2010/05/05

කවි මඩුවට කැලෑ පත්තරයක්

සකල සිරින් පිරි සිරි ලංකාවේ වෙලා නැති වැඩකුයි සිදු වන්නට යන්නේ
ඒ මුත් නොකියා බැරිය මේ ගැන‍
හොද හොද දේවල් එලිවෙන යාමේ


අන්න බොලේ අර සයිබර් ගොඩැල්ලේ නාඩගමක් පෙන්වන්නට යන්නේ
කවි මඩුවක්ද මොන කෙං ගෙඩියක්ද මන්ද
නරි නාටකයක් පෙන්වන්නේ


කවි කියන්න කවි අහන්න කැමති අයටලු දෙන්නේ
හු කියන්න චියර් කරන්නත්
පුළුවන් බවයි පැවසෙන්නේ


අම්මා මුත්තා කාලේ කොරාපු දේවල් ආයෙම සිදු වෙන්නට යන්නේ
ඇහ කන පියාන ඉන්නට බැරි නම්
හූ කියන්න වත් පලයන්නේ


ලාංකීය සිතිවිලි කොල්ලෝ ලු කරුමේ මේ විගඩම ගෙනියන්නේ
අනේ අම්මපා අතපය හකුලන
ඉන්නට බැරිවද මේවා කොරන්නේ


කවි මඩුවට යන කොලු කෙල්ලන් රෙජිස්ටර් වෙන බවයි හැගවෙන්නේ
ඇ බං රාලේ බලමු මේකලා
මොකාටද එන්ට හදන්නේ

11 comments:

  1. අපරාදේ කියන්න බෑ..කවුදෝ මන්දා මොලේ ඇති එක්කෙනෙක් දුන්න idea එකකටලුනෙ ඕක පටන් අරන් තියෙන්නේ... :P

    එහෙම නේද ?

    පෙන්නනවා කියනා ඔය නාටක
    බලන්න අපි නම් එහෙත් ගියා
    කෙල්ලොයි කොල්ලොයි තරගෙට කවි පද
    කියනවා එක සීරුවට හදා

    ReplyDelete
  2. අපිනම් අඩන බාබාලත් එක්ක නො කතා නො සිනා. අච්චි කොච්චි මිරිස් කොච්චි අපිනම් කතා නැහැ නැහැ නැහැ මයි :D

    (මොලේ කෙසේ වෙතත් ටොකු කන්න ඔලුවක් තියෙන බවනම් ආරංචි. eekatath hih...hih...hih... :D)

    ReplyDelete
  3. පව් අනේ දුකේ බෑ. කාගෙද ඔය ටොකු කතාව ?

    ReplyDelete
  4. අබිලින් ගොයියා කිවුවේ. අපි ඉතින් ඕව හොයන්න බලන්න ගියේ නැහැ එන්සිනෝ. ඕන දෙයක් කෝමිටල් විදිහට බාරගන්න අපිට ඕවටත් හිහ්....හිහ්....හිහ්....හිහ්....හිහ්.... :D

    ReplyDelete
  5. අපෝ මේ ගිත් ගොයියා වලියටමයි එන්නේ නෙද දිල්?

    ReplyDelete
  6. අපෝ නැහැ සමනලයෙක් වගේ අහිංසකයි. එත් හිපෝ දම්මි සුගත් විවාදයේදී විරුද්ද පාර්ශවයෙන් එල්ල උන ප්‍රති ප්‍රහාර වලට සමනලයට දුක හිතුනා. තවමත් ඒ දුකින් හිත පිරිලා..මේ මේ බලන්න බොරුනම්..... :O

    ReplyDelete
  7. කවි මඩුවක්
    නොව නඩුවක්
    මඩ වගුරක්
    නොවන තැනක්

    ReplyDelete
  8. එන්න ඇවිත් බලන්න මේ නාටකේ
    එන අය පිලිගන්නෙ දාලා සාටකේ
    හැම තැනකම කවි කියවෙයි මේ ටිකේ
    කවි මඩුවට ගොස් හොලවමු නේද ටකේ

    ReplyDelete
  9. හෝව්....හෝව්....කවුරුවත් අවරදවා තේරුම් ගන්නවා නෙවෙයි ඕන්. මේක කැලේ පත්තරයක් උනාට මේකත් අපේ කවි මඩු ප්‍රචාරණ කටයුත්තේ කොටසක්. :D . ඉස්සරනම් කැලේ පත්තර ගෙහුවේ කාට හරි රිදවන්නන නේ. එත් අපි ඒ ක්‍රමය වෙනස් කළා. මේක සහයෝගිතා කැලේ පත්තරයක්. කවුරුත් සන්ඩු සරුවල් නැතෝ...හැමෝම ඇවිත් අපේ කවි මඩුවට ගොඩවෙලා කවියක් දෙකක් කියල යන්න අමතක කරන්න එපා . :D තව පොඩ්ඩෙන් සැරද මහරජ කිවුවලු

    ReplyDelete
  10. අනේ බොල සමනළයො
    ප්‍රිතියෙන් අපි ඉමුකො
    ප්‍රහාර ඉවසමුකො
    සාමයෙන් විඳගමුකො...

    ReplyDelete
  11. හයියෝ හයියෝ අපි පොඩ්ඩක් බිසී උනාම අපිටත් මග ඇරෙන ඒවා. මොකද වලිය? ආරම්භය තියන link එක කාට හරි එවන්න පුලුවන්ද? :$ අනේ ඉතින් ඕප දුප කියල සවුත්තු කරන්න එපා :(

    ReplyDelete

ඇත්තම කියන්න