තාමත් මගෙ සිතිවිලි අතරේ
මතකය මතක් කර කර ඉන්නේ
කෝම අමතක වේවිද ලදුනේ
නුඹේ දේවල් තවම මගේ හදේ
හද පාරයි නිදි මුත් යහනේ
නිදි උනාට සිතිවිලි නොනිදේ
හීනෙන් විත් මට වද දෙන්නේ
මා කල පව මටවත් නොහැගේ
අත් අකුරින් නුඹ ලියු ලිපියේ
සෙනෙහස ළය දිය කර ගැලුවේ
මියුලැසියේ අන්තිම කවියේ
තේරුම නැහැ තවම තේරුනේ
ගිත් අයියා මොනවා ලියන්නද කියලා හිතා ගන්න බැහැ ... මෙ එ අකුරුද...
ReplyDeleteහදවතෙ තියන හැම දෙම අකුරු කරන්න බැහැ නෙද.. උත්සහාය නියමයි.. තෙරුම්ගන්න උත්සහා කරත් කවදාවත් තෙරුම් ගන්න බැරි දෙවල් ඇඟ වටෙ දැවටි දැවටි කරන නාඩගම සිහිවෙද්දි. පපුව කඩලා ගලෙ ගහන්න හිතෙනවා......
ෂේ.................................................
ReplyDeleteහ්ම්ම්ම් ඇත්තටම මේ එයාගෙ අත් අකුරුද ?
ReplyDeleteපරණ මතක එක්කාසු කරගෙන තියාගෙන ඉන්න එකත එක්තරා විඳවීමක් කියලයි මටනම් හිතෙන්නේ..ඒත් ඒ විදවීමත් අපූරුයි කියලා හිතෙන්නේ මේ වගේ කවියක් දකිද්දී...
ReplyDeleteදිල් කියන කතාව ඇත්ත..ඒක විඳවීමක් තමයි....හැබැයි ගීත් වගේම මමත් ඒකට කැමතියි...
ReplyDeleteදිල් එක්ක සම්පූර්ණයෙන්ම එකගයි :)
ReplyDeleteඑක්කෙනෙකුට ඇර ඔක්කොටම
ReplyDeleteම්..................
:D