2010/04/18

සිරී නුබේ සිත ගත්තද කවුරුවත් සොරා

නිසංසලයි මැදියම් රැය නිහඩ වට පිට‍
හේවිසි හඩ අතරට පුරසද ඇවිත් ඇත
ඔයාට මල් වැසි වැටේවා ලියමි දුක් සිත
චූටි නංගි නිදි අතරෙයි ගත්තෙ පන්හිද


ඒදා පන්සලේ පිංකම් පලේ හමුවුනා
නුබේ මිතුරන් සමගින් ලහි ලහියේ වැඩ කලා
මා නොදුටුව වැනි ගානට ඔයා හැසිරැනා
හිතේ ගොඩක් දුක තියාන පස්සේ අපි ගියා


සිරී නුබේ සිත ගත්තද කවුරුවත් සොරා
හිතා ගන්න බෑ ඒතරම් ම නපුරැ ඇයි කියා
නුබේ මැණික හඩා ලියමි ආදරේ නිසා
බෝල අකුරැ බොදව ගියා කදුළු කැට නිසා.

6 comments:

  1. "බෝල අකුරැ බොදව ගියා කදුළු කැට නිසා" හිත් ගත් කොටස

    ReplyDelete
  2. කාලෙකින් උඹේ නිර්මාණයක් කියෙවේ. සුපුරුදු පරිදි සරලව ලියවුනු ගීයකට උචිත අපූරු සංවේදී පදපෙලක්. . . .!

    කොයි රටේද උඹ දැං ඉන්නේ . . ?

    ReplyDelete
  3. හරි ලස්සනයි කවිය ..!

    ReplyDelete
  4. දුකා අයියා කිවුව වගේ සරළයි නමුත් හැඟීම් ජනනයේ අඩුවක් නෑ. රස වින්දා මේ පද පෙළ.

    ReplyDelete
  5. වැප්
    දුකා
    Naya
    Raven

    sthuthi hemootama...


    mama DOHA duka

    ReplyDelete
  6. ලස්සනයි ගීත්... පංසලෙ ඇවිද්දා ඔයාත් එක්ක..

    ReplyDelete

ඇත්තම කියන්න