2010/06/28

ත්‍රාසජනක අවස්ථාවක්

පිටරටකට ආවට පස්සෙ මුහුණ දුන්නු ත්‍රාසජනකම අවස්ථාවට ගිය සතියේ මුහුණ දිලා මුහුණේ කෑල්ලකුත් හලා ගන්න වුනා. මේකයි සීන් එක. එදා අපි ඔෆීස් එකෙන් යන කොට රෑ 9.30 යි. අපි ගියේ කැබ් එකක. කැබ් එක ඩ්‍රයිව් කලේ සිරියානු ජාතිකයෙක්. ඔහු අපේ කම්පැනියේ ෆෝමන් කෙනෙක්. තවත් සිරියානු ජාතික ෆෝමන් කෙනෙක් ඉදිරි අසුනේ. පිටුපස අසුනේ මමත් මගේ ඉන්දියානු මිතුරාත් ඊජිප්තු ජාතික මිතුරාත් ගමන් කලා. අප 5 දෙනා රටවල් 4ක සම වයස් කාරයන් ය. හැමදාම වාගේ වාහනේ කැසට් එකේ ශබ්ධය උපරිම දාගෙන කෑකෝගහගෙන ෆන් එකේ යන ගමන් අතර මගදී කාර් එකක් රේස් එකට වගේ ආවා. මෙහෙ පාරවල් එල කිරි හින්දා රේස් යනවා කියන්නේ ෆුල් ෆන්. අපේ එකත් නාහයට අහන්නැති එකෙක් මුත් පෑගුවා ලෑල්ලට. අපිත් කමෝන් කමෝන් කිය කිය සප් එක. එතකොටම අර කාර් එක අපේ කැබ් එකට ඉස්සරහින් දාලා ලාවට බ්රේක් පාරක් ගැහුවා. එතකොට තමයි ෆන් එක දෙල් උනේ. රේස් එක කෙසේ වෙතත් ඉස්සරහ හිටිය සිරියානු ජාතිකයන් දෙන්නට නහුතෙට මල පැන්නා ඒ වැඩේට. සිරියානු ජාතිකයන් වහා කිපෙන සුළු පිරිසකි. ඉන්පසු ෆන් එක පැත්තක තියලා අර කාර් එක ෆලෝ කලා. අපි කට කැඩෙන කම් කීවත් වැඩේ අත් හැරලා දාමු කියලා සිරියානුවන් වැඩේ අත් හැරියේ නැහැ. කෝම හරි ෆලො කරලා දැන් වාහන දෙක කරට කර යනවා. වේගය පැයට 120ටත් වැඩී. අනිත් පැත්තේ හිටිය සිරියානුවා ඔහුගේ අතේ තිබුන පෙප්සී කෑන් එකෙන් අර කාර් එකට දමලා ගැහුවා. ඒ කාර් එකේ හිටියේ බංග්ලාදේශ් ජාතිකයන් දෙන්නේක්. ඉන්පසු ඔවුන් දෙදෙනා වැඩේ වල් වුන බව දැන ගැනීමෙන් රේස් එකෙන් ඉවත්ව කාරයේ වේගය අඩාල කරා. ඉන් පසු අප වාහනය ටික දුරක් ගොස් පාර මැද නතර කර සිරියානු ජාතිකයන් දෙන්නා පාරට පැන අර කාරය නවත්ව ගන්න උත්සහ කලා. පිටුපස හිටපු අපි 3දෙනාට හිතා ගන්නවත් වෙලාවක් නැහැ. අනික පිටුපස දොරවල් වල දෝශයක් හේතුවෙන් දොරවල් ඇරගැනීමට ටිකක් වෙහෙසෙන්න ඕන. ඒ ක්ෂනයකින් අර කාරය මොවුන් දෙදෙනාගේ ඇගේ වැදී නොවදින ගානට වෙට්ටුවක් දාලා හුම් ගාලා කන ගාවින් ගියා. ඉන් පසු මලේ උපරිමයට ආව සිරියානුවන් දෙන්නා නැවතත් කැබ් එකට නැග උපරිමයට පාගලා අර කාර එක ෆලෝ කලා. මට දැන් හිතා ගන්න බැහැ ඊළග මොහොතේ කුමක් සිදු වෙයිද කියා. කිසිවෙක් කථා නැහැ. මම හිතා ගත්තා අදනම් පොලීසියෙන් හෝ රෝහලින් මෙහා මේ වැඩේ නවතින එකක් නැහැ කියලා. ඕන දේකට රෙඩි කියලා මගේ අරවා මේවා සේරම ගැජට් බැජට් ටික හකුලලා බෑග් එකට දාලා ගේමට එන්ටර් උනා. ඉන්පසු ප්‍රධාන පාරින් අතුරැ පාරකට බංගලියන්ගේ කාරය දැම්මා. ඉන්පසු අපිත් අපේ වාහනය එය පස්සෙන් ගොස් ඉස්සර කරලා නවත්වපු ක්ෂනයකින් සිරියානුවන් දෙන්නා පැන අර කාරයේ හිටිය බංගලි ජාතිකයන් දෙන්නව ඇදලා ඇරගෙන නෙලන්න ගත්තා. අපේ වාහනයේ පිටුපස දොරවල් දෝෂ සහිත නිසා මමත් ඊජිප්තු ජාතිකයත් ජනෙල වලින් එලියට පැන්න අතර ඉන්දියානු ජාතිකයා ඉදිරිපස දොරෙන් එලියට ආවා. මටත් දෙක තුනක් අනින්න හිතක් ආවත් අරුන් දෙදෙනෙක් අපි 5 දෙනෙක් නිසාත් එක්කෙනෙක්ගේ මුහුනෙන් ලේ ගලනවා දුටු නිසාවෙන් ගහන්න ආව හිත අහක් කර ගනිමින් සිරියානු ජාතිකයව මම පැත්තකට අදින්න උත්සහ ගනිද්දී මගේ අතේ තිබුන බීම කෑන් එක මගේ තොලේ වැදීමෙන් උඩු තොල පුපුරා ගියේය. අපි 3න් දෙනා කොච්චර උත්සහ ගත්තත් විනාඩි 5ක් හෝ ඊට වැඩි වන පමන වන තුරුත් ධ්වන්ද සටන නවතා ගැනීමට නොහැකි විය. සමහරෙක්ගේ ඇදුමවල කෑලී නැත. ඇදුම් ලේ වලින් හා දාදියෙන් තෙත් වෙලාය. මගේ ෂර්ට් එකේ බොත්තම් දෙකක් නැති බවද ලේ පැල්ලම්ද දුටුවේ කාමරයටත් ආ පසුවය. ඉන්පසු මගී ප්‍රවාහන බස් රථයක් පැමින නතර කර එහි සිටි සෙනග සටන සමතයකට පත් කල අතර ගුටි කෑ බංග්ලාදේශ් ජාතිකයන් දෙන්නා ගෙන් කෙනෙක් පොලීසියට කෝල් කල නිසාවෙන් වැඩේ තවත් දුර ගියේය. ඉන් පසු පැය බාගයකට පමන පසු මියෑව් මියෑව් ගා පැමිණි පොලිස් කාරයෙන් හුරුබුහුටි පොලිස් තරුනයන් දෙදෙනෙක් පැමින සියල්ලමට අතට අතදී ඉතා සංයමයෙන් නඩුව විභාග කලේය. ලංකාවේ නම් වටේ සිටින වුන්ටත් කනේ පාර බැගින් දීලා ඇදලා ජීප් එකට දාගන්න එකනේ කරන්නේ. සියළු කරුණු කාරනා විභාග වුනේ අරාබී භාෂාවෙනි. බංග්ලාදේශ් ජාතිකයන්ද ඉතා චතුරව අරාබි භාශාව හැසිරුව අතර සිරියානු ජාතිකයන්ගේ මවු භාෂාවද අරාබි නිසාවෙන් මට නම් මෙලෝ දෙයක් තේරුනේ නැත. ඉන් පසු පතාකා (හැදුනුම්පත්) චෙක් කල පොලීසිය මටත් ඉන්දියානු ජාතිකයත් ඊජිප්තු ජාතිකයත් නිදහස් කල අතර අනිත් 4 දෙනාට පොලිස් කැබ් එකට නගින ලෙස අන කලේය. අපිව නිදහස් කලේ බංග්ලාදේශ් ජාතිකයන්ගේ කට උත්තරෙන් අපිට චෝදනා එල්ල නොකල නිසාවෙනි. ඉන්පසු සිරියානු ජාතිකයා අපි 3 දෙනා අපාර්ට්මන්ට් එකට ඇරලලා එන්නට පොලීසියෙන් අවසර ගත් හෙයින් ඔහුගේ හුදුණුම්පත පොලිසියේ භාරයේ තබා අපි එතනින් පිටත් විමු. ඉන්පසු මමත් ඉන්දියානු ජාතිකයත් වාසස්ථානයට ආව අතර සිරියානු ජාතිකයන් දෙදෙනාත් ඊජිප්තු ජාතිකයත් නැවත පොලීයට ගියේය. ඊජිප්තුජාතිකයා එහි ගියේ ඔහු අප ආයතනයේ මානව සම්පත් කලමනාකරු නිසාවෙන් අවැසි දේවල් කලමනාකරනය කිරීමටය. ඉන්පසු සිරියානුවන් දෙදෙනාත් බංගාලීයන් දෙදෙනාත් පැය 20ක් හිර භාරයේ සිටීමට සිදුවී ඇති අතර දඩ මුදල්ද ගෙවා එලියට ඒමට සිදුවී තිබේ.

12 comments:

  1. හපොයි...ඔයින් ගියා මදැයි....

    ReplyDelete
  2. මාර සීන් එකක්නේ මචං. පරිස්සමින් හිටපල්ලා..

    ReplyDelete
  3. අනේ අපොයි , මදැයි ඔයින් ගියා !!!

    ReplyDelete
  4. hapoi husma gannath amaru una,kohoma unath ohoma beruna eka welawa.. parissamin sahodaraya

    Nasha

    ReplyDelete
  5. නොදන්න පිට දේශවල ගිහින් ඉද්දී පරිස්සමෙන් ඉන්න ලොක්කා....

    ඡේද වෙන් කළා නම් පංකාදුයි. කියවන්නත් ලේසියි :)

    ReplyDelete
  6. පරිස්සමෙන් සහෝ....

    ReplyDelete
  7. "ඊජිප්තුජාතිකයා එහි ගියේ ඔහු අප ආයතනයේ මානව සම්පත් කලමනාකරු නිසාවෙන් අවැසි දේවල් කලමනාකරනය කිරීමටය"

    මරු ජොබ් එක නේ..

    ReplyDelete
  8. හ්ම්... මරු සීන් එක... හැබැයි ඒකේ හොඳම කෑල්ල මේක
    "ඉන් පසු පැය බාගයකට පමන පසු මියෑව් මියෑව් ගා පැමිණි පොලිස් කාරයෙන් හුරුබුහුටි පොලිස් තරුනයන් දෙදෙනෙක් පැමින සියල්ලමට අතට අතදී ඉතා සංයමයෙන් නඩුව විභාග කලේය."

    හසිත-- ඔබ හරි... ඡේද වෙන් කලානම් වඩා අගනේය.

    ReplyDelete
  9. අප්පා දතක් බඩට යවා ගන්නැතුව ඔයින් ගියා මදැයි.. හික්ස්...

    ReplyDelete
  10. ලංකාවෙ වගේ පොර වෙන්න යන්න එපා.... පිටරටක් නිසා ශේප් එකේ ඉන්න

    ReplyDelete

ඇත්තම කියන්න