2010/02/28

මගෙන් වෙච්ච එකම වරද

සුන්දරයි සුදුයි මගේ රත්තරං ඔයා
මගේ ලොවට ආවද දුක් දෙන්නම.... සිතා
විදවනු බැහැ මෙවන් දුකක් තනිව සිත් දරා
ගැයුවේ ඒකයි ඒ ගැන දන්වනු සිතා //

වෙන හදකට පෙම් කලාට කමක් නැහැ මට..
මේ පොඩි හිත දුක් උනාට තනිවම හඩ.. හඩ..
මේ කදුලැල් හොදට හුරුයි රත්තරං මට //
සුදු මගේ සතුටින් නම් කොහේ කොතැනක

ඉස්සර නුඹ පිදූ සෙනේ මතක් කර කර
කවි පද වැල් ලියනෙමි මා තවත් තව.. තව..
නුඹේ නෙතගට ගොඩවේ නම් කදුළු මල් කැට //
මගෙන් වෙච්ච එකම වරද මා දුන් කවි ටික

2010/02/18

සිංහල සිනෙමා ඉතිහාසයේ මාගේ එකම වීරයා ඔබය

කාර්යාලයේ ලද නිමේෂයේ
2010.02.18








තෙරුවන් සරණයි



මගේ සදාදර සිනෙමා වීරයානෙණි,

විජය ඔබ අද කොහොම කොහේ සිටිනවාදැ මා නොදනිමි. කොහේ කොහොම සිටියත් සැපෙන් සනීපෙන් සුවෙන් සිටිනු ඇතැයි මම සිතමි පාර්ථනා කරමි. ඹබගේ සුවදුක් පවසා පිළිතුරැ ලිපි නොලියන බව මා දනිමි. නමුත් මා ඹබට ලියමි. ඒ මම ඔබට ඒ තරම් ආදරය කරන නිසාවෙනි.

සිංහල සිනෙමා ඉතිහාසයේ මාගේ එකම වීරයා ඔබය. ඔබ සිටි කාලයේ කල කී දෑ මම අසා නරඹා සවන් දී හා කියවා ඇත්තෙමි. එයින් මා සිතේ ඔබ කෙරෙහි වීරත්වයක් ගොඩනැගුනි. ඔබගේ චිත්‍රපට සියල්ලම නොවුනත් වැඩි ප්‍රමානයත් නරඹා ඇත්තෙමි. ඔබගේ ආරෝහ පරිනහදේහය, අවංක අව්‍යාජ සිනාව, ඹටම ආවේනික කෙස් කලඹ ඔබගේ රංග පෞර්ෂත්වය ඔප්නැංවු පෙර පින් බලයෙන් ඔබට හිමි වූ ආබරණයන්ය.. ඔබගේ සියළු ගීතයන් මා අසා ඇත්තෙමි. ඉතාම ගැඹුරැ කටහඩකින් ඉතාම ළයාන්විතව ඔබ ගැයූ ගීත විඩා බර මනසට දිව ඔසුවන්ය. ඔබ ගැයූ ගීත වලින් මම කැමතිම ගීතයේ කොටසක් පහලින් දක්වා තිබේ.

ඔබ අප තනිකරගොස් පෙබරවාරි 16 වෙනිදට අවුරැදු 22කි. නමුත් ඔබෙන් හිස් වු ලාංකීය සිනමාවේ නළුවාගේ චරිතය තවමත් විවෘතය. මේ අවුරැදු 22 පුරාවට ඔබවන් වූ සිනෙමා වීරයෙක් තවද අපට නැත. ඔබත් සමග ලාංකීය වානිජ සිනමාව තවමත් කඩා වැටෙමින් පවතී. ඉද හිට එක එක චිත්‍රපටිද එක එක රංගධරයන් පැමිණියද නළුවා නිසා චිත්‍රපටි බලන්නට එන රසිකයන් අද නැත. ඔබ ඔවුනද ඔබත් සමග රැගෙන ගියෙදැයි මා නොදනිමි. නළුවා නිසා නැතහොත් වීරයා නිසා චිත්‍රපටි බලන්නට එන රසිකයන්ගෙන් දැන් සිනෙමා ශාලා හවුස් ෆුල් වන්නේ නැත. ඒ ඔබගේ රංග පෞර්ෂත්වයට සම කරන්න තවම රංගන ශිල්පියකු අප සිංහල සිනමාවට ආවේ නැති නිසා වෙනි. ඔබගේ අඩුව නිසා විදේශිය නළුවන් අප රටේ නිතරගයෙන් වීරයන් වී සිටී.

විජය කුමාරතුංගයානෙණි තව එක් වරක් වත් පැමිණ ලක් පොළවේ පය ගසා අපගේ වීරයා වන්න. තවමත් කඩාවැටෙමින් පවතින අපගේ වානිජ සිනමාව ගොඩගන්න උදවු කරන්න. ඔබෙන් හිස්වු සිංහල සිනෙමා වීරයාගේ චරිතය ඔබ එන තුරැ තවමත් බලාගෙන සිටී. අදට මා නවතිමි . ආයෙම ලිපියකින් ඔබ අමතන තුරැ ඔබට බුදු සරනයි.

මෙයට
ඔබට සදා ළබැදි


සහෘදයා



තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න
මගෙ රත්තරං අම්මේ
මං පඩි අරං අදහෙට එනතුරු ගමට
තිස්තුන් කෝටියක් දෙවිරැකවරණයි උඹට


(මෙම ගීතයෙ blog embed code දන්න කවුරු හරි ඉන්නවනම් මට ලබා දීමට කාරුනික වන්න)

2010/02/13

වැලන්ටයින් ට කඩේයන වානිජවාදී ආදර‍යෙන් අත්මිදෙන්න

ආහ් කට්ටියම සූදානම් වෙන්නේ වැලන්ටයින් ව සමරන්ට වගේ. ශෝක් ඔහොම යන් ඔහොම යන්. දැන් කට්ටියම මාල වලලු කරාබු පෙන්ඩන්ට් චොකලට් රෝස මල් අයි පොඩ් මොබයිල් ‍ෆෝන් එහෙම අරගෙන සූදානම් ශරීරයෙන් ඇත්තේ. ශෝක් කියන්ට තමා තියෙන්නේ. වෙන මක්කක් කියන්ටද? ම්......නැත්තෙමත් නැහැ. ඔන්න ඔහේ කියල දානවා ඕන මරදානක් වෙන්න කියලා. සිතන්නට තහන්චි නැතිමුත් ලියන්නට තහන්චි නැතිමුත් මගේ සිතිවිලි කුමක් අරබයා සගවාගෙන සිටිම්ද?

සමහරු නම් කෙල හල හල බලාගෙන ඉන්න ඇත්තේ මාස 2 ක 3 ක ඉදන්ම මේ වැලයා එනකන්. මොකද තමන්ගේ පෙම්වතාට පෙම්වතීට තමන්ගේ ආදරේ තරම පෙන්නන්න. ආදරේට තරමක් කිරුමක් මිණුමක් අවශ්‍යද එවැන්නක් කල හැකිද කියන පුශ්නයකුත් පැන නගිනවා. සහෘදයා හිතන හැටියට නම් ආදරේ මෙච්චරයි කියලා පෙන්වන්න විදිහක් නැහැ. ඒ වගේම ආදරයේ තරම ‍ඔප්පු කල යුතු හෝ පෙන්වීය යුතු දෙයක් ද නොවේ. එය හදවතින් හදවතට දැනෙන හැගෙන දෙයක් හැටියටයි සහෘදයා දකින්නේ.එය හදවතින් මොලයටත් මොලයෙන් හදවතටත් අනෙකා අනෙකා කෙරෙහි අවබෝධ කර ගත යුතු දෙයකි. එය අනෙකා අනෙකාට අවබෝධ කර දිය යුතු දෙයක් නොවේ. එසේම තමන්ගේ ආදරයේ තරම අනෙකාට අවබෝද කර දෙන්න සිදුවන්නේ නම් එතන ඒ දෙදෙනා අතර සැබෑ ආදරයක් සෙනෙහසක් පවතිනවාද දෙදෙනා කෙරෙහි සැබෑ අනෝන්‍ය අවබෝධයක් පවතිනවාද යන්න දෙවරක් සිතීය යුතු කාරනයකි.

වානිජවාදී ආදරයක් තුල සැබෑ ආදරයක් නැත. සැබෑ ආදරය ඇත්තේ සවෘන්දර්යාත්මක ආදරයක් තුලය. සැබෑ ආදරවන්තයින්ට විශේෂිත දිනයක් හෝ තෑගී බෝග අවැසි නැත. සැබෑ ආදරවන්තයින්ට ඔවුන් මුන ගැසෙන හැම තත්පරයක්ම විශේෂිත මොහොතකි. දොඩමලු වන සෑම වචනයක්ම ආදරයේ තරම පෙන්වන විශේෂිත ත්‍යාගයකි. සැබෑ ආදරවන්තයින් සැබෑ ආදරවන්තියන් අනෙකාගෙන් ත්‍යාග හෝ වානිජවාදී වටිනාකම් බලාපොරෝත්තු නොවේ. එලෙස ඉල්ලීම් නොකරයි. මේ එලබෙන වැලයාගේ දිනය හේතු කොටගෙන ඔබ ඔබගේ සවෘන්දර්යාත්මක ආදරය සැබෑ සෙනෙහස රුපියල් සත වලට අලෙවි නොකරන්න. යුරොපීය ඩොලර් මුදලාලීලාට කඩේයන මෙරට ජනමාධ්‍ය ඔබේ ඔලුවට ඔබන කුණු කන්දල් හේතු කොට ගෙන ඔබගේ පරම පිවිතුරු ආදරය චොකලට් පෙත්තකට පාවා නොදෙන්න. ඔබේ ආදරය වසරේ එක දවසකට සීමා කරන්න හදන ජනමාධ්‍යන්ට ඔබගේ ආද‍රයේ නාමයෙන් අවනත නොවන්න. ඔබ සැබෑ ආදරවන්තියක් නම් සැබෑ ආදරවන්තයෙක් නම් වානිජවාදී වැලන්ටයින් මුදලාලිව මෙරටින් පන්නන්න පෙළ ගැසෙන්න. එය කල හැක්කේ වානිජ වාදී වැල ජනමාධ්‍යන් මගින් විකුනන ආදර උපකරන මිලදී ගැනීමෙන් වැලකී සිටීමෙනි. සැබෑ ආදරණීයන්ගේ ආදර උපකරන ඇත්තේ පපු කුහර මධ්‍යයේය.

2010/02/04

ආවඩා ආයූ බෝ වේවා

Photobucket

ඔන්න කාලෙකට පස්සේ සහෘදයා ආවා. අද නිදහස් දිනය. අද මුළු ලංකාවම නිදහසේ සැබෑ සුවය අත්විදිනවා ඇති. මම එහෙම කිවුවේ මම ලංකාවේ නැති නිසා..අපි ඉපදුන දා පටන් හැම වසරකම නිදහස් උත්සවය සැමරැවත් එය නිකම්ම නිකන් නොකර බැරි දෙයක් නිසා කෙරැවා වගේ හැගීමකින්නේ අපි එය සැමරැවේ.. මොකද යටත් විජිතයෙන් අපි නිදහස් උනත් අර ගල් මූසලයා අපිට නිදහසේ යටත් විජිත වාදී නිදහසවත් සමරන්න දුන්නේ නැහැ නේ.. කොයි වෙලේ කොහේ පුපුරයිද කියලා බයෙන් නේ අපි හිටියේ.. ඒත් අද ඒ තත්වය නැහැ. අද අපි සැබෑවටම නිදහස්. සිතින් ගතින් හැම විදිහකින්ම නිදහස්. නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....නිදහස්.....හැම දෙයකින්ම අපි නිදහස්.

හු..............................නිදහස්.....නිදහස්.....කන්දක් මුදුනට නැගලා හු......කියලා කෑලහලා කියන්න ඇතිනම් මේ නිදහසේ අගේ. ඒ තරමටම අපිට දැන් සැබෑ නිදහසේ අගේ තේරෙනවා. හූ කියලා කෑගහලා හරි නිවාඩු දවසේ නිදහසේ පොඩි අඩියක් දාලා හරි සමරන නිදහසින් ඔබට ආත්ම තෘප්තියක් ලැබේවී නමුත් අමතක කරන්න එපා අපිට අවැසි විදිහකට නිදහසේ නිදහස සමරන්න ලැබුනේ තමන්ගේ නිදහසත් ඇගේ අතපය ඇට මස් ලේ නහර හා ජීවිතය බිලි දුන් අපේ සහෘදයන් රැසක් නිසා බව..

එදා ගොන්ගාලේ ගොඩ බණ්ඩලා වීර පුරන්අප්පුලා කැප්පෙටිපොළ සෙනෙවිලා ආදී වීරයනුත් අද හසලක ගාමීණිලා නීරොලා වැනී වීරයනුත් මතක් කරලා ඔවුන්ට පින් අනුමෝදන් කරන්න... ඔවුන් වෙනුවෙන් එක පහනක් පත්තු කරන්න. මතු උපදින ආත්මබවයක ඔවුන්ට අකල්මරනයන්ට ගොදුරැ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න.. මතු උපදින ආත්මයක සැබෑ නිදහසේ සැබෑ සුවය සිසිලස අත් විදින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න..


ඔබට සැබැ නිදහසේ සැබෑ සිසිළස සුවය දැනේවා.

GEETH