2010/06/21

සගවනු බෑ සිතිවිලි ගග පියාන දෙනෙත
















සරතැස නිවා සදරැස පැමිණෙන රෑට
සතැපුමකට වඩා දුර සිටියත් සොදුර
හිස පිරිමැද සිප නලලත නිබද
සතැපෙමි සයනයෙහි නුඹ තුරුලේහි සිතා මම


සන්සුන් ස්වරයෙන් මා සනසන අයුර
සාධු නාද සේ සවනේ සරන කොට
සත් සමුදුරු සත් ගගුලෙන් එතෙර
සිටියත් සොයමි සිසිලස නුඹ තුරුලේ මම


සමන් පිච්ච සුගන්ධියේ නුඹෙ සුවද
සියුම්ව විත් කිති කවනවා සියොලගම
සගවනු බෑ සිතිවිලි ගග පියාන දෙනෙත
සායම් නැති සල රූ වේ දෙනෙතට එවිට

13 comments:

  1. ආදරය සුන්දරයි !!!

    ReplyDelete
  2. ගීත් අයියා මොකද නිකන් හදිස්සියෙම මතක් වෙද්දි ඉන්න බැහැ නෙද... කවිය තමයි එකම පිහිට... ඉතින් මිල්ටන් ගෙ සින්දුවලට නටමු කිව්වට මටත් බැහැ සිහියෙන් ඉද්දි... කවි පද ටික ලස්සනයි, මෙවා ගීත වෙවා කියා පතනවා,

    ReplyDelete
  3. ලස්සන පද පෙලක්..සිතින්ම වින්දා.....

    ReplyDelete
  4. කො උඹෙ විරෝධී සටන් පාඨ අනේ මන්ද නෙ... විරහවක් නොවුනොත් කවියක් නෙමේ කවියක් නන් විරහවක් උඹ තමා මිනිහ.... පද පෙල සහ නිර්මාණය නන් අපූරුයි මචෝ

    ....ජය...

    ReplyDelete
  5. ලස්සනයි මචෝ....

    ReplyDelete
  6. මේ පැත්තේ කවුදෝ විරහ ගීත ලියන්නේ නෑ කිව්ව නේද ? එතකොට තව අර බෝඩ් ලෑලි උස්සන් කෑ ගහන එක...

    ReplyDelete
  7. සියළුම දුෂ්ඨයන්ට :D

    මේක විරහ ගීතයක් නෙවෙයි යකුනේ....මම තාවකාලිකව අත් හිටවනවා කිවුවේ විරහා ගීත ලිවීමනේ...අනිත් ඒවා නෙවෙයි නේ. මේක මේ පිට රටක ඉන්න සැමියෙක් (දුකා අයියලා වගේ)තම මවු රටේ සිටින තම බිරිදව මතක් කරලා ගායනා කරන ගීතයක් . මේ ගීතය ගායනා කරන්නේ රෑ 9ට 10 ට විතර ඇදට වෙලා නින්දට පෙර කල්පනා කර කර ඉන්නකොට

    හයියෝ........................

    ReplyDelete
  8. කලින් කියන්න තිබ්බනෙ කවුද දන්නෙ.......:P

    ReplyDelete
  9. හරිම ලස්සනයි ගීත්..
    මම වින්දේ මගේ හිත බැන්දේ ඔයාගේ වචන වලට.... :D

    පායන විට සද සිසිලයි හැම රැම
    ඉන්නා විට නුබ එලියයි සිත ගාව
    හමනා විට මල් සුවදක් නොකියාම
    නුබට හොරෙන් මම ඉන්නෙ නුබ ගාව...

    ReplyDelete
  10. ලස්ස්නම් ලස්නයි..පද ටික ගැලපුම..අනේ ඉක්මනටම මෙක ගියයක් කරන්න ශක්තිය ලැබේවා....

    ReplyDelete
  11. අම්මෝ කට්ටියටම ප්‍රේමය නැගල යනව වගේ හී හී හොදයි හොදයි සන්තෝසයි :D

    ReplyDelete
  12. යකො ගිතො ඔතනත් විරහව තියන්නෙ, තමුන් ගෙ ආදරනිය ස්පර්ශයෙන් ඈත් විම තමයි විරහාව.... උබ හිතන්නෙ බුට් එක විතරක්ද විරහව කියන්නෙ... අයියෙ උඹ අපිව දුෂ්ඨයො කරා එහෙනම්... අද ඉදන් අපි උඹෙ දුස්ටයො.. හරි.. විරහවත් එක්ක අපි ගණුදෙනු නැහැ, හැබැයි ඌ ව අතහරින්නෙත් නැහැ..

    ReplyDelete
  13. මම වින්දේ මගේ හිත බැන්දේ ඔයාගේ වචන වලට.... :D

    පබළු ෆන් තමයි.

    ඉලංදාරියා ස්වප්නා හිහ්......හිහ්.....

    ඒත් මතං මේක කෙල්ල නෑ කියලා අඩන සීන් එකක් නෙවෙයිනේ. තම සොදුරු බිරිදව ආදරයෙන් මතක් කරන සීන් එකක් නේ.

    ReplyDelete

ඇත්තම කියන්න