2010/05/17

කවි සිත් කලබා කවි මඩුව නිමා වෙයි


ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකීය සිතිවිලි මගින් සංවිධානය කෙරුනා වූ ඔන් ලයින් කවි මඩුව පුරා දින 4ක් පුරාවට ඉතාම උණුසුම්ව පැවති අතර කවි මඩුව කවී 3950 ක් අන්තර්ජාල අවකාශයට ඉතිරි කර 16 වෙනි ඉරු මධ්‍යම රාත්‍රී 12 ට ඉතාමත් සාම කාමී අයුරින් විසිර යන ලදි. ඉතාම රසබර හරබර මෙන්ම උද්වේගර අවස්ථා සමගින් පුරා දින 4ක් පුරාවට කවි සමගින් මුසපත්ව සිටි කවීන් 50 කට අධික සංඛ්‍යවක් පෙර දින කවි මඩුවෙන් සමු ගත්තේ ඉතාම දුක්මුසු විලාසයෙනි. ඒ තරමට මෙම මඩුව කවීන්ගේ සිත් උමතු කර තිබූ අතර ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව මිතු දම් ලෙංගතුතම් හා සහෝදර බැදීම් වලින් කවීන්ගේ සිත් ආඪ්‍ය වී තිබින. වචන වලින් ගහ බැන ගත්ත මඩ කුණු තක්කාලි ගොවා හා බිත්තර වැනි ආයුධ වලින් පහරවල් එල්ල කර ගත්ත කවීන් සියළුම සහෝදර බන්ධන වලින් වෙලී තම තමන්ගේ මිත්‍රත්වයේ නාමයන් හස්තයන් හුවමාරු කර ගත් අන්දම ලාංකීය සිතුවිලි කවි මඩුවේ සමාප්තිය තුලින් මනාව විද්‍යාමාන විය. කිසිදාක කවියක් නොකීයා තම හැකියාවන් සගවාගෙන සිටී අය කවි කීමෙන්ද අන්තර්ජාලයේ තැන තැන විසිර හුදකලාව කවි ලීයු අය එක තැනකට ඒකරාශී වීමෙන්ද නව මිත්‍රත්වයන් ලෙංගතුකම් සමගින් කවි මඩුව ඉතාම සාර්ථකව හා සාමකාමී අයුරින් අවසන් වූ බව මේ සමගින් සියළු අන්තර්ජාල වාසී සියළු සහෘදයන් දැනගත්වා.

3 comments:

  1. ඒ වගේම ගීත් සහෝදරයාට ස්තූති කරන්න ඕනෙ මේ අදහස ඉදිරිපත් කලාට.

    ReplyDelete
  2. අනිවාර්යයෙන්ම, ස්තූතියි මිත්‍රයා අදහසට....

    ReplyDelete
  3. නියම අදහසක් සහෝ ගොඩාක් සතූතියි මේ වගේ අදහසක් දුන්නට

    ReplyDelete

ඇත්තම කියන්න