2010/05/20

මා වෙනුවෙන් තැනී බඹුට හී නැතී

මිලින තරු පවා
නිවි නිවී දැල් වුනා
සදුනි කිම පමා
බෝම රෑ වුනා

මා වෙනුවෙන් තැනී
බඹුට හී නැතී
හිතට හිතක් ඇතී
එකදු හිතක් නැතී

මගේ හදේ තනී
දරනු තව බැරී
හදේ ඇතී ගතී
නෙතින් ගිලී හුනී

15 comments:

  1. හැබැයි ගීත් දැන් ඉන්න කස්ටියගෙ හැටිත් එක්ක බලද්දි ඔහොම තනිවම ඉන්න එක ගොඩාක් යහපත් දෙයක් කියලා හිතෙනවා.. එක නෙමෙයි කවි පෙලිය ලස්සනයි වෙනදා වගෙම

    ReplyDelete
  2. මා වෙනුවෙන් තැනී
    බඹුට හී නැතී
    සිතුවිල්ලම ඇතී
    තව අයත් සිටී

    හිතට හිතක් ඇතී
    හිත එනතුරු දැනී
    තනිකමින් වෙලී
    බලා ඉමු සකී

    ReplyDelete
  3. වෙලාව හොඳයි කොල්ලො උඹේ ඒකයි හී නැති වුණේ.

    හොඳයි අදහස.

    ReplyDelete
  4. හපොයි, මෙහෙම පසුගාමී, අසුභවාදී යාලුවො ටිකක්
    සැලෙන්න එපා ගීත්

    ReplyDelete
  5. ස්වප්නා හරි කැමති නෙද ගිත් අමාරුවෙ වැටෙනවට. අපි අසුබවාදී කියලා කියන්නෙ ස්වප්නාත් බදීනකම් විතරයි. ලව් කරන කාලෙ හිටපු එකා නෙමෙයි කාමරෙ අස්සෙ රිංගන් ඉන්නෙ කියලා.ඔක දැනෙන කම් විතරයි අපි අසුබවාදි කියලා ස්වප්නා කියන්නෙ, නමෙ තෙරුම සිහිනය කියන දෙ නෙද..?

    ReplyDelete
  6. නියමයි කොල්ලා ලස්සනට පද පේලි ටික ලියල තියනව

    ReplyDelete
  7. @ රවා: පිස්සු. හරි කෙනා ආ දාට එහෙම වෙන්නෙ නෑ. Its my belief.

    ReplyDelete
  8. මම ත් මුලින්ම පිට රට ගියේ ලඟ හිටපු අයගේ කෙනෙහිලි කම් දරා ගන්න බැරුව.

    ඒත් එහෙම ගිහින් ඇවිත් මාස තුනක් වත් යනකම් එකෙක්කෙන්ක් වත් (අම්ම වත්) ලියුමක් කෝල් එකක් වත් නොදුන්නාම අඬලා අඬලා හිත හදා ගත්තා කමක් නෑ ඒ වගේ අයව දාලා ආපු එකම තමයි හොඳ කියලා . ..

    උඹත් ඒ වගේ හිත හදා ගනින් කොල්ලෝ

    ReplyDelete
  9. රවා
    ස්වප්නා
    පසන්
    දුකා
    Outsider

    හැමෝටම ස්තුති.

    ReplyDelete
  10. හා... හා... මම උඹව අල්ල ගන්න තමයි හිටියේ...

    නියම කොල්ලෙක්නේ... අදහස් පට්ට....

    ඔන්න මමත් එකතු උනා පිරිවරට....

    ReplyDelete
  11. මගේ හදේ තනී
    දරනු තව බැරී
    හදේ ඇතී ගතී
    නෙතින් ගිලී හුනී/

    මචන් මේ ටික මට පැහැදිලි නෑ ‍හදේ ඇති ගති නෙතින් ගිලි හුණි කියන්නෙ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. හදේ ඇතී ගතී කියන්ෙන් දුක කදුළු ෙවලා ෙනතින් ගිලිහුනා කියන එක.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  12. හරිම ලස්සනයි ..

    ReplyDelete
  13. සරලයි ලස්සනයි..
    තව තවත් ලියන්න ගීත් :)

    ReplyDelete

ඇත්තම කියන්න