හිත කඩා බිද දමා
දුර ඈත නුබ ගියා
පිංවත් පෙම් සුවද මගේ හද ලගින් තියා
මට හිතා ගන්න බෑ
නුබ ගැන බොරු කියන්න බැහැ
මගේ සිතේ නුඹ තාමත්
පෙම්වති නිසා
හිතට පමනක් පෙම් කලා නම්
නොයයි දුරකට පියබලා
තුරුළු වී නුඹ සිසිලේ සැනෙසෙයි
මියෙන තුරු මගේ නෙතු වෙලා
නෙතට උලෙලක් උනු ඔබේ රුව
අද වෙනෙකු සතු වෙලා
නුඹටම පමනක් පෙම් කෙරූ මම
තවම තනිවම තනිවෙලා
ඔය කවි පද අතරේ තියන කතාව මේ දැනුත් මම මෙනෙහි කරමින් ඉන්නේ....
ReplyDeleteඅද ඇගේ අලුත් පෙම්වතා සමඟින් ඉන්නා ෆොටෝ එකක් උදේම දැක්කා....
ලොකූ දුකක් හිතේ පිරිලා තියෙන්නේ...
ඒ ආර්ත්මාර්ථකාමී කම නිසා වෙන්න ඇති...
මොනා උනත් ඒ දෙන්නට මම මගේ මුළු හදින්ම සුබ පතනවා...
උඹත් එහෙම කරහන් කොල්ලෝ....
ආදරෙදි අපි කවුරුත් ආත්මාර්ථ කාමියි. ඒත් ආදරය හදට කොයි තරම් දැනෙන්නේද කියල හිතෙන්නෙ වෙන් වුනහම තමයි. රන්ඩු සරුවල් වෙන්නෙ නෙතිව සුබ පතල අත පිහදගෙන පැත්තකත වෙල බලගෙන ඉමු නේද දේවා. :D
ReplyDeleteමගෙ කතාවත් ඔය වගේමයි..අවුරුදු 4 1/2 ආදර මතකය විතරක්ම ඉතුරු කරලා එයා වෙන කෙනෙක්ගෙ උනා. දුක කියන දේ පතුල අතගාන්න උනා මට...අමාරුවෙන් උනත් හිත හදාගන්නම් වෙනවා. මොකද හැමදාම අපේ ජීවිත දෝලනය වෙන්නේ ඇතිවීම් සහ නැතිවීම් අතර නිසා
ReplyDeleteසංවේදි නිර්මාණයක්
හෙමෝගෙම කථා දුක්බරයි. එ සැබෑවටම ආදරය කල නිසා කියලයි මම හිතන්නෙ. ආදර්නීයව ඉන්න දවස්වලනම් වෙන් වීමක් ගෙන හිතෙන්නෙවත් නැහැ නේද? ඒත්
ReplyDeleteලොවට වහන් වෙවි
පෙම් කල හැටී
පුදුමෙකි අරුමෙකි
වෙන් වුනු හැටි
එදා ළග සිටිය දුටුව එබ නොව
ReplyDeleteමෙදා දුර සිට මා දකින්නේ
සදා කාලික නොවූ ලෝකෙක
සදා කෙලෙසද පෙමි බඳින්නේ
ප්‍රේමය නම් අසෙනිය කුසුමක් වේ
ReplyDeleteරිසි වූ කෙනෙකුට පූජා කරන්නට
ලෝභ සිතින් තොර පිදුව මනා වේ
පෙරලා ලබන්නට නොසිතා බිඳකුත්
මෙහෙම කියල තියෙන්නෙ සරත්චන්ද්‍රයන්. ආදරේ කියන්නෙ පරිත්‍යාගයක්. ඇයට සුබ පතන්න. නුඹේ ආදරේ පවිත්‍ර බව පෙන්නන්න.
මචන්... උඹ එයාට අසීමිතව ආදරය කලා. අද එයා උඹ ගාව නැති උනත් ඒ හැඟීම උඹ ගාව තියෙනවා. මතක තියාගන්න. උඹ එයාට ආදරෙයි. එදත්, අදත්, හෙටත්...
ReplyDeleteහම්
ReplyDeleteඇත්ත මින්දද සුන්දර ප්‍රථම ප්‍රේමය කෙසේ නම් අමතක කරමුද?
ReplyDeleteමොකද වැපා අද බකමුණු මුහුනක් දාගෙන...යන යන තැන හූම් හුම කියන්නෙ? :D
සුසිත රවින්ද සෙනරත්
wathsala
දිල්
චමිදේවා
හැමෝටම ස්තුති.
ඇත්තම කියනවානම් ඉතාම හොඳ සංවේදී නිර්මාණයක්.
ReplyDeleteහිත පතුල දුටුව නුඹ
ReplyDeleteහිත අරන් ගිය දාට
තරහ නැත මගේ සිත
තවම ඇත නුඹ ගාව....
එහෙම කියලා හිත හදාගන්න නේද තියෙන්නේ? ඇත්තටම සංවේදි කවි පෙලක්.....
K.C. Hewage
ReplyDeletepunchisamanalee
ස්තුති ඔයාලට
මේ ලිපිය මට ගෙඩක් සංවේදීයි. ඒ නිසා මම මේක උපුටා ගත්තා ආපු වෙලාවක බලන්න.. www.geeth.tk
ReplyDeleteඅහසේ එක තරැවද තිපබන්නේ...
ReplyDeleteමුහුදේ එක මාළුවදැයි සිටින්නේ...
ලෝකයේ ලංකාව විතරමදැයි තිබෙන්නේ...
උඹට ඔය කෙල්ල විතරමදැයි සිටින්නේ...
"Zujith"
ගීත් Nu1
ReplyDeleteZujith
ස්තුති
Zujith
ඒකනම් එහෙම තමයි
ඒත් අර චාමර වීරසින්හ කියල තියෙන්නෙ
ඔය නෙතු අමතක වෙන්න නම් මගෙ එස් පිය වෙන්න වෙයි
ඒක නම් ඇත්ත ගීත්, අපේ සුජියට මේ වේදනාව තේරෙන්නේ එයාටත් කවදාහරි මේ වගේ දෙයක් වුනාම... එයාට ඒක දැන්ම තේරෙන්නේ නෑ.....
ReplyDeleteම හිතන්‍නේ ආදරයයි වේදනාවයි බොහොම ළගින් ආස්‍රය කරන දෙදෙනෙක්
සංවේදී නිර්මාණයක්.
ReplyDeleteTNX ANSH
ReplyDeleteසුන්දර සිනහව සුන්දරයි ඒත්... ඒ සිනහව සුන්දරයි කියන්නට ඒ සිනහව තනිව ඉදවිද ගන්නට කොහිද මා හට අවසර...!!
ReplyDelete