2010/04/28

කවි මඩුවේ වියාපෘතිය

ඩන් ...ඩන්...ඩන් අසවූ අසවූ

සකල ශ්‍රී ලාංකීය බ්ලොග් වාසි කවීශ්වර ජනයා වෙත කරන දැනුම් දීමයි. මේ.....

කවි මඩුවේ වියාපෘතිය දැනට සැලසුම් කර නිම අතර කවි මඩුව සැදීමට අවැසි ටකරන් , දැව දඩු හා මෙවලම් මේ වන විට අප කවි මඩුවේ කාරක සබිකයන් එකතු වී එක්කාසු කරමින් සිටි. තමන්ගේ රැකියාවත් බේරාගෙන මේ මඩුව සැදිය යුතු හෙයින් මඩුවේ කවි වාද ආරම්බ කිරීමට ටික දොහක් ගත වන බව සියලු කවි හිතකාමීන් කරුණාවෙන් සලකත්වා. ඒ වගේම හැකි පමණ ඉහලට තමන්ගේ දැත් ඔසවා කවි මඩු යෝජනාව පිළිගත් කවි හිතකාමී ඔබට අප කාරක සබාවේ ස්තුතිය. එමෙන්ම කවි මඩුවට එක් කිරීම සදහා ඔබ සන්තකයේ යම් අදහස් හා යෝජනා වේනම් කරුණාකර එවන් ආධාර අප හට ලබා දෙන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

ඩන් ...ඩන්...ඩන්

4 comments:

  1. කවියට කැමති අපහට සෙත සලසන්න
    සහෘදයට හැම සම්පත් ඇති වෙන්න
    හැකි ඉක්මනින් කවිපියසක් අරඹන්න
    හැකි වේවා ඔබහට ආසිරි මෙන්න...

    ReplyDelete
  2. ප්‍රීතී...! ප්‍රීතී...!! ප්‍රීතී...!!!

    ReplyDelete
  3. ගීත් මල්ලි අදහස නම් අගනේය
    දෙන්නම් අපිත් නෑ බෑ නොකියම පිහිට
    කවි මඩුවෙන් යලි හමුවෙන පැතුම පිට
    ඕං හිපොත් පැතුවා අද ජයෙන් ජය....

    ReplyDelete

ඇත්තම කියන්න