Showing posts with label ගීත් ගේ ගී පද. Show all posts
Showing posts with label ගීත් ගේ ගී පද. Show all posts

2016/09/19

අරාබියේ

දවස් හයයි සතියකට
සිකුරාදත් වැඩ බොහෝවිට
කුබුස් දෙකයි ප්ලේන්ටියයි වේලකට
නිර්දෝශී සිරකරුවෝ
බරපතල වැඩ සහිත

කොල පාටට තන පිටිය
                හැදුවේ දාදිය ඉහලා               
කලුපාටට රත් වැල්ලේ
කරවල වෙන තරමට ඉදලා
කටෝර දූවිල්ලෙන්
පෙනහලු මලු පුරවාලා
කොල දෙකකට පන්සීයේ
ජීවිතයම කැපකරලා

2016/09/18

අරාබියේ

ලොකු තරප්පු බුමුතුරුණූ 
රත්තරන් සෙරෙප්පු
සුදු ලෝගු කලු කසපටි
රවුල් වවපු මිනිස්සු
උස් කුලුනු දිය බුබුලු කෘතීම ගස් 
නොයන සියොත්හු
සිතුවම් ඇස් පාට දෙතොල් 
ආලේපන උලාපු ලන්දු

2016/08/07

(ප)ජාති වාදියා

උබට හුරු උබෙ යක්ෂයා
මට හොදයි මගෙ පක්ෂියා
සාමයට ලැදි පරවියා
උබද මමද ()ජාති වාදියා

 පහරව පහරව මල් ආසනේ

පාරව පාරව කකියන ලෙයේ
ආලය​ සාරව ඇති ළයේ
හොය​න
උබද මමද ()ජාති වාදියා 

පන්සලෙත් පල්ලියෙත් කෝවිලෙ

බක්තියක් නැතත් මර බියෙන් උබේ
රකින්ට මඩින්ට හදන්ට ජාතකේ
හොය​න
උබද මමද ()ජාති වාදියා

2014/06/23

රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ

හීන හීන දිග පාරේ පාරේ ඔබ පාවී පාවී ආවේ
සීත සීත රැය කීතු කීතු කර හීන තුලින් ආවේ
ආලේ ආලේ රස හීනි දෙතොල් මත ගාව ගාව දුන්නේ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ

කවු රස ගී රස නී රස වෙනතුරු ආයේ ආයේ ඇහුවේ
ලුණු රස පැනි රස පෙම් රස අභිමුව මා අමතකර ලූයේ
සිත්තර පත්තර පත් අතරේ මම පෙරල පෙරල බැලුවේ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ

හිත නැත අවනත උපනෙත අස්සෙන් ඉස්සි ඉස්සි බැලුවේ
හුස්ම ඉස්ම මගේ සින්න වෙන්න පෙර ලංව ලංව ඉන්නේ
වත්තල මත්තල පන්නල ගමකම කපුවෝ ලවා හෙවුවේ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ
රූපේ රූපේ නුඹේ පන්න පන්න මම වැලද ගන්න හැදු ඒ

2012/10/12

සමුගන්න ඕනෙ ලු



හමු වුනා 
වෙන් වුනා
අතරමගදි නොදැක බැරි වුනා
වෙන් වුනා 
කල් ගියා
කාටහටත් මතක නැති වුනා

නෙතින් කියා ලූ
ආදරේ මිහිරි ලූ
රහසේම බැදේ ලු
විදින්නම ඕනෙ ලූ

හදවතින් හඩා ලු
ආදරේ කදුළු ලූ
සමුගන්න ඕනෙ ලු
විදවන්න එපා ලූ

2012/06/17

හීන හතක් නොව දාහක් පෙනියන් නුඹ ඇත්නම් ඒකේ


සිත තුල පොපියන හැගුමන් කවි කර
කියමි සුදු කෙල්ලේ
මා ලග ඉදගෙන අහන් ඉන්නවද
පෝදා සද පානේ
සීතල හිරිකඩ ගතම වෙලෙද්දෙන්
ගානක් නෑ ආයේ
මා නුබට තුරුළු වී ගීත ගයන්නම්
කැමතිද සුදු කෙල්ලේ

හීන හතක් නොව දාහක් පෙනියන්
නුඹ ඇත්නම් ඒකේ
රෑ ඒලිවෙනකන් නොව දෑස් නැරම ඉන්නම්
බල බල ඒ හීනේ
බහින් බස් වෙලා කදුළු සලාලා
මොකටද ඒ ප්‍රේමේ
විහිලු කියාලා
සිනා සලාලා
ඉන්නම් නුඹ තුරුලේ

2011/12/01

ඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැන


ඔබ ගැන මගේ හිතේ තිබුන ආදරේ ගැන
ඔබ මිස වෙන කවුරුවත්ම දන්නෑ ඒ ගැන
ඔබ ගැන මිස හිතන්නේ නැහැ වෙන කෙකු ගැන
ඔබ මා හැර හිතන්නෙපා තව කෙකු ගැන

ඔබෙන් වෙන්ව ගෙවු සෑම තත්පරේ පවා
ඔබ නොදන්නවාට ඔබට ආදරේ කලා
ඔබෙන් ලැබුණු හාදුවේ සුව හදවතේ තියා
ඔබෙන් වෙන්ව ගියෙ දෑසේ කදුලු සගවලා

ඔබෙන් වෙන්ව හිටියත් දුර ඈතකට වෙලා
ඔබත් ඒක්ක ඉන්න ගොඩක් හීන බල බලා
ඔබෙන් ලැබුණු ඡායා රුව දිහා නෙතු හෙලා
ඔබෙන් ලෑබෙන සෙනේ විදිමි තනිව තනි වෙලා

2011/11/26

සද අද තනි වී


නිම් නැති අහසේ
සද අද තනි වී
තරුවක් නැති වී
සෙවුවා අහසේ
සෙවුවත් අහ....සේ..........
තරුවක් ගා....නේ...........
මා ළග උන් ඒ
තා..රු
කුමරී නැහැ නේ

සද ළග උන්.......... තරු කුමරී.....
සද වෙනුවෙන්...... උන් කුමරී.....
සද අතහැර............ ගිය කුමරී.....
සද හැඩුවා...... .....මයේ කුමරී.....

සද නැති නම්....... මා නැතිවා.....
සද විතරයි......... මයේ කුමරා.....
සද තුරුලේ.............. කී ඒවා.....
සද නැහැ අම.......තක කරලා.....

2011/10/18

කන්ද උඩරට


කන්ද උඩරටින් සැලේවී වගේ පිනි මුතු
කඩා හැලෙන දිය සළු වැනි සීත පිනි බිදු
තෙමා නහවා නංවා කය සීත හිරි ගඩු
නිවා ගිමන තවා ලමැද කරයි සිත් තුටූ

ගැටබේ බෝධිමළුවේ සිලි සිලිය පරයන
හෝ හඩ දී ගලා ඇදෙන නදිය අසබඩ
මල් පියවිලි මතින් හමන සුවද අරගෙන
සරසවි සමනලියන් වෙයි සිනා පුරෝන

එකපිට එක බීදී නැගෙන නීල රළ පෙල
රොබරෝසීයා මල් සිබගෙන ඉවුරට ඇදෙන
බෝගම්බර වැවට එපිට දිස්නෙන් දිලෙන
රන් සිවිගෙය දලදා හිමි වැඩ වාසය කරන

2011/09/17

කාලෙකට පසු ආලේ මෝරා

මං ලගට වෙලා බොලද කථා
කියාපු කෙල්ලේ
දැන් නැහැනේ ඇයි නැත්තේ
ඔයාගේ සද්දේ‍


යන්න අනේ චාටු කථා
කියාන එන්නේ
මම දන්නවා පොල් පැලේට
කියලා එන්නේ


ඇයි අම්මේ මගේ මැණිකේ
ඔහොම කියාන්නේ
චුට්ටක් හරි ඔයිට වඩා
දෙන්නකෝ ආලේ


කැරකි කැරකි මගේ වටේම
වගේනේනේ පූසා
මොකද මන්ද කාලෙකට පසු
ආලේ මෝරා


පුන් සද වන් මගෙ මැනිකේ
ගමටම සිරියා
රෑසිරි නුබේ තාමත් නැත
ගිහින්නේ මැකිලා


මගෙ අම්මේ මෙහෙමත් බොරු
ගොතනා මිනිහා
මේච්චර කල් රෑ සිරැ මගේ
නොකීවු කොටියා


සූකිරි කැටේ වගේ තාම
පාසල් කාලේ
මතක් වෙනවා නියර දිගේ
ආගිය තාලේ


හොර නරියා මග රැකලා
ලීලේ පාලා
සීල් බිදලා දොරගුල් හැර
ආවා පෝදා


2011/01/25

මා පැතූ මෘදු ආදරේ

මලක සුවද හදට කොදුරලා
කියන්න හදන රහස නොම දැනා
නොයිදුල් හද සුවද ඉල්ලලා
දුක් විදිනවා ඒ මල පතලා


මා පැතූ ............
මෘදු ආදරේ...........
නුඹ කෙරෙන් .........
විතරයි ලදේ........
මා පැතූ .............
මෘදු ආදරේ


නිල් විලේ .........
පිපි කුසුමියේ..........
හැඩ කරන් ........
හදසුන මගේ..........
නිල් විලේ ............
පිපි කුසුමියේ

2010/12/22

මත් බබරෙක් කාහටවත් වගක් නැති විය



මල් මල් මල් සල් මල් වැල් මල් වියන් විය
රුං රුං කියා මලින් මලට ගී කියා ගිය
තටු සිදිලා හති වැටිලා වැහැරිලා ගිය
මත් බබරෙක් කාහටවත් වගක් නැති විය

ගහක් වසා පිපීලා සුදුපාට අරලියා
සුවද ඇවිත් වද දෙනවා එන්නම කියා
සිතට මගේ බයයි වගේ බලමි දුරතියා
දෑසින් මිස දෑතින් නොල්ලමී සොබා

නෙක නෙක මල් හැඩට පිපී යාය පුරාම
සුන්දර මල් නෙතට ගැටෙයි ඈත තියාම
ලස්සන බබරැන් ලං වෙයි විහිළු කරාන
මොන විහිළුද මම යන්නෙමි අහක බලාන

2010/11/22

සුරත් දිමුතු නෙලුම් වගෙයි මගෙ බිසව

සබද පසිදු පෙරබර දිග වඩින කල
පංචම තඹර පිපුණා සොද හැඩ රුවට
නිල්දියවර සිප එන බොද මීදුමට
නෙලුම් නෙලන්නට බහිමුද නිල් දියට


සුරත් දිමුතු නෙලුම් වගෙයි මගෙ බිසව
දුක සිතුනා සිපගන්නට නිමල් මුව
දියබට කිදුරියේ නොකරන් ලමුව කෙලැ
සැඩෝල් ලියව සගවා ගයි නෙලුම් විල


විදිවිහිගුම් බිගු කැල අර ගයන කව
සියපතක ලියමි දනිත් නම් ඒ බඹර කුර
පංචම තඹර එක් කෙමියක් මතට ගෙන
මනරම් මල් දමක් කරමි නුඹේ ගෙලට


2010/11/01

නුඹට දුන්නු සිත යලි ගන්නට බැහැ

නුඹට දුන්නු සිත යලි ගන්නට බැහැ
ඒකයි මගේ ඇත්ත
දුරක් ආව නුඹ වෙනතක ගිය බව
පිළිගන්නේ කෝම
කොපමන හිතුවත් නොහිතෙන එක දෙය
අමතක කරවීම
නුඹ ගැන මතකය දින දින දළු ලයි
වැටහෙන් නෑ කරුන

හීන ගොඩක් ලග මම අද තනියම
කවුරුත් නැහැ තාම
වසරින් වසරට වයසට ගියමුත්
හිත තාමත් එතන

කදුළුත් වියැළුනු දෙනෙතේ සරනා
ඔය රුවමයි තාම
හීනෙන් හීනෙට ලගටම ආ මුත්
කිසිවක් නෑ ඇත්ත

2010/10/25

හැමදාටම නුඹ මට දෙවියෙකි දෙවියන් හට


අමිල නිවන මා හට
පා යුග ලග සුරලොව
පියතුම නුඹේ පුතු මම
ගයෙනෙමි පිය ගුණ ගැන

නපුරු දුදන දන ලග
මුලා නොවී කතරක
ණැනස නුවණ පෙරමුන
ලැබුනේ නුඹ ගෙන් මට

ලොවුතුරු සම්බුදු ගුණ
සිහි කැදවන නුඹේ හද
හැමදාටම නුඹ මට
දෙවියෙකි දෙවියන් හට





2010/10/10

සල් මල් තරමට පිං මද මේ මල්



බිම්මල් පිපිලා පිල්කඩ අයිනේ
ඊයේ වට වරුසා වැස්සේ
සල් මල් තරමට පිං මද මේ මල්
කුස්සියේ මැටි වලදේ සැතපේ


උපතින් නොලැබුණු සුවද සොයාගෙන
තුනපහ අතරේ දැවටේ
දාහය දාරාන සියුමැලි සුදු පෙති
හැන්දට ඕනා විදිහට රගතේ


සුවදයි සුවදයි කියාන නෙතගේ
කෑදර බැලුම් හෙලාය මේසේ
බුදු පාමුල මලසුන ඉඩ නැති
බිම් මල් බෝජනසුන මත්තේ නිම වේ