2010/04/20

හිත ගාව ගොළු ගීත මිමිනේය



පිනි මතින පිය මනින රූමතිය
නිදි නැතිය නෙතු මතට දේ  හීන
සද රැක සද සේම සපෙමිණිය
හිතවතිය මගේ ලගම සෑතපේය  


ඝනදුරට තරු රෑන  දේ එලිය
ලොව සැවොම මේ රෑම නිදි සේය
මගේ ලයට නුබේ ලමැද තෙරපේය
මගේ නෙතුද නුබේ නෙතුද එක සේය


නෙතු ගාව පෙර හීන නලියේය
හිත ගාව ගොළු ගීත මිමිනේය
නුබේ රුද මගේ රුද අදුරේය
සිතු සේම පැතු සේම සිදුවේය

13 comments:

  1. සිතු සේම පැතු සේම
    සිදුවේ නමි
    තවත් මොනාද?

    හාබැයි මේ හීනයක් නම්??????????

    ReplyDelete
  2. මේක ඇත්තටම හීනයක්ද... එහෙම නොවේවා...

    ReplyDelete
  3. කවිය කියවලා වට පිට බැලුවෙ.. මෙ ගීත් නෙ.. සහෘදයා කියලා තිබුනට තාම අපි පොඩි කතා බහක්නෙ කරලා තියන්නෙ.. ඔයා හරිම සියුම්ව ලියලා තියනවා.. බොහොම ස්තුති ඔයාට.. මෙන්න මෙහෙම නම් යන්නෙ සදාකාලිකව අදරෙ තියෙයි.. නැද්ද මෙ කවියෙන් ඔයාගෙ හදවතෙ තියන දෙවල් ගොඩක් එලි වෙනවා.. හරිම ලස්සන සුන්දර මොහොතක් ඔයා ලස්සනට වචනවලින් මගෙ හිතෙ සිතුවම් කරා.. හරිම ලස්සනයි.. මට ගොඩාක් දුක හිතෙනවා මෙවා මෙතනම විතරක් තියන නිසා..හරිම ලස්සනයි.. ඇත්තටම.. මට පුදුම හිතෙනවා.. මෙච්චර සංයමයක්.. මෙච්චර සොදුරු විදියට.. හරිම ලස්සනයි..

    ReplyDelete
  4. හැබැයි මට හිතෙනවා ඔයත් ගොඩක් තනියම ඉන්න කෙනෙක් කියලා.. හදවත පෙරුම් පුරන නිසායි මෙච්චර ලස්සනට මෙදෙ මතු උනෙ.. කියන කරුණ නිසා.. මම හරිද..

    ReplyDelete
  5. ලස්සන ම ලස්සන මොහොතක්..! දැනෙන්න ලියලා තියෙනවා..! මරේ මරු.., මට උඹ මෙහෙම මරු කවියක් දාලා තියෙනවා කිව්වේ රවා..!
    [ උඹට පිං රවා..!!! ]

    ReplyDelete
  6. ලස්සනයි මචෝ රවා කිව්වා වගේ පුදුම සංයමයකින් ලියලා තියනවා

    ReplyDelete
  7. වත්සල
    මින්දද
    රවා
    LishWish
    වැප්

    ස්තුති හැමොටම

    රව සාස්තර කියන්න දන්නව වගෙ. සාස්තරය ගැන සැහිමකත පත් වෙන්න පුලුවන්. කියක් ඕනද සාස්තරයට?

    ReplyDelete
  8. මට මුකුත් ඔනා නැහැ.. අයිය.. ඔය නිකන් ඉද්දි එන්න මගෙ බ්ලොග් එක පැත්තටත්.. ඇවිල්ලා සද්දයක් දාලා යන්න.. එ ඇති.. මට ඇත්තටම හිතා ගන්න බැහැ.. කොහොමද මෙච්චර සියුම් විදියට මෙච්චර දෙයක් කිව්වෙ කියලා..පින්තුරෙ දැක්කහම හිතුවෙ ඔයා මගෙ වයසෙ කියලා..

    ReplyDelete
  9. ගොලු ගීත මුමුනන්න
    හිත ගාව සැතපෙන්න
    සද සේම රැක ගන්න
    හිකවතිය කෝ උන්න

    for the picture/

    ඔය දෙතොල සිප ගන්න
    මගෙ යහනෙ සැතපෙන්න
    නුඹෙ තුරුලෙ සැනසෙන්න
    නුඹ ආයෙ පැමිනෙන්න

    ReplyDelete
  10. මෙන්න පසනත් ඇවිල්ලා.... මුන්ට මෙවා කොහෙන් එනවද මං දන්නෙ නැහැ

    ReplyDelete
  11. ආහ.....පසන්ගෙ කවියනම් මරු...නමුත් මම නම් කියන්නෙ..

    මා නිසා..ඔබ නොපිරු පෙරුම්..
    මා නිසා..ඔබ නොපැතු පැතුම්..
    ඒ සිනහා මැද ඉටු වේවිනම්
    ආයෙ...නාවත් කම් නැ..ඉතින්..

    ReplyDelete
  12. ගීත්/
    ඔහොම කියන අයම මෙහෙමත් කියනව

    යුග ගනන් අප වෙන්ව ආ මග සොදුරු නිම්නෙක එක් වෙලා...
    දුක් සුසුම් නැති අපේ ලොවතුල සිනා මල් පෙති විසිරිලා....

    හිරුට තනි නැත.. සදුත් නැත තනිවී... එකම අහසක හමු වෙලා...
    ලොවම සසලව බලා සිටියාවේ.... යලුදු අප ඇත ලං වෙලා

    ReplyDelete
  13. Pasan
    නැ ඒ වුනාට මෙහෙමත් කියන්න පුළුවන්

    මම මගේ පාඩුවේ හඩ හඩ සිටින්නම්.....ඔබ ඔබේ ලෝකයේ මිනි කිරුළු පළදින්න...

    ReplyDelete

ඇත්තම කියන්න