2010/06/15

විරහ වේදනාවට එරෙහි මාගේ ප්‍රථිපත්ති ප්‍රකාශය

හැමදාම විරහ ගීතම ලියලා දැන් මටම මගේ ගීත රචනය එපා වෙලා. වැඩේ කියන්නේ ලියවෙන්නෙත් විරහ ගී විතරමනේ. මොන විදිහක ගීතයක් ලියන්න පටන් ගත්තත් අන්තිමට ලියලා ඉවරවෙනකොට ඒක විරහා ගී යක් වෙලා. බැති ගීයක් ලියන්න පටන් ගත්තත් අවසන් වෙන්නේ මිය ගිය සෙනෙහසින්. ඇයි දෙයියනේ මාර කරුමයක් නේ මේක. බ්ලොග් එකකට ඔළුව දාන්න බැහැ විරහව දෝරගලනවා. පත්තරයක කවි පිටුව තනිකර විරහ කදුළු කැට. කම්මැලිවට සිංදුවක් අහන්න බැහැ බීට් එකට අඩනවා. විරහ වේදනාවෙන් දුක් වින්ද හොදොටෝම ඇති. අපි විරහවට එරෙහිව නැගී සිටි යුතුය. විරහවට එරෙහි මහා ජන මතයක් ඇති කළ යතුය. කොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා විරහවට එරෙහිව දැවැන්ත උද්ගෝෂන ව්‍යාපාරයක් සංවිධානය කල යතුය. බූට් තියන කොල්ලන්ට හා විශේෂයෙන් කෙල්ලන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වන සාධාරන විරහා නීති රෙගුලාසී පද්ධතියක් ඇති කල යුතුය. විරහව කියන්නේ අධිරජ්‍යවාධී කුමන්ත්‍රනයක අදෘශ්‍යමාන හස්තයක් වෙන්නත් බැරි නැති නිසා මෙම විරහ චන්ඩ රළ පහරට එහිව රාජ්‍ය මට්ටමේ මැදිහත් වීමක් ලබා ගත යුතුය. වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු අනපතක් මගින් විරහ ගිණි නිවීමේ හමුදා ඒකකයක් ඇති කල යුතුය. විරහව ඇති වීම අවම කිරීම හා පාලනය කිරීම වස් විරහා වේදනා අතුරුපාලක කමිටුවක් පත් කල යුතුය. එම අතුරු පාලක කමිටුවේ උසස් තනතුරු සදහා විරහව ගැන මනා පරිපූර්ණ දැනුමක් ඇති මුතුකුමාරන හා කිංස්ලි වැනි ගායකයන් නිතරගයෙන් තෝරා පත් කල යුතුය. තවද අවසන් වශයෙන් විරහ වේදනාවෙන් දුක් විදින තරුණ තරුණියන් පුනරුත්තාපය කිරීම සදහා පුනරුත්තාපන කදවුරු ඇති කල යුතුය. එමගින් විරහවෙන් නොහඩන ෙප්‍රමනීය තාරුන්‍යයක් හෙට අපට උදා වනු ඇත.

14 comments:

  1. සහතික ඇත්ත මචෝ මාත් එනව උඹේ සහයට අනිවා බය නැතිව අතගහපන් වැඩේට.... හික්ස්.....

    ReplyDelete
  2. අපි ඉන්නවා උබත් එක්ක ඔනම වෙලාවක කො‍ටුවට බැරිනම් ඊට එහා හරි යමන්......

    ReplyDelete
  3. බුට් කාපු එකෙක් ගෙ කවියක්

    මට බුට් එක තිබ්බ තීට

    තොගෙ කකුලක් කැඩෙන්න ඔනා.

    තොට කැතම කැත කොල්ලෙක් හම්බ වෙන්න ඔනා

    තො යන බස් එකෙ හුලන් යන්න ඔනා..

    තො පාරෙ ඇවිදන් යද්දි කාර් එකක් ඇවිල්ලා මඩ වලකින් දාලා තොව මඩ වලින් නැහැ වෙන්න ඔනා.

    තොගෙ සෙරප්පුවක් M.C එක ඇතුලෙදි කැඩෙන්න ඔනා.

    තොගෙ ටෙඩීව බල්ලා අල්ලන් කීතු කීතු කරන්න ඔනා

    තොගෙ ඇඳෙ බල්ලා චු කරන්න ඔනා.

    තොගෙ ඇඟට හූනෙක් වැටෙවා

    තොට හිනෙනෙ යකෙක්ව පෙනෙවා

    තො නිදාගන්නා ඇදෙ කැරපොත්තෙක් ඉදීවා
    ......
    තොගෙ කාමරයට ගෙ ගෙම්බෙක් පනීවා

    තොගෙ සැන් කුප්පිය වැටි බිඳෙවා

    හතරවෙනි ප්‍රේමයෙ විරහාව , වෙදනාව දරා ගන්න බැරුව, මෙ අහිංසක පැතුම පැතුවා.. mama facebook ekata post karapu kawiyak.. කැතෙ.... බැහැ නෙද... හික්ස්...

    ඔව්වා කරලා වැඩක් නැහැ.. මම නං කියන්නෙ ගැමැක් සොන්, හාක්‍රොස් පටාස් වගෙ දෙවල්.. නොමිලෙ බෙදලා දෙන්න ඔනා. ඔය කොල්ලො හැදෙන්නෙත් නැහැ, කෙල්ලො හැදෙන්නෙත් නැහැ..හැමදාම දුක් විද විද ඉන්නවා මිසක්.. ඔකුන්ව කට්ටියම එකට සෙට් කරලා බොම්බයක් පත්තු කරන්න ඔනා.( ඔය විරහාවෙන් දුක් විදින් උන් ටික)... හික්ස්..

    තරහද මාත් එක්ක ගීතො....

    ReplyDelete
  4. පසන් ඉලංදාරියා එලම තමයි අපි නැගී සිටිමු විරහා වේදනාවට එරෙහිව...අපි සමස්ත ලංකා විරහා වේදනා විදින්නනගේ එකමුතුවක් හදමු. පස්සේ අන්තර්ජාතික මට්ටමට ගෙන යමු. පස්සේ අන්තර්ජාතික මානව හිමි කම් කවුන්සිලයත් එක්ක කථා කරලා ජගත් විරහ වේදනා දිනය කියලා දිනයකුත් හදා ගමු. මොකද කියන්නේ? :D

    ReplyDelete
  5. ගිත් ෆෙස් බුක් එකෙ තියනවා දුක් විඳින පෙම්වතුන්ගෙ සංගමයක් .. දැක්කෙ නැද්ද..

    ReplyDelete
  6. අම්මට සිරි රවා....උබත් හොයා ගන්න දේවල් මේක උබ ලියපු එකක් ද? මේක මගේ පෝසට් එකට දාලා මගේ පොස්ට් එකේ අගය නැති කලා....:D මරු මචන් මේත මගේ පෝස්ට් එකට ඩවා මාර ෆන් මේක...අර කකුල කැඩෙන කොටස අයින් කලා නම් වැඩක් නැහැ කියලා....මල් 7 යි තව 1 එකයි.

    ReplyDelete
  7. මොනා කරන්නද...දුක තමා රංජනී කියලා ඉතින් ඔය කරන්න යන දෙයක් පටන් ගත්තනම්.මපිටත් බැරියෑ පැත්තක ඉදන් කට්ටිය දිහා බලාගෙන ඉන්නවත්

    ReplyDelete
  8. machan gith sorry machan mama ehema kale hithalamayi.. facebook eken set weyan.. chat karamu me gaena...

    ReplyDelete
  9. ආහ් දිල් බලා ඉදලා හරියන්නේ නැහැ. උද්ගෝශන පෙලපාලී පිකටින් හොදට හුරු ඔයාලටනේ. ඉතින් ඔයාල තමා පෙරමුනට එන්න ඕන. ;D

    යකඩෝ මෙන්න මේකා අප්සෙට් වෙලා.....රවා...කොමි නේ බන්....හරි බලමු බලමු එහෙනම් ඒ සංවිධානයටත් එකතු වෙන්න....හැබැයි ඊළග සභාවාරෙදි න්‍යය ප්‍රතානුකූලව යෙදෙන කවි කථා හා විනෝදාංග යේදි සභාව ඉස්සරහා අඩන්න අවස්ථාවක් අරන් දෙන්න ඕන හරිද? හරි දෙන්න මට ඔය එකමුතුවේ facebook link එක

    ReplyDelete
  10. නැහැ නැහැ අපි අපෙම එක්ක පටන් ගමු.. අපි අපෙ ආතල් එක වෙනම ගමු. මචන් ගිත් අයියා මමත් බුට් එකක් කාපු එකෙක් තමයි.ඇහෙන් එක කදුළු බින්දුව එලියට ආවෙ නැහැ. එත් තාමත් හිතෙ කොනක තියනවා ගිණි පුපුරක් එකි ආපහු කතා කරයි කියලා. ඉතින් මම හිතනවා උඹෙ කතාවත් ඔය වගෙ කියලා. මම නම් කියන්නෙ දුක් වින්දා ඇති කියලා බං. මෙ මල ඉලව්ව කරෙ තියන් ජිවිත කාලෙම දුක් විදින්න බැහැනෙ.. අදරෙයි කියලා පපුව ගලවලා පෙන්නන්ද කියන්නෙ.. මම නම් කියන්නෙ මිල්ටන් ගෙ සින්දු දාන් නටමු කියලා. එ විරහව වෙදනාව එහෙම්මම හදවතෙ තිබිච්චදෙන්.. අපි සතුටුත් වෙමු.. නැත්තම් දවසක අපිට කරුනු දෙකකට දුක් වෙන්නෙ වෙයි.. එකක් විරහාව, අනික සතුටු වෙන්න තිබුනු කාලෙ සතුටු වුනෙ නැහැනෙ.. කියලා

    ෆෙස් බුක් එකෙ " දුක් විඳින පෙම්වතුන්ගෙ සංගමය " කියලා හෙව්වහාම හම්බෙයි.

    ReplyDelete
  11. machn umbath ekka apith innwa,eth machn unta apiwa epa nm anda anda inna epa,apiwa wadak nathi kenek gana ai apima hithala jiwithe winasa kara ganne,eyata sathutin inna puluwannm apiwa dala gihin ai api hamadama duken inna one?anna ekai mage thrake,boot kawa welawata oka hithpn bn,sirawatama aththane

    ReplyDelete
  12. "මචන් ගිත් අයියා" ඒකත් නරකම නැහැ. :D ෆන් තමා. අම්මපා රවාටත් එන අදහස් ආහ්....උබත් මා......ර පොරක් නේ බං බලාගෙන ගියහම....නටන්න තියෙනවනම් අමරදේව මහත්තයගේ ඒන උවත් අවුලක් නැ නටමු...මචන් අපි මේ වැඩ වලට අමතරව තව දේශපාලන පක්ෂයකුත් ලියාපදිංචි කරමුද? "ජාතික විරහා වේදනා පක්ෂය" කියලා.. ඒකෙන් අපිට පුළුවන් අපේ එකෙක් දෙන්නෙක් පාර්ලිමේන්තුවට යවලා විරහ වේදනාවේන් දුක් විදින අපි වගේ දුක් ප්රේුමවන්තයන් වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේ හඩක් නගන්න......ෆන් තමා...මොකද කියන්නේ?

    ReplyDelete
  13. ''බූට් තියන කොල්ලන්ට හා විශේෂයෙන් කෙල්ලන්ට එරෙහිව'' මෙන්න මෙතන පොඩි අවුලක් තියනවා.පොඩි නෙවෙයි ලොකු අවුලක්.ඕක මෙහෙමයි වෙන්නේ කොල්ලෝ හිතනව කෙල්ලො තමයි වැඩියෙන් බූට් දෙන්නේ කියලා.කෙල්ලෝ හිතනවා කොල්ලෝ තමඉ වැඩියෙන් බූට් දෙන්නේ කියලා.හරියට බලාගෙන ගියාම දෙගොල්ලොම අඩු වැඩි වශයෙන් බූට් දෙනවා.ඒ වගෙම කනවා.

    විශේසයෙන්ම කියන්න ඕන රවාගේ විරහවට ලියපු වචන ටික.මම හිනාවෙලා ආයේ හිනාවුනා.හි හී.

    ඔන්නේ ගීත් මමත් ඉදිරි පෙලට එනවා විරහා වේදනාවෙන් දුක් විදින තරුණ තරුණියන් පුනරුත්තාපය කරන්න සහය වෙන්න.

    ReplyDelete
  14. හලෝ මල්ලියා ඔයා හැමදාම කෙල්ලන්ගෙන් බූට් කාල විරහ ගීත ලිය ලිය ඉන්නද කල්පනාව...?
    අර හොටු පෙරාගන ඉන්න බාතිය සන්තූස්ල වගේ එක තැන නාකිවෙයි.

    ReplyDelete

ඇත්තම කියන්න