සලයි. වැඩසටහන නරඹන සංවේදි හිත්තැත්තෝද කදුළු සලයි. පුද්ගලිකව හෝ උත්තර දිය නොහැකි ප්‍රශ්න අසන වෙලාවල් ද නැතුවා නොවේ. මෙය දෙනෝදාහක් එකට සිට නරඹන වැඩසටහන් ය. එම නිවේදිකාව එම කාන්තාවන් තමන්ගේ යෙහෙලියන් මෙන් තුරුලු කරගෙන මවු සෙනෙහය රැකවරණය දෙන සේ කථා කරයි. කොතෙක් දුරකට එය සැබෑ සෙනෙහසක් දැයි අපි නොදනිමු නමුත් මෙම ගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?


     තවද ස්වර්ණවාහිනී හා සිරස ප්‍රවෘත්ති මුලිකව අනෙකුත් ප්‍රවෘත්ති මගින්ද මෙවැනි රූප රාමු ඉදිරිපත් කරනු ලබයි. මෘත දේහ බදාගෙන හඩන දර්ශන, මියගිය අයගේ භාරකරුවන් විලාප තියන දර්ශන, දුක්ඛ සන්තාපය හේතුවෙන් සිහිවිකලෙන් කරන කියන දැ හා ඔවුන් ගෙන් ඒ මොහොතේ ලබාගන්නා වාග් ප්‍රකාශ වැනි දැ විකාශනය කිරීම මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයන් මගින් සිදුකරනු ලබයි. ඒ සන්තාප මොහොතේ ඔවුන් කරන කියන දැ කුමක්දැයි ඔවුන් නොදන්නවා විය හැකියි. මේ කැමරා කරන්නේ මුළු රටටම පෙන්වන්න දැයි ඔවුන් නොදන්නවා විය හැකියි. දැනගත්තත් ඒ සදහා එරෙහි වීමට හැකියාවක් ශක්තියක් මානසිකත්වයක් නැතුවා විය හැකියි.


     ඒ වගේම මෙවැනි පුද්ගලික දර්ශන විකාශනය කිරීමට ඔවුන්ගෙන් ඔවුන් අවසර ලබාගත යුතු නොවේද? එලෙස අවසර ලබා නොගන්නේ නම් එය බලහත්කාර කමක් නොවන්නේද? තවද ස්වර්ණවාහිනිය මගින් සමහරක් දර්ශන ඔවුන් ත්‍රිතමාණ සජීවීකරණය ද වීඩියෝ ප්‍රයෝග බාවිතයෙන් ද හා සජීවි ලෙස ද ප්‍රථිනිර්මාණය කර විකාශනය කරනු ලබයි. ඝාතනය කරනු ලබන දර්ශන වෙදනාබර හඩ කොටස් ස්ත්‍රී අපයෝජන වක්ක්‍රාකාර දර්ශන හා හඩ කොටස් හා එවැනි සංසිද්ධීන් ත්‍රීවුර කරන්නා වූ වාදනයන් මුසුකර විකාශනය කරනු ලබයි. මෙමගින් ඔවුන් බලාපොරොත්තු වන සමාජ ප්‍රථික්‍රියාව කුමක් ද?


     මෙවන් දර්ශන නරඹන්නේ එකම ආකාරයක හිතැත්තෝ නොවේ. වැඩිහිටියන් නරඹනවා විය හැකියි, කුඩා ළමුන් හෘදයාබාද සහිත රෝගීන් අධි සංවේදි හිත් ඇත්තන් පමනක් නොව පවුලේ සියළු දෙනා එකට සිට නරඹනවා විය හැකියි. ඒ විතරක්ද ඒ අවස්ථාවට මුහුණ දුන් අය පමනක් නොව එවැනි අත්දැකීමකට මුහුන දුන් අයද නරඹනවා විය හැකියි. එමගින් ඒ අවස්ථාවට මුහුන දුන් අය ද ඒ පවුලේ සාමාජිකයන් හා නැදැ හිතවතුන් සමාජ‍ය ඉදිරියේ ලජ්ජාවට පත්නොවන්නේද? සමාජය ඉදිරියේ අපහසුතාවයන්ට පත්නොවන්නේද?


    මුළු දවස ති‍ස්සේ වෙහෙස මහන්සි වී හෙම්බත් වී සිටින අප ගෙදර රූපවාහිනය ඉදිරියට කිට්ටු වන්නේ දවසේ වෙහෙස මහන්සිය දුරුකර ගැනීමට හා රට ලෝකයේ අද දවසේ සිදුවුන දැ ගැන දැනීමක් ලබාගැනීමට හා රසාස්වාදයක් වින්දනයක් විද හිසේ පවතින්නාවු බර ගතිය අඩුකර සැහැල්ලු වීමට විනා මෙවැනි ඇඩියාවන් නරඹා තවත් බරක් හිසට දමා ගැනීමටද? මෙවැනි ප්‍රවෘත්තිද අප අසා දැන ගත යුතුය. ඒ අගේම එවන් තොරතුරු විකාශය කිරීමටද ජනමාධ්‍යහට අයිතිය හා හැකියාව තිබේ. නමුත් එම අයිතිය හා හැකියාව තම ආයතනයේ ප්‍රසිද්ධිය හා වැඩසටහනේ ජන ආකර්ෂණය උදෙසා භාවිතා නොකර යම් ශීලාචාර කමකින්ද ශිෂ්ඨ සම්පන්න කමකින් ද එමගින් එම අවස්ථාවන් හට මුහුණ දුන් හා සම්බන්ධ අයට අවැඩක් ලජ්ජාවක් අපහසුතාවක් ඇති නොවන අයුරින්ද ඉදිරිපත් කරන්නේ නම් මනා යැයි මගේ හැගීමයි. ඔබත් මේ පිළිබදව අවදියෙන් ද?


14 comments:

  1. හොඳ ලිපියක් . . . !

    නමුත්

    මගේ හැඟීම නම් සමහර දේවල් ඉදිරිපත් කිරීමේදී අධ්සංවේදී ආකාරයට කලයුතු වනවා . . . ජීවිතයත් මැෂින් එකක් බවට පත් කරගත් මිනිසුන් වෙසෙන අද වැනි සමාජයක "වැඩි බරක් . ." නොතිබුනොත් දීමට අවශ්‍ය පනිවුඩය හරීයටම ඔලුවට නොයන්න ඉඩ තියෙනවා


    හැම දේටම නෙමෙයි ඔබ කිව්වා වගේ . . .

    ReplyDelete
  2. දුකා කියන්නේ ගල් හිත් මෙලෙක් කිරීමේ ඒකායන පරමාර්ථයෙන් ඔය ඇඩියාවල් දානවාය කියලද? ඒ පරමාර්ථයෙන් ඕවා දානවානම් අවුරුදු 2500 කටත් එහා ඉදන් තුන් තිස් පැයේම ඇහෙන අහන කියන බුදු බණ පද නිසාවත් අපේ අලුගුත්තේරැවන්ට හැදෙන්න කාලය තිබුනා. ඒත් හැදුනද? නැහැ. ඔහොම නෙවෙයි ඒ දර්ශනයම නැතිනම් තාත්වික දර්ශනයම සංස්කරණය කිරීමකින් තොරව විකාශනය කලත් ඔය ගල් හිත් උණුකරන්න බැ. මානසික රෝගීන් ඒකත් කෙල හල හල බලයි. ඒ චැනල් ඒක උණු උණු උම්බලකඩ වඩේ වගේ CHART වල ඉහලම අගයන් වලට යයි. වැරදි නොකරන මල් ‍වගේ අහිංසක හිත් විතරයි කෝමත් තැලෙන්නේ.

    ReplyDelete
  3. ස්වර්ණවාහිනීය ප්‍රවෘති වලින් ඉදිරියෙන් ඉන්නෙ .ITN ,රූපවාහිනී කරන්නෙ කඩෙ යන ඒකනෙ . අරයා මෙක කිවුවා කිය කියා . අන්තිමට .ITN ,රූපවාහිනී වල ප්‍රවෘති තියෙන්නෙ ඒක ඒක්කෙනා කියපුවා විතරයි . ලගදි ඉදන් ITN ,රූපවාහිනී නාලිකා ස්වර්ණවාහිනීය ප්‍රවෘති ඉදිරිපත් කරන හැටි අනුකරණය කරනවානෙ

    ReplyDelete
  4. මම නං කරන්නේ කවුරු TV එක බලං හිටියත් ඒ වගේ අවස්ථා වලදී චැනල් එක මාරු කරන එක. යම් සිද්ධියක් ප්‍රවෘත්තය වහයෙන් ඉදිරිපත් කරනවා ඇරන්නට මෙවන් සංවේදී අවස්ථා ඉදිරිපත් කිරීමේ කිසිදු ප්‍රවෘත්තිමය වටිනාකමක් නැතුවා මෙන්ම, මට මැදිහත්වෙන්න බැරි කාරණයක් නිසා මොකටද මගේ හිත අප්සට් කරගන්නේ?

    ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම අතින් ස්‍වර්ණවාහිනිය ඉදිරියෙන් ඉන්න බවට සැකයක් නැහැ, නමුත් මේක ඔවුන්ගේ නරකම වරදක්/කූටම උපායයක්.

    ReplyDelete
  5. ඒකනම් ඇත්ත තමයි. මාත් පිළිගන්නවා වර්ථමානයේ ප්රහවෘත්ති විකාශන අතුරින් LIVE @ 8 ඉදිරියෙන්ම ඉන්නවාය කියලා. ඒ මොකද ඒ නිවේදකයින්ගේ ප්රශකාශන හැකියාව භාශාව හැසිර වීමේ හැකියාව හා සංවාදශීලී ඉදිරිපත් කිරීමේ රටාව නිසාත් මෙන්ම සමබර හා මධ්යපස්ත ලෙස ප්ර වෘත්ති ප්රසකාශකිරීම නිසාත් අන් නාලිකාවල ප්රිවෘත්ති වලට වඩා LIVE @ 8 ඉදිරියෙන්ම ඉන්නවා. ඒ ගැන පැසසිය යුතුයි අගය කල යුතුයි. හැමදාම අන් අයට මූලාරම්බ දෙන රැලි නිර්මාණය කරන අනුකරනයට වස්තුබීජ දෙන සිරස ත් දැන් LIVE @ 8 අනුකරණය කරන්න පටන් අරන් ටික ටික. ඒත් ඒක එතරම් සාර්ථක නැහැ LIVE @ 8 තරම්. ජාතික රූපවාහිනි හා ITN ප්රාවෘත්ති ගැන නම් කථාකරල වැඩක්ම නැහැ. ඒ අයට කියන්න තියෙන්නේ රජයේ කෙරුවාවල් විතරනේ. ඒ අයට රජයේ කෙරුවාවල් ඇරෙන්න මේ ලංකාවේ කිසිම ‍වෙන ප්රයවෘත්තියක් ඇහෙන්නේ දකින්නේ දැනෙන්නේ නැහැ. ඒ අතින් ස්වර්නවාහිනි ප්රනවෘත්ති ඉදිරියෙන් සිටිනවා. ඉහත මා දැක් වූ අධි සංවේදි ඇඩියාවල් සහිත අශෝභන දර්ශන නැතිනම් LIVE @ 8 එළම කිරි.

    ReplyDelete
  6. ලංකාෙව ජනමාධ්‍ය ගැන කතා කිරීම නිකන් කාලය කා දැමීමකි. අෙප් රට තුළ අැති
    මාධ්‍ය එක්ෙකා් මුදලාලි මාධ්‍යය , නැතෙහාත් රජෙය් එ්වාය. ෙම් ෙදෙක්ම
    ෙවනසක් නැත. ප්‍රශස්ති, අෙදා්නා , මඩ හැරැණ විට එ්වා ෙය් අැති ෙදයක් නැත

    ReplyDelete
  7. this is paranoia at its worst.

    ReplyDelete
  8. shantha wijayamannaThursday, October 15, 2009

    ඔබෙග් අදහස් වලට ඒකඟය. අස්වාභාවික ෙලස සිදුවූ හදිසි අනතුරක් හැෙරන්නට ෙහා් විෙශ්ෂිත පුද්ගලෙයකුෙග් මරණයක් හැෙරන්නට ෙවනත් මරණ සම්බන්ධව ප්‍රවෘත්ති ප්‍රකාශ තුලින් ඉදිරිපත් කිරීෙම් අවශ්‍යතාවයක් නැත. රූපවාහිනී නාලිකා වල වැඩ සටහන් නිෂ්පාදකයන් සිතන්ෙන් ඔවුන් ඉදිරිපත් කරන සියළුම බහුබූත නරඹන්නන් කැමැත්ෙතන් නරඹනු අැතැයි යනුෙවනි. මා නම් ප්‍රවාත්ති සිරස්තල අැසීෙමන් පසු වැදගත් ෙදයක් ෙනාමැති නම් විස්තර බලන්ෙන් නැත. ඒක ෙහ්තුවක් ෙවළද දැන්වීම් බැලීමට අැති අකමැත්තය. මනසට සහනයක් ෙදන වැඩ සටහන් ඉදිරිපත් කිරීමට රූපවාහිනී නාලිකාවල බලධාරීන් කටයුතු කිරීම යුගෙය් වැදගත් අවශ්‍යතාවයක් වී අැත.

    ReplyDelete
  9. Anandha WijesinghaFriday, October 16, 2009

    ...ඒ වුනාට, ප්‍රවෘත්ති ප්‍රකාශ ආදිය ලස්සනට ලියන්ඩ පුළුවනි.

    ReplyDelete
  10. Sameera JayawardhanaFriday, October 16, 2009

    මටත් හිතෙන විදිහට මේ රූපව‍ාහිනී මාධ්‍ය වල ප්‍රවෘත්ති කියන එකත් විලාසිතාවක් වෙලා. ප්‍රවෘත්තියේ වටිනාකමත් මේ හින්දා අඩු වෙනවා. මමත් මේ අදහස් හා එකඟයි. ලංකාවේ මිනිස්සු Satellite TV ආදියට යොමු වීමේ ප්‍රවණතාව ඉතා ඉහල ගිහින් තියෙන්නේ මේ බහු රූ කෝලම් නිසා කියලයි මම හිතන්නේ. මේ ගැන දැම්මම මේ ආයතනවල බලධාරීන් අවධානය යොමු නොකලොත් ඔවුනට ලොකු අවදානමක් තියනවා තම ශ්‍රාවක පිරිස රඳවා ගන්නෙ කොහොමද කියලා.

    සමීර!!!

    ReplyDelete
  11. @Sameera Jayawardhana:

    [said:Sameera Jayawardhana]
    මටත් හිතෙන විදිහට මේ රූපව‍ාහිනී මාධ්‍ය වල ප්‍රවෘත්ති කියන එකත් විලාසිතාවක් වෙලා. ප්‍රවෘත්තියේ වටිනාකමත් මේ හින්දා අඩු වෙනවා.
    [/said]

    ඔබ කියන්නේ ස්‍වර්ණවාහිනිය කරන ආකාරයට නිර්මාණාත්මක ලෙසින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නිසා ප්‍රවෘත්තියේ වටිනාකම අඩුවෙනවා යැයි කියා නම්, මම ඒකට එක හෙළාම විරුද්ධයි.

    ශ්‍රී ලංකා ගුවන්‍විදුලු සංස්ථාවේ නාලිකා වල ප්‍රවෘත්ති කියන්නාක් මෙන් ලිඛිත භාෂාව වගේ ඇසෙන නමුත් ලිඛිත භාෂාව නොවන අප්‍රසන්න බර සාර රටාවට ප්‍රවෘත්ති කීම මම නම් අගය කරන්නේ නැහැ. ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ ශෛලිය අතින් ස්‍වර්ණවාහිනිය ඉන්නේ ඉදිරියෙන්.

    නුත් මෙම ලිපියේ සඳහන් වන අන්‍දමේ අප්‍රියජනක සහ අප්‍රයෝජන අංග ප්‍රවෘත්ති විකාශයට ඇතුලත් කිරීඹ ගැන නම් මම විරුද්ධයි.

    ReplyDelete
  12. ඇත්ත වශයෙන්ම සමීර කියන්නේ ඇත්ත. දැන් අර සිරසේ පෙන්වන මෙලෝ රහක් නැති කවදාවත් ඉවරයක් නැති කෘතීම බහුබූත මෙගා නාට්ය් නිසා මිනිස්සු ගොඩක් දැන් සිරස බලන එකත් නවත්වලා. ඒ කනේ දැන් සිරස ආපහු සිංහල නාට්යා කීපයක් පෙන්නන්න හදන්නේ. දැන් ප්රඑවෘත්ති වලටත් ඒ ටිකම තමයි වෙන්නේ. මිනිස්සු ඕවා නොබලා සැටලයිට් ටීවී මගින් පිටරටවල ප්රනවෘත්ති බලන්න යොමුවෙයි. ඇයි අනේ ජීවිතේ වැඩිහරියක් අඩ අඩ ඉන්න මිනිස්සුන්ට ප්ර්වෘත්ති බලලත් අඩන්න සිදුවෙනවන්ම් මොකද්ද ඒ ප්ර වෘත්තියෙන් තියෙන වැඩේ? හැබැයි ස්වපර්ණවාහිනිය කරන ආකාරයට නිර්මාණාත්මක ලෙසින් ප්රිවෘත්ති ඉදිරිපත් කිරීම නිසා ප්රෙවෘත්තියේ වටිනාකම අඩුවෙනවා යැයි කියා සිතනවානම් මාත් සුපුන්සගේ අදහසට එකග වෙනවා. ප්රිවෘත්ති ඉදිරිපත් කිරීමේ අතින් ස්ව ර්ණවාහිනිය ඉන්නේ ඉදිරියෙන් සුපුන් කියන්නාක් මෙන්.

    ReplyDelete
  13. ඇත්තටම දැන් තියෙන්නේ පිලුණු වෙච්ච ප්‍රවෘත්ති කීමක් ප්‍රවෘත්ති පවා අහන්න එපා කරවන මාධය භාවිතයක් ප්‍රවෘති වටිනාකම හෑල්ලුවෙලා පැයෙන් පැය කියන්න ගිහින් ඒ මදිව ට ප්‍රවෘති වල තියෙන්න ඔනෑ උඩගු ලීලාව දැන් නැති කරලා බලු කරලා විකාර පෙන්වන නිසා පුවෘති කියලා මං හරි නං හරි කියහං වැරදි නං වැරදි කියහං ඕං

    ReplyDelete
  14. ඇත්තටම දැන් තියෙන්නේ පිලුණු වෙච්ච ප්‍රවෘත්ති කීමක් ප්‍රවෘත්ති පවා අහන්න එපා කරවන මාධය භාවිතයක් ප්‍රවෘති වටිනාකම හෑල්ලුවෙලා පැයෙන් පැය කියන්න ගිහින් ඒ මදිව ට ප්‍රවෘති වල තියෙන්න ඔනෑ උඩගු ලීලාව දැන් නැති කරලා බලු කරලා විකාර පෙන්වන නිසා පුවෘති කියලා මං හරි නං හරි කියහං වැරදි නං වැරදි කියහං ඕං

    ReplyDelete

ඇත්තම කියන්න