2010/06/16

ශිතකරනයක් තුල ජීවිතය

විරහා වට එරෙහිව නැගී සිටීමේ ප්‍රථම පියවර වශයෙන් විරහා ගීත ලියන එක තාවකාලිකව අත්හිටු වා මිල්ටන් මල්වආරච්චි මහත්මයාගේ ගිත වලට ඩාන්ස් කිරීමට රවා හා මා පෙර පෝස්ට් එකෙන් කතිකා කර ගත් හෙයින් ඩාන්ස් කිරීමට අමතරව ඔන්න අද ඉදන් ගීත් ගේ පිටරට කථා. ටන්ටර..ටං...ටං...ටන්ටර...ටං...ටං...ටා........

අද මෙහේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 යි. මේ උෂ්ණ ඝෘතුව ගමන් කරමින් තිබෙන්නේ. අවු කන්නාඩි යුගලක් නැතිව එලි පහලියකට යනවා කියන්නේ වැඩක් නැහැ ඒ ගැන කථා කරලා. ඇස් පිච්චෙන ගානයි. මෙහේ ජීවිත් වෙන මිනිස්සු කම් කරුවන් හා ගොඩනැගලි වලින් පිට වැඩ කරන මිනිස්සු හැර අන් හැමෝම ජීවත් වනුයේ පැය 24 ම වාෙග් වායූ සමීකරණය කල කාමර තුලය. වාහනයයෙන් ගොඩනැගිල්ලටත් ගොඩනැගිල්ලේන් වාහනයටත් ඇරුනහම දවසේ පැය 24 න් පැය 23 හමාරක් විතරම AC තුළය. ඒ නිස යි ශිතරකරණයක් තුල ජීවිතය කියා මාතෘකා කලේ. සාමාන්‍යෙයන් මෙහේ ඇති සෑම බිත්ති හතරකටම එක් AC යන්ත්‍රයක් බැගින් තියෙනවා කීවොත් ඒකේ ඇති වැරැද්දක් නැත‍. ඒ තරමටම මේ රටට හා මේ රටවල් වලට AC යන්ත්‍ර අත්‍යවශ්‍යයය. මෙම උෂ්ණ කාලය අවසන් වනුයේ ඔක්තෝම්බර් මාසයෙන් පසුව බව මට වඩා මෙම ජීවිතයේ පළපුරුද්ද ඇති ඉන්දියානු මිතුරා පවසන අතර ඉන් පසුව මාස 3ක් උපරිම 4 ක් සීත කාලය ය. මේ දවස් වල එලීයේ තියෙන යකඩ බටයක් එහෙම අල්ලනවා කියන්නේ පදමට රත් වෙච්ච රොටී තැටියකට අත තිබිබා ගානය. ටැප් වලින් වතුර එන්නේ කේතලයේ නටන ගානට වඩා ටිකක් අඩු රත් වුන වතුරය. නාන්න තියෙන්නේත් ඒ වතුරය.

රෑ 12 හා 1ටවත් සාමාන්‍ය වතුර ටිකක් නා ගත නොහැකිය. මගේ නේවාසිකාගරයේ සිටින මිතුරන් කරනුෙය් ලොකු බකට් වලට වතුර පුරවා කාමරයේ තබා ගැනීමය. AC නිසා එම වතුර සීත වන හෙයින් අවැසි වෙලාවට එම වතුර බකට් එකෙන් ඇග අතපය සොදා ගනී. නැතිනම් එම වතුර හා ටැප් වතුර මිශ්‍ර කර ජල අවැසිතා ඉටු කර ගනු ලබයි. තවද මෙගා බෝතල් වලට වතුර පුරවා ගැඹූරු ශීතකරණයේ ගල් වෙන්නට තබා ස්නානය කරන වෙලාවට විනාඩි 5කට 10කට පමන පෙර එම බෝතලය අර වතුර බාජනයේ ගිල්වා තබා එම වතුර ප්‍රයෝජනයට ගනු ලබයි. මමද බොහෝම උෂ්ණ ඇති විට පමනක් නේවාසිකාගාරයේදි මෙම ක්‍රමය ප්‍රයෝජනයට ගන්නා අතර නමුත් ඕන මරදානක් කියලා කෙලින්ම උනු උනුවේ සවර් එකෙන් නාලා AC එක ලගට වෙලා ඉන්නේ ඉහත ක්‍රමය පිලිෙයල කර ගැනීමට අැති කම්මැලි කමත් එම වතුර මට ප්‍රමානවත් නැති නිසාත්ය. එහි අතුරු ප්‍රථිපලයක් ෙලසින් මගේ ඉතුරු කෙස් ගස් ටිකත් ගැලවී යමින් තිබේන අතර ගිය කෙස් ගහට නාඩන්නේ තියෙන කෙස් ගහ රැක ගන්නේ කියලා ජෝන් සීනත් කියලා තියෙන නිසා ඉතුරු කෙස් ගස් ටික රැක ගැනීමට මා දැනට පාරම්පරික ඉන්දියානු කේෂලාවන්‍ය උපදෙස් ලබා ගනිමින් සිටිමි.

මා මෙහි ආවේ සීත කාලයේ බැවින් සීත කාලය පිළිබදව දැන් මට අත් දැකීමක් ඇත. මෙහි සීත කාලය නුවරඑලීයේ උපරිම සීත කාලය ට විතර සමාන වන අතර සමහර දවස් වලට ඊටත් වඩා වැඩි විය හැකිය. සාමාන්‍යෙයන් අඩි 4ක 5ක වපසරියක් නොපෙනෙන තරමට ඝන මීදුමද සමහරක් දිනයන් හී ඇතිවේ. සීත කාලය පිළිබදව සීත කාලයේදිම කථා කරමුකෝ ඉස්සරහට.

12 comments:

  1. ඒ කියන්නෙ කවි ඉවරද???? උඹත් කතන්දර ආතා කෙනෙක් උනාද හොදා හොදා බලමුකො ඉස්සරහට කවියක් එහෙමත් දාපන් ඉතින්

    ReplyDelete
  2. මිනිස් ජිවිතේ හරි දුකයි බන්.....

    මොන්ව කරන්නද කියලා තේරෙන්නේ නැහැ...

    එපාවෙනවා නෙද බන් ඉවසපන්........වතුර සිතල කරගන්න ක්‍රමයක් මතක් උනොත් කියන්නම්...

    කොන්ඩේ බෙරගන්න.....

    ReplyDelete
  3. මලා!!! මට සෙම අමාරුව හින්දා හැමදාම නාන්නේ උණුවතුර ෂවර් එකෙන්!!! මගෙත් කොන්ඩේ යයි වගේ!!! වහාම නවත්තන්න ඕනි!!!

    උඹලා සීතල වතුර ඉල්ලලා නහිනවා,මම සෙම නිසා උණුවතුර ඉල්ලලා නහිනවා!!!

    අනේ මෙහෙමත් ලෝකයක්!!! :))))

    ReplyDelete
  4. මම හිතන විදියට ගීත් ඉන්නේ කටාර් රාජ්‍යයේ වෙන්න ඕනෙ. මට සති 6ක එහෙමත් නැත්තම් මාස එකහා මාරක ඔවැනි අත්දැකීමක් තියෙනවා. කටාර් රාජ්‍යය තුල. මම මිනූ නංගාගේ පවුලේ අය එක්ක මැදපෙරදිග රටවල් කීපයක් සංචාරයකට එක් උනා. කටාර්, අබුඩාබි සහ ඩුබායි නගරවල. හැබැයි ඉතින් මොන කරුමෙකටද මන්දා ඒ වෙද්දී රස්නෙ කාලෙ නොහොත් සමර්...කියලා වැඩක් නෑ. මට සූක් එකේදි කලන්තෙ දැම්මෙ නැති ටික විතරයි. විනාඩි 5න් 5ට බීපු කොකා කෝලා නිසා කාගෙන උන්නත් අනේ සංසාරේ කියලා හිතුන වාර නම් අනන්තයි...

    අපි නැවතිලා උන්නේ " ෂෙරිටන් " හෝටලයේ ගීත්...හැබැයි ඒ හරිය නම් පුදුම තරමේ ලස්සනයි. හැබැයි ඇලඩින් පාර්ක් එක දැන් වහලලු. ඒක ඇත්තක්ද ?

    ReplyDelete
  5. උබ රස්නෙ වැඩි වෙලා.... මම සීතල ඉවසගන්න බැරුව හීටරේ ඉස්සරහ. පුදුම ලෝකයක් තමා

    ReplyDelete
  6. කොන්ඩේ ගියාට ආතා කෙනෙක් වෙන්න මම නාකි කියලා හිතුවද වැල් කොට්ටෝරුවෝ. නැ තවත් ලියනවා වෙලාවක් තියෙන හැටියකට මෙවත් ලියනවා.

    අනිවා මොකක් හරි ක්‍රමයක් තියෙනව නම් කියපං කම්මැලි නැතිව වතුර සිසිල් කර ගන්න. කසාදයක් කරගන්නකං වත් මේ කොන්ඩ ගස් කීපය ආරක්ෂා කරගන්නත් එපැයි.

    බලපංකෝ ඒකෙත් හැටි නේද? කට්ටියකට උණු වතුර ඕන තව කට්ටියකට සීතල වතුර ඕන..බලාගෙන ගියහම හොදයි නරකයි කියලා දෙයක් නැහැ නේද? දෙකම ඕන ජීවත් වෙන්න.

    ඔය කියන්නේ ෂෙරිටන් හෝටලය තියෙන්නේ සිටි සෙන්ටර් එක පැත්තේ. මුහුද අයිනෙම. පිරමීඩකාර හැඩයක් තියෙන්නේ ඔය හොටලයට. හරිම ලස්සනයි ඒ පැත්ත. ගොඩක්ම ලස්සන සීත කාලයට. පාර්ක් එක වහලා තියෙන්නේ. ඒ‍කේ ආරක්ෂාව මදි කියලා. ඔයා කියන්නේ ඉරාන සූක් එක වෙන්න ඕන. මෙහෙ හැම කඩ පේලියකටම කියන්නේ සුක් කියලා. සුක් කියන්නේ අරාබී භාෂාවෙන් කඩ මන්ඩිය කියන එකට. හැබැයි ඉරාන සූක් එක විශේෂයි. ඒ ගැන පස්සේ දවසක කථා කරන්නම් කො. මාත් ටින් බීම සෑහෙන්ට බීවා. පස්සේ ඒක අත්හැරියා. මොකද කෘතීම බීම එච්චර හිතකර නැහැ නේ.

    ඒ උබ මොන තූත්තුකුඩියකද ඉන්නේ? සීතේ ගැහෙන්නේ? අපි මෙහේ වේලෙනවා..බලපංකෝ ලෝකේ හැටි නේද ආහ්.

    ReplyDelete
  7. මොනව උනත් කොන්ඩෙට වගේම සරීර කූඩුවටත් උණු වතුර නම් හොඳ නෑ කියලයි මම දන්නේ නම්............. කම්මැලි කම තියල ඔන්න ඕක පොඩ්ඩක් කූල් කරගන්න.......

    ReplyDelete
  8. ගිත් අයියා..ෂා නියමයිනෙ... මෙහෙ උණුවතුර ටිකක් නාගන්න තියනවා නම් කියලා හිතුනා...මිනිස්සු මෙහෙම තමයි.. උණුසුම තියද්දි සිතල හොයනවා, සිතල තියෙද්දි උණුසුම හොයනවා. එකනෙ කියන්නෙ
    රන් හිරු මඩළින් සිසිලස අයදිනවා
    පුන්සඳ පහනින් උණුසුම අයදිනවා

    ලොකය බිහිවුනු දා සිට අරුමෙකි මිනිසා ගිරි හිස ඉදුවර සොයමින් ලතවෙනවා කියලා..

    ReplyDelete
  9. මාත් මේ සීතලේ ගැහි ගැහී ඉන්නේ... කාමරෙන් එළියට බහින්න හිතෙන්නෙ නෑ හීටර් එක අතෑරලා. :D
    හැබැයි ඒ වගේම මෙහේ වාසියකට තියෙන්නේ කොච්චර සමර් එක තද වුනත් වතුර රත් වෙන්නේ නැති එක. එළියෙ රස්නේ 45 පැන්නත් වතුර ටික නම් අයිස් වගේ...

    ReplyDelete
  10. හයියෝ මොන කරුමයක් ද අනේ... ඒකට කමක් නෑ තව කතා ලියන්න... ඊයා තට්ටෙ පෑදීගෙනත් එනවද? එහෙනං ඔයා ලංකාවට ඇවිත් ප්ලේන් එකෙන් බහිනකොට එයාර්පෝට් එකට පුන් සද පෑයුවා වගේ තියෙයි.

    ReplyDelete
  11. රෑ 10ට වනාතැනට යන්නේ කොයි වෙලේද ඇදට වැටෙන්නේ කියලා ඉන්න මට වතුරත් සීතල කර කර ඉන්න ගියහම නිදා ගන්න වෙලාවක් නැ හා පැටික්කී. ආයේ පාන්ද ර නැගිටලා උයන්න ඕන. :)

    ඒ කථාවනම් ඇත්ත රවා.

    ඒ කෝමෙයි බං වතුර සීතල වෙන්නේ අච්චර උෂ්නත්වයක් පිටත තියෙද්දී. අනේ අපිටත් කියහංකෝ ඒ රහස

    හහ්...හහ්....ආහ් එහෙම වෙන්නේ නැහැ...මම වලහෙක් වගේ එයාර් පෝර්ට් එකෙන් බහින්නේ. අම්මපා ඔවු.

    ReplyDelete
  12. ඒක කොහොමද වෙන්නෙ කියලා නම් මම දන්නෙ නෑ බන්, ඒ වුනාට කොච්චර තද සමර් එකක උනත් තනිකර ඇල් වතුරෙන් නාන්න බැරි තරම් වතුර නම් සීතලයි.

    ReplyDelete

ඇත්තම කියන්න