2010/04/22

බ්ලොග් අවකාශයේ සැරි සරන කවියන්ට කරන සුහද ආරාධනාවයි මෙ...

ඉස්සර කාලෙ ඔය ගම්වල කවීන් එකතුවෙලා පොඩි පොඩි කවි මඩු දාගෙන පොඩි පොඩි ෆන් ගත්තා කියල මම අහල තියෙනවා. ඉස්සර ස්වාධීන රුපවහිනියෙත් හිටිවන කවි මඩුවක් තිබුනා කට්ටියට මතක ඇති. ඉතින් මටත් හිතුන අපේ බ්ලොග් අවකාශය තුලත් මෙ වගෙ දෙයක් කරන්න බැරිද කියලා. මොකද අපෙ බ්ලොග් අවකාශය තුල කවි ලියන අය සැහෙන ප්‍රමානයක් ඉන්න නිසා.ඉතින් තනි තනිවම ලියලා තනි තනිවම ඉන්නවට වැඩිය පොඩි වෙනසකටත් එක්ක නරකද මෙ වගෙ වැඩක් පටන් ගත්තොත්.

රන්ඩු වෙන්න යහලු වෙන්න කවීත්වය දියුණු කරගන්න එ වගේම විනෝද වෙන්න කැමති අය ඉන්නවා නම් අපි එකතුවෙලා පොඩි කවි මඩුවක් දාමු..හරි ඉතින් කවි මඩුවක් දාන්න එක්කෙනෙකුට බැහැනේ.. සෙනග ඉන්න එපැයි..අඩුම ගානෙ චියර් එක දෙන්නවත්. ok වැඩේට කැමති අය අත උස්සල කැමෙත්ත ප්‍රකාෂ කරන්න බලන්න ඉස්සෙල්ලම. ඊට පස්සෙ වැඩේ කරන හැටි කට්ටියම එකතු වෙලා කතාබහ කරමු..

34 comments:

  1. ලඟදීම එහෙම වැඩක් පටන් ගන්නවා මචං. මම දන්න විදිහට දැනටමත් ඒකට වැඩකටයුතු සිදුවේගෙන යන්නේ. වැඩි විස්තර ලඟදීම බලාපොරොත්තු වන්න

    ReplyDelete
  2. අදහස නම් රත්තරන්. ඒත් මට නම් කවි බැහැ. ඒක නිසා මම චියර් කරන්න සෙට් වෙන්නම්.

    කෝකටත් SBU හා ලාංකීය සිතුවිලි වල Admin මහත්තුරු දැනුවත් කලා නම් වැඩේ ලස්සනට කරන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  3. එල වැඩක් මටත් කියන්න බැරි වුනාට බලන්න හරි එන්නම්

    ReplyDelete
  4. පිස්සාද මේ යෝජනාවට එක පයින්ම කැමතිය.චියර්ස්!!!!.

    ReplyDelete
  5. හිටිවන කවි බැරිඋනාට යංතං එළිසමය එක්ක හතරපදේ ගැටගහගන්න පුළුවං හින්ද ඕං මාත් එනව හොඳේ. මේව හිටිවන නෙවෙයි ඉඳිවන නෙ. කොම්පුටරේ ගාව ඉඳගෙන හින්දා......
    :-D
    එළ එළ හොඳ වැඩක්

    ReplyDelete
  6. මලෙක මෙලෙක තිබුණත් ඔය පැතිරිලා
    සුවඳ දිදී හිටියත් හිටියත් ඔය නැලවිලා
    මොලේ තියෙන බමරෙක් එහි නැවතිලා
    හොරෙන් හොරෙන් පැණී බීලම වෙරි වෙලා

    පැණි බීලා යනවලු ඌ හොඳටම දැන් වෙරි වෙලා
    අසරණ මල දඟලනවලු සිත් අහසම පෑරිලා
    මං එන්නම් කියනවාලු බමරාටත් තේරිලා
    ගීත් මලය බේරුනාලු බිඟුවා යයි කිය කියා

    ReplyDelete
  7. පෙර කාලේ ලෙසට රස වෑහෙන ඉතා
    ජංජාලේ ඉදන් ඉදි වනම පද ගොතා
    කියමුකො අපිත් කවි සරසවි වරම පතා
    දුන් අදහස අගෙයි අපගේ ගීත් පුතා

    ReplyDelete
  8. හොද වැඩක්. මමත් අනිවාර්යෙන්ම එනවා

    ReplyDelete
  9. කවි ලියන්න කවි අහන්න
    කවි ලිය ලිය රන්ඩු වෙන්න
    නොදන්න අය හදුන ගන්න
    මාත් එනව මෙහෙට ඔන්න

    සරා සදේ මේ අහන්න
    නුඹ එනවද කවි ලියන්න
    කවි මඩුමව සරසවන්න
    මාත් එක්ක ලගින් ඉන්න

    ReplyDelete
  10. කවිකාරයො එක් වෙනවානම් ජංජාලේ
    සෝරෝ නැත්නම් එය වෙයි පුදුමේ
    එබැවින් හිටිවන කවි තරඟෙට සංසදේ
    සෝරෝ එන බව පවසමි මිතුරනේ...

    ඔන්න මමත් එනවෝ...

    ReplyDelete
  11. අනේ මාවත් ගනින් කොල්ලො.
    නියමයි වැඩේ..එළ

    ReplyDelete
  12. හොද වැඩ කරනකොට අපි කොහොමද පැත්තකට වෙලා ඉන්නේ..මෙන්න මාත් එනවා....... :-)

    ReplyDelete
  13. කවි සිත් පිපේ දැක්මෙන් ඔබෙ වවන අගේ
    පැදියට දැනෙයි මගෙ හදවත ගැහෙන රඟේ
    අතහැර කෙසේ යන්නද මෙය නොකර අගේ
    අත් දෙක උස්සලා දෙමි ඡන්දය ගීතිකගේ

    ReplyDelete
  14. හිතුවට වඩා කට්ටිය විත් තව මොනාද කතා
    සෙට් වෙලා අපී වැඩක් කරමු සැමටම දී තොසා
    කෝ බලන්න තව කවුරුද එන්නේ මේ දිහා
    එන හෙමෝම පිළිගමු අපි නොකර මන් මුලා.

    ReplyDelete
  15. ගිත් අයියා මමත් එනවා..
    අවිත් මෙතන කවි ලියනවා..
    කරොත් රන්ඩු පහර දෙනවා..
    කනත් පලලා කුඩු කරනවා..

    ReplyDelete
  16. බුදු මල්ලියේ අතින් පයින් නෙවෙයි මෙතන වැඩ
    කටින් තමයි ගේම දෙන්නේ කවි කියනා අය
    කෝම උනත් Welcome අපි කියල බලමු පද
    හැඩ වැඩ ඇති පද කියහන් පැන පැන දැන් උඩ

    ReplyDelete
  17. නියමයි මල්ලි නියමයි මේ වැඩේ නම්
    තනි අත නෙමේ දෙඅතම ඔසවමි මා නම්
    කවි පද වලින් පවසන්නට හොද වාදම්
    කවි මඩුවට අපටත් අවසර එහෙනම්

    ReplyDelete
  18. ඔසුවකි කවිය වැලපෙන සිත සනසන්න
    සිත තුල තෙරපෙනා සිතුවිලි පවසන්න
    සහෘදයනි කවියට පන දෙන්න
    ගීත මල්ලිගේ කවි මඩුවට එන්න

    ReplyDelete
  19. මෙන්න අත් හදා බැලිමක් විදිහට පුන්චි කවි රන්ඩුවක්

    http://poornaloka.blogspot.com/2010/04/blog-post_21.html

    ReplyDelete
  20. නියමයි...පුලුවන් විදිහට මාත් එනවා...

    ReplyDelete
  21. හිත්පිත් නැති මිනිසුන් මැද
    මනුස්සකම මතුවන්නට
    දුහුල් වළා අතරන් වැද
    සිහින විමන් සරසන්නට
    හිත ගිය රන් විමනක් මැද
    කාන්සියෙන් ගැලවෙන්නට
    තනමු ඉතින් කවි ගී පද
    කාගෙත් සිත් පිනවන්නට

    ReplyDelete
  22. කවිය තරම් රසවත් වදනක් ඇත්ද?
    කවි නැති නම් හිත සන්සුන් කල හැකිද?
    කවි මඩුවක් ඇත්නම් එය හොඳ නොවෙද?
    කවි කියන්න එන්න මටත් අවසරද?

    ReplyDelete
  23. ආ හොඳ වැඩක්..පටන් ගන්නකෝ..

    ReplyDelete
  24. හොඳ අදහස. බැරි උනත් අපිත් එනව කවි ලියන්න බරිනම් කියවන්න හරි.

    ReplyDelete
  25. ලියමු ලියමු ලියන්න බැරිනම් කියවන්න හරි එන්නම්........ අවුලක් නෑ......
    මයික්කරපෝනෙ නම් උඩින්ම කැමතියි :)))))))

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. සයිබර් අහස කවි මඩුවක් කරන්නට
    ගීත් ගෙනා ගීතමය අදහසට
    තුති දී පතමි පැතුමක් සැමට
    තව කවි මතුවට බිහි කරන්නට

    ReplyDelete
  28. ඕං මාත් එනවා... දාමු කවි මඩුවක්....

    කවියෙන් කවිය කියනා විට රසට ගොතා
    පදයෙන් පදේ ගලපා දෙමු හොඳට ඔතා
    මැරතන් පවා සයිබරයෙන් යන්නේ මෙදා
    කවියොත් දුවමු නොදෙවෙනි ලෙස අනේ හොඳා

    ReplyDelete
  29. මේක කරන්න නම් මම හිතන්නෙ සිංහලෙන් ට්යිප් කරන්න පුලුවන් චැට් රූම් එකක් හදන්න වෙයි... බ්ලොග් මැරතන් වගෙ එදාට කට්ටියම එකතු වෙලා හිටිවන කවි ලියන්න පුලුවන් එතකොට, එහෙමත් නැත්නන් ස්කයිප් එකෙන් කොන්ෆරන්ස් එකකට සම්බන්ද වෙලා හැමෝම වොයිස් එකෙනුත් කෙරුවහැකි... කලින්ම කියනවා ඔන්න තරහ ගන්න එපා මං එක්ක මම ගීත් ගෙ අදහස වැඩි දියුනු කලා විතරයි...

    ReplyDelete
  30. කියනා විටදි කට්ටිය කවි හැටට හැටේ
    එක්වෙයි සැමදෙනා කවි රසවතුන් වටේ
    එක්කර ගන්න කවිමඩුවට සැවොම රටේ
    සප් එක චියර් එක ඕනෑ හතර වටේ....

    good idea..........maath eno.....

    ReplyDelete

ඇත්තම කියන්න